ලංකාවේ ඉන්ධන මිල අද හෙට වැඩි වෙයිද ? ? ?

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ලංකාවේ ඉන්ධන මිල අද හෙට වැඩි වෙයිද ? ? ?

මම අද දිවයින පත්තරේ කියෙවුවා ජනාධිපතිතුමා කැබිනට් සාකච්චාවේදී මෙහෙම කියලා තියනවා

"ඊළඟට ජනාධිපතිවරයා තවත් වැදගත් කරුණක්‌ ගැන අවධානය යොමු කළේය. ඔහු කීවේ ඇමරිකාව හා ඉරානය අතර පවතින මේ ප්‍රශ්නය තව තවත් මුහුකුරා ගියහොත් සූවස්‌ ඇළ ඔස්‌සේ කරන තෙල් ප්‍රවාහනය නතර වී බොර තෙල් බැරලය ඩොලර් 300 ක්‌ දක්‌වා ඉහළ යා හැකි බවය"

උපුටා ගැනීම - http://www.divaina.com/2012/01/15/politics03.html

මෙන්න අද News sites වල තියනවා මෙහෙම

*** ඉරානයෙන් තෙල් එපා-අමෙරිකාවෙන් දැනුම්දීමක් ***

ඉරානයෙන් තෙල් මිල දී ගැනීමෙන් වැළකී සිටින ලෙස අමෙරිකා එක්සත් ජනපදය ‍ප්‍රමුඛ බටහිර රටවල් ලොව පුරා සියලු රටවලට දැනුම් දී තිබේ.

ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙලට විරෝධය පළකිරීම එහි අරමුණ බව කියැවෙයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට ද එම දැනුම් දීම සිදු කර ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව කළ විමසීමක දී ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා කියා සිටියේ ඉන්ධන ආනයනය සඳහා ඇති විකල්ප කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.

ශ්‍රී ලංකාවද තෙල් ආනයනය කරන ප්‍රධාන රට වන්නේ ඉරානයයි.

1960 දශකයේ පමණ ස්ථාපිත සපුගස්කන්ද තෙල් පිරිපහදුව මඟින් පිරිපහදුවට ලක් කළ හැකි බොරතෙල් ලබා ගත හැක්කේ ඉරානය සහ සෞදි අරාබියෙන් පමණක් වීම විශේෂත්වයකි.

අදාළ පිරිපහදුව මඟින් සෙසු රටවලින් ලබා ගන්නා බොර තෙල් පිරිසිදු කිරීමේ හැකියාව පහල මට්ටමක පවතියි.

කෙසේ වුව ද ඉදිරියේ දී ඕමානය සහ කටාර් වැනි රාජ්‍යයන් වලින් බොරතෙල් ආනයනය පිළිබඳ අවධානය යොමු කරන බව විෂය භාර අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.



උපුටා ගැනීම -
http://sinhala.adaderana.lk/news.php?nid=21388

අන්තිමට ඇමරිකන් ඉරාන යුද්දෙනුත් අපිටම කෙල වෙයිද ? ? ? :baffled::baffled::baffled::baffled:
 

Classicsha

Member
Aug 14, 2007
122
14
0
Watford
මචෝ ඉරානයෙන් තෙල් අපි ගත්තේ නැත්නම් කන්න දීපු අත සපා කෑම ක් නේද ?:shocked:


ආණ්ඩුව කන්න දීපු අත සපා කෑමේ සූදානමක්
ඇමරිකාවට බයේ ඉරානයට ආණ්ඩුවේ නපුන්සක මුහණ පෙන්නයි!!



http://www.elakiri.com/forum/showthread.php?t=1309370