ලංකාවේ කොල්ලෙක් රටේ නම තියයි
ඕස්ට්‍රේලියාවේදී ඉන්දීය තරුණියක දූෂණය කර මරාදැමූ ලාංකිකයෙකු කොටුවෙයි
2011 මාර්තු 14 වෙනි සදුදා, 19:31 Sri Lanka Mirror Editor
ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන කටයුතුවල නිරත 24 හැවිරිදි ඉන්දීය ජාතික ශිෂ්‍යාවක දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාව මත ඕස්ට්‍රේලියාවේ වෙසෙන 19 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ට්රෝෂා තක්කර් නම් එම තරුණියගේ මළ සිරුර පසුගිය සිකුරාදා සිඩ්නිනුවර මෙඩෝ බෑන්ක් උද්‍යානය අසල ඇළමාර්ගයක තිබී සොයා ගෙන තිබුණි. සැකකරු විසින් මෙම තරුණිය ඝාතනය කර, ඇයගේ සිරුරෙහි කොටස් සිඩ්නි නගරයේ උද්‍යානයක ඇළකට දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති පුද්ගලයා ඕස්ට්‍රේලියානු ශ්‍රී ලාංකිකයෙකු වන ඩැනියෙල් ස්තානි රෙජිනොල්ඩ් වේ.
තරුණියගේ නිවසෙහි මෙහෙකාරිය නිවසින් පිටතට ගමන් කරන තෙක් රැඳී සිට සැකකාර තරුණයා විසින් ඇයව දූෂණය කොට ඝාතනයට කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
ට්රෝෂා තක්කර් තරුණිය ඝාතනයට ලක්ව ඇත්තේ පසුගිය බදාදා වන අතර සැකකාර පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය සිකුරාදා දිනයේදීය.
තක්කර්ගේ දෙමාපියන් තවමත් ඕස්ට්‍රේලියාවට පැමිණීමට තීරණය කර නොමැති නමුත් ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හින්දු චරිත්රානුකූලව සිදු කිරීම සඳහා එම දේහය ඉන්දියාවට යැවීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු සූදානම් කරමින් සිටී. ඝාතනයට ලක්වූ තරුණිය ඕස්ට්‍රේලියාවේ ගණකාධිකරණය පිළිබඳව අධ්‍යාපනය ලබමින් සිට ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
!
අවසන් යාවත්කාලීන කිරීම ( 2011 මාර්තු 14 වෙනි සදුදා, 23:45 )