ලංකාවේ උන්ගෙන් ආදායම් ගැන අහනකොට

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ලංකාවේ උන්ගෙන් ආදායම් ගැන අහනකොට හරි ගානක් කියන්නේ නැහැ නේද බන්?

    ගොඩක් උන් කියන්නේ උන්ගේ බේසික් සැලරි එක විතරයි. බේසික් එක කියා කියා අඬනවා. අපි හිතනවා මූ ඒ ගානෙන් කොහොම ඉන්නවද කියල.

    ලඟදි එකෙක්ගෙන් ආදායම ඇහුව. ඌ කියනවා 45,000 විතර ලු. ළමයෙකුත් ඉන්නවා, ගෑනි රස්සාවක් කරන්නෙත් නැල්ලු. හැබැයි දිගටම ප්‍රශ්න අහනකොට තමයි විස්තර එලියට එන්නේ.

    1) ඌට 10,000 ක අලවන්ස් එකක් සෙට් වෙනවලු.

    2) හැම මාසෙම වගේ 20,000-30,000 වෙනකන් OT කරනවලු.

    3) අවුරුද්දේ අන්තිමට මාස 1-2 ක බෝනස් සෙට් වෙනවලු.

    4) උගේ ගෙදර අනෙක්ස් කාමරයක් තියෙනවා. එකෙක් නවත්තගෙන ඉන්නවලු. 20,000 හම්බෙනවලු මාසෙට.

    5) උන්ගේ ගමේ පොඩි තේ අක්කර දෙකක් වගේ තියෙනවලු. උගේ මල්ලිලා කරන්නේ, පොරටත් කොටසක් එනවලු.

    6) පොරගේ ගෑනි වෙඩින් කේක් ස්ට්‍රක්චර් හදන බිස්නස් එකක් ගෙදර ඉඳන් කරනවලු.

    7) FD තියෙනවලු ලක්ෂ 40 ක විතර ගමේ තිබ්බ ඉඩමක් විකුනලා හම්බෙච්ච සල්ලියක්. මේ දවස්වල මේකේ පොලියම එනවා ඇති 50,000 ට එහා.

    8) ඔව් මූ රජේට සම්බන්ද තැනක වැඩ කරන්නේ. ජරාවත් ගන්නවා ඇති ලෙසටම.

    බැලින්නම් පට්ට සල්ලියක් හොයන්නේ, හැබැයි නාහෙන් අඬනවා.
     

    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    තමන්ට තිබෙන මුදල්, මුදල් ලැබෙන මාර්ග බුද්ධිමත් ලෙස කළමනාකරණය කිසිසේත්ම ලැජ්ජා විය යුතු දෙයක් නෙවෙයි. එහෙම අයට නිග්‍රහ කරනවා වෙනුවට තමන්ට පුළුවන් එයාලාගෙන් අ‍ාදර්ශයක් ගන්න. එහෙම නේද? 😊
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    අහවල් එකටද අනුන්ගේ ආදායම් අහන්න යන්නේ.
    අනේ මන්දා උඹලත්..
     
    • Love
    Reactions: HAneo

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    ගොඩක් උන් එහෙම තමා. බෙසික් එක කියලා බොරුවට අඩන්නේ. තියෙනවා කිව්වොත් උදව් ඉල්ලනවනේ.

    ඔය වගෙම තමා රට ඉන්න උනුත්. හැමදාම ඇහුවොත් කට්ට කනවා, නින්දක් නැ, දුක් විදිනවා කියනවා ලන්කාවට එනවා ලන්කාවට එනවා කියනවා අවුරුදු 3න 4ක ඉදන්ම එත් එන්නේ නැ.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,141
    5,017
    113
    -In Darkness-
    ඕවා මේකේ කියාගෙන එන්න එපා. මේකේ නාහෙන් අඬන එවුන් නෑ. ඔක්කොම අවම මාසෙට ලක්ෂ 4,5 හොයන එවුන්. මම දැක්කා එකෙක් ලක්ෂ 2 පඩියකට ජොබකට යන්න අහද්දි 4ක් වත් නැත්තම් යන්න එපා කියලා තියෙනවා ලක්ෂ 2න් ලංකාවේ හැරෙන්නවත් බෑ කියලා. :yes: :yes:
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    එකෙක්වත් කැමති නෑ බන් හරි ආදායම වෙන උන්ට කියන්න
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    අහන කෙනාට ණයක් එහෙම දෙන්න නෙවේ නම්, අදායම් බදු එකෙනුත් නෙවේ නම්, කසාදයක් කරගන්න යන්නෙත් නැත්නම් ඔය ප්‍රශ්න අහන්න එපා. ඕවා ගොඩක්ම අහන්නෙ මාන්නෙ තියෙන අය.

    ලක්ෂයක් හොයන කෙනෙක් තව කෙනෙක්ගෙන් ආදායම අහලා ඌ,
    ලක්ශ 2ක් කිව්වොත් තමන් ගැන හීන මානයක් ඇති කරගන්නවා. අරූ පොරක් විදිහට තමයි දකින්නෙ.
    අසූදාහයි කිව්වොත්, තමන් ගැන අධි මාන්නයක් ඇති කරගන්නවා. අරූව දෙකේ කොලේට දාලා කතා කරන්නෙ.
    ලක්ෂයක්ම කිව්වොත්, අපි අපි සමානයි කියලා සෙයියමානෙන් හැසිරෙනවා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,161
    34,770
    113
    සල්ලි තිබ්බත් නැති වාදමෙන් තමයි ඉන්න ඕනේ. නැත්තං හැත්ත බුරුත්ත ඔක්කොම එනවා ණයට කීයක් හරි ඉල්ලගෙන පොල්ල තියලා යන්න.