ලංකාවේ ඉන්දීය ව්‍යාපෘති සදහා චීනය බලපෑම් කරන බවට ඉන්දියාව චෝදනා කරයි..

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113

    :lol:

    ලංකාවේ ඉන්දීය ව්‍යාපෘති සදහා චීනය බලපෑම් කරන බවට ඉන්දියාව චෝදනා කරයි.

    නැගෙනහිර පර්යන්ත ගනුදෙනුව සම්බන්ධයෙන් පැන නැගී තිබෙන

    විරෝධතාවයත් චීන බුද්ධි මෙහෙයුමක් ලූ.

    නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මීට පෙර ඉදිරිපත් ව තිබුණු යෝජනාව බව සදහන් වන, ජපානය සහ ඉන්දියාව සමග වරාය අධිකාරිය පිහිටුවන නව සමාගමක් පිළිබදව කතාන්දරය, චීනය විසින් ගොතන ලද්දක් බවත්, චීනය එම කතාව ගොතා ඇත්තේ, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමක් සමග සංවර්ධන කිරීමේ ව්‍යාපෘතියට එරෙහි ජනතා විරෝධය කුළු ගැන්වීම සදහා බවත් ඉන්දීය රජය විශ්වාස කරන බව පැවසේ.

    ඉන්දීය විදේශකටයුතු අමාත්‍යවරයාගේ ලංකා සංචාරයේ මූලික අරමුණ වී ඇත්තේ, වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව හැකි ඉක්මනින් නිරාකරණය කැර ගැනීම බවත්, ඉතා කෙටි දැනුම්දීමකින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට පැමිණියේ ඒ සදහා බවත් වාර්තා වේ.

    මෙම සංචාරයේ දී, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ත‍්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය පිළිබදවද සාකච්ඡුා කර ඇති අතර, වෙනත් කිසිවෙකු හට තෙල් ටැංකි ලබා නොදෙන ලෙස ලංකා රජයට දැනුම් දී ඇති බවද පැවසේ.

    ලංකාව තුළ දියත්කිරීමට නියමිත ඉන්දීය ව්‍යාපෘති මන්දගාමී වීම පිළිබදව ඉන්දියාව කණස්සල්ලෙන් සිටින බව ද වාර්තා වේ.

    https://www.headlinenews.lk/ලංකාවේ-ඉන්දීය-ව්‍යාපෘති/
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    Balapanko apita tiyena adare
    ඉන්දියාවට මාර හදිස්සියක් තියෙන්නෙ..උන් දන්නනව ඕකෙ වටිනාකම..😅
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    ඉන්දියාවට මාර හදිස්සියක් තියෙන්නෙ..උන් දන්නනව ඕකෙ වටිනාකම..😅
    Unta depressionuth hedila lankawa develop slow hinda
     
    • Haha
    Reactions: dxx

    Similar threads