ලංකාවේ අප්‍රිකානු සම්බවය. කාපිරි
එළකිරි එකේ යාළුවොන්ගේ දැනුම වැඩි කරන්න, මම හිතුව online research එකක් කරන්න ලංකාවේ කාපිරි ජනතාව ගැන, දැන් උඹල බලනවා ඇති යකෝ ලංකාවේ කොහෙද කපිරියෝ කියල.
නැහැ නෙමේ ඉන්නවා. මොවුන් ඉන්නේ ලංකාවේ පුත්තලම රම්බිඅඩිය ගම පදනම් කරගෙන ඉතින් මොවුන් ගේ අතීතය එම සරල ජිවන රටාව ගැන කියන thread එකයි මේ.
අප්‍රිකානු ජන අනන්‍යතාවක් සහිත මෙම ජන කොට්ඨාසය පෘතුගීසි සමයේදී ලංකාවට පැමිණ ඇති බවට සැලකේ. මොසැම්බික් දූපත, උගන්ඩා, මැඩගස්කර්වලින්ද කාපිරි ජාතිකයන් දෙදහසක් පමණ ලංකාවට පැමිණ තිබේ. මොවුන් හමුදා සේවයට අමතරව ප්‍රභූ පවුල්වල මෙහෙකාර සේවයේද යෙදී සිට ඇත.
එදා කාපිරි ජනතාව ගෙනල්ල තියා ගත්ත දුපත තාම කොළඹ Slave Island කියන්නේ
1796 දී ලන්දේසීන් ලංකාව යටත් කර ගැනීමෙන් පසුව කාපිරි ජනයා සිරකරුවන් බලා ගැනීම, කච්ෙච්රිවල පහළ රැකියා, තැපැල්මලු රැගෙන දිවීම, සුද්දන්ට පවන් සැලීම යන රාජකාරී සිදුකොට තිබේ.
බ්‍රිතාන්‍ය පාලන සමයේදී තුන්වන රයිෆල් බලකාය මුළුමනින්ම කාපිරි ජන කොටසින් සැදුම්ලන්නට වූ අතර කොළඹ, ගන්නෝරුව පරංගි හටනේදී පෘතුගීසි හමුදාවේ සේවය කළ කාපිරි භටයෙකු රාජසිංහ රජුගේ හිස් වැස්ම පසාරු කර ගෙන යැම සඳහා වෙඩිල්ලක් තබා ඇති බවට ජනප්රවාදයේ පැවත එයි.
නුවර මහා මාර්ගය තැනීමේදී ද මෙම ජන කොටසේ දායකත්වය ඉමහත්ය.
යුද සමය නිමාවීමත් සමඟ පුත්තලමේ ඉංග්‍රීසි බලකොටුව වසා දමන ලදී. අනතුරුව ලුණු ලේවායේ අවට කැලෑබද ප්‍රදේශ ආශ්‍රිතකොට ගෙන මෙම ජන කණ්ඩායම ජීවත්වූහ.
මේ අතර දෙවන ලෝක මහා යුද්දේ වෙලාවේ වෙනම කපිරි හමුදාවක් ඉඳල තියෙනවා. මන් වේ vedio එක හොයාගත්තේ අහම්බෙන්, මන් හිතන්නේ ලංකාවේ මීට කලින් ක්වූරුවත් මේක දැකල නැතුව ඇති.
මේ ලින්ක් එකට ගිහින් බලන්න
http://www.colonialfilm.org.uk/node/180
ජපානේ ලංකාවට බෝම්බ දමන ගුවන්යානා වනසන්නට කාපිරි හමුදාව සුදානම්ව
1945 දී වහල් සේවය තහනම් කිරීමත් සමගින් කාපිරි ජනයා බොහෝ දෙනා නැවත මව් රටට ගිය අතර ඉතිරි පිරිස් පුත්තලම, කොළඹ, මඩකලපුව, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල අදටත් සුළු වශයෙන් ජීවත් වෙති.
කාපිරි ජනයා වැඩි ප්‍රමාණයක් රැකියා නොකරන අතර ලුණු ලේවායේ. බැංකු, රෝහල්වල, මේසන් වැඩ වැනි වෘත්තීන්වල සුළු පිරිසක් සේවයේ යෙදී සිටිති. වැඩි ප්‍රමාණයක් තවමත් පොල් කැඩීම, පොල් අතු විවීම, කුලී වැඩ, කොහුමෝල්වල වැඩට යැම වැනි වැඩවල නිරතව සිටිති.
සිරම්බිඅඩියේ කාපිරි ජනයාට විශේෂිත වූ සංස්කෘතියක් ඇත. එය පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, සිංහල මිශ්‍ර වූ සංස්කෘතියකි.
නවීන සමාජ රටාව සහ මිශ්‍ර විවාහ සමඟ කාපිරි ජන සමාජ රටාව මුසුවීම හරහා ජන අනන්‍යතාවය අද වනවිට ටික ටික අඩුවෙමින් පවතී.
Thread එක එල නම් දැනුමක් ලබා ගත්තා නම් කර්මේ click කරලා අපිටත් සලකල යන්න .

Last edited:

) වගේ රටවලින් ලංකාවට වෙලඳාමේ ආපු අයත් ඉන්න ඇති. ඒවගේම අරාබි වෙලෙන්දන්ගෙ වහල්ලු වෙලා ආපු මිනිස්සු ගොඩක් හිටිය වෙන්නත් පුලුවන්.