ලංකාවේ කොරොනා රෝගීන් 15 පනී.

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ලංකාවේ කොරොනා රෝගීන් 15 පනී.

    කොරෝනා බවට සැක 15දෙනෙක් ලංකාවේ රෝහල්වල


    (රංජන් කස්තුරි)

    මේ වනවිට දිවයින පුරා රෝහල් කිහිපයක කොරෝනා රෝග ලක්ෂණ බවට සැක රෝගීන් 15 දෙනෙකු සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

    අංගොඩ අයි.ඩී.එච්. උණ රෝහලේ රෝගීන් තිදෙනෙකු, කුරුණෑගල රෝහලේ දෙදෙනෙකු, මහනුවර රෝහලේ රෝගීන් සිව්දෙනෙකු, මීගමුව රෝහලේ දෙදෙනෙකු, රාගම, ගම්පහ, බදුල්ල සහ යාපනය යන රෝහල්වල එක් රෝගියකු බැගින්ද වනසේ මෙම රෝගීන් සිටින බව අනිල් ජාසිංහ මහතා කීවේය.

    චීන ජාතිකයන් වැඩි වශයෙන් ගැවසෙන කොළඹ, දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා ඔවුන් පිළිබඳව දැඩිව නිරීක්ෂණය කරන බවද ඔහු පැවසීය.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,787
    113
    මාලඹේ
    මේ හෙඩින් එක
    ලංකාවේ කොරොනා රෝගීන් 15 පනී.
    මේ content එක
    කොරෝනා බවට සැක 15දෙනෙක් ලංකාවේ රෝහල්වල
    මෙන්න ඇත්ත කථාව
    මේ වනවිට දිවයින පුරා රෝහල් කිහිපයක කොරෝනා රෝග ලක්ෂණ බවට සැක රෝගීන් 15
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    Good Explanation

    කොරොනා කියන්නේ ඩෙංගු නෙවෙයි.කොරොනා කියන්නේ ජෝක් එකක් නෙවෙයි.ඒක නිසා කොරොනා තියෙනවා කියල සැක හිතෙන අයත් කොරෝනා රෝගීන් ලෙසම සලකා ක්‍රියා කල යුතුයි.කොරොනා විදිහටම ගත යුතුයි.මොකද මේක සෙල්ලම් කරන්න පුලුවන් රෝගයක් නෙවෙයි.මේක දරුනු වසංගතයක්.මම හිතන්නේ දැනට දරුනුතම වසංගතය වසර පන්සීයකට පස්සේ,ඔය explanation එක වෙන ඩෙංගු සහ අනික් වෛරස් රෝග වලට අදාල උනාට කොරොනා වලට අදාල වෙන්නේම නෑ.ඒකයි චීනය අර්ථිකය බල්ලට දාලා මුලු වුහාන් ප්‍රාන්තයම ලොක් අප් කරේ.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කොරොනා කියන්නේ ඩෙංගු නෙවෙයි.කොරොනා කියන්නේ ජෝක් එකක් නෙවෙයි.ඒක නිසා කොරොනා තියෙනවා කියල සැක හිතෙන අයත් කොරෝනා රෝගීන් ලෙසම සලකා ක්‍රියා කල යුතුයි.කොරොනා විදිහටම ගත යුතුයි.මොකද මේක සෙල්ලම් කරන්න පුලුවන් රෝගයක් නෙවෙයි.මේක දරුනු වසංගතයක්.මම හිතන්නේ දැනට දරුනුතම වසංගතය වසර පන්සීයකට පස්සේ,ඔය explanation එක වෙන ඩෙංගු සහ අනික් වෛරස් රෝග වලට අදාල උනාට කොරොනා වලට අදාල වෙන්නේම නෑ.ඒකයි චීනය අර්ථිකය බල්ලට දාලා මුලු වුහාන් ප්‍රාන්තයම ලොක් අප් කරේ.


    methanadi uba kiyana de hri..
    meka sellamak newe..
    hadunoth nm api sadahatama iwarai...

    eka pita eka marila yai...
    e nisa gon part noda meke awadanama gana
    hithala wada kala yuthui...


    ehema bari nam Simply e ape awasanawa...
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    වයිසරය ගැන පළමුව අනතුරු ඇඟවූ වෛද්‍යවරයාවත් කොරෝනා බිලි ගනී


    කොරෝනා වයිසරසය සම්බන්ධයෙන් පළමුව අනතුරු ඇඟවූ චීන වෛද්‍යවරයකු රෝග ආසාධනය වී අද(07) මියගියේය.

    34 හැවිරිදි ලී වෙන්ලියෑන් නම් එම වෛද්‍යවරයා අක්ෂි වෛද්‍යවරයෙකි.



    වෛද්‍ය ලී, පසුගිය දෙසැම්බරයේ 30 වැනි දින වූහාන්වල සිටින සගයන් වෙත වයිරසය සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබූ අතර, පසුව එසේ පැවසූ 8දෙනෙකු පොලිසිය විසින් බොරු ඕපාදූප ප්‍රචාරය කරන බව පවසා පොලිසියට කැඳවනු ලැබිණි. පසුව එම වෛද්‍යවරයා වයිසරය වැළඳුණු එක් රෝගියකුට ප්‍රතිකාර කරමින් ඒ බව තහවුරු කර තිබිණි.

    එම වෛද්‍යවරයා වීරයකු ලෙස සලකන බවද, චීන රජය වයිරසය පාලනය කිරීමට දරන මෙහෙයුම සම්බන්ධයෙන් සිය ආවේගය ප්‍රකාශ කරන බවද වූහාන්හි පිහිටි ප්‍රධාන රෝහල නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේය.

    'ඔහු අපට වීරයෙක්. ඔහු අපිට කොරෝනා ගැන අනතුරු ඇඟෙව්වා' යැයි වූහාන්හි ඔහුගේ සහෝදර වෛද්‍යවරයක් පැවසීය.

    'මහජන මුදල්වලින් ජීවත්වෙන පුෂ්ටිමත් නිලධාරීන් හිම කුණාටුවකින්වත් මැරෙන්න ඕනෙ' යැයි ඇතැම් පිරිස් ඇතැම් චීන බලධාරීන් මේ සම්බන්ධයෙන් කිසි අවධානයක් නොදීම ගැන අදහස් දක්වා තිබිණි.

    වයිරසයට ප්‍රතිකාර කිරීම සඳහා සිටින ප්‍රධාන වෛද්‍ය කණ්ඩායමේ සාමාජිකයකු වන මෙම වෛද්‍යවරයා මිය යාම වයිරසයේ පැතිරයාම සම්බන්ධයෙන්ද, වූහාන්වල වෛද්‍ය උපකරණ හිඟ රෝහල් සම්බන්ධයෙන් ද රතු එළියක් දල්වයි.



    චීනයේ වයිසරයට ප්‍රතිකාර කිරීමෙහි යෙදී සිටින බොහෝ වෛද්‍යො කණ්ඩායම් මේ වනවිට අධික වෙහෙසට පත්ව සිටින අතර ප්‍රමාණවත් තරම් මුඛ ආවරණ ඇතුළු සෞඛ්‍ය උපකරණ නොමැතිව පසුවෙති.

    ලෝක සෞඛ්‍ය සංවිධානය ද වෛද්‍ය ලීගේ මරණය සම්බන්ධයෙන් ශෝකය පළ කර තිබේ.

    ඊයේ දිනයේදී ද චීනයේ හුනාන් ප්‍රාන්තයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ඒකකයේ සොන් යින්ජියේ නමැති 27 හැවිරිදි වෛද්‍යවරයා අඛණ්ඩව රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙහි යෙදී සිටීම හේතුවෙන් හෘදයාබාධයකින් මියගියේය.
     

    Similar threads