ලංකාවේ චිත්‍රපට කර්මාන්තයට විකල්ප

dkumara855

Member
Feb 28, 2009
53
4
0
මුලින්ම දේශපාලන පැත්තකින් තියල කුහක නොවී මේක සාකච්චා කරන්ඩ ඕනේ.
මට තේරෙන විදියටනම් බ්‍රෝ, මේ ෆිඑල්ඩ් එකේ වර්ග දෙකක් ඉන්නවා. එක සෙට් එකක් හිතට එකගව කළා නිර්මාණ වලට උපරිම සාදාරණයක් කරන්ඩ බලන සෙට් එක. උදාහරණයක් ගත්තොත් ජයන්ත චන්ද්‍රසිරි (ගරිල්ලා මාර්කටිං, අග්නිදාහය, සමනල සන්ද්වනිය, මහරජ ගැමුණු...).
දෙවෙනි සෙට් එක මුදලාලි සෙට් එක. මුන් තමා කලාව කන්නේ. අඩුවට ෆිල්ම් එකක් ගහනවා (20% වගේ cost). පොඩ්ඩක් වැඩියෙන් මාර්කටිං පාරක් දෙනවා. ෆිල්ම් එකේ මෙලෝ හරයක් නෑ. සමහර ඊවයේ cam එක moove කරන්නේ තනිකර අතින්. ඔහේ පැද්දෙනවා. එක්කෝ පොඩි එඋන් ටිකක් පෙන්නලා ළමා කියනවා. නැත්තන් comedi කියනවා. එහෙමත් නැත්තන් ගැනියෙක්ගේ රෙද්දක් ගලවලා පෙන්නනවා. තියෙන රැල්ලට ෆිල්ම් එක ගහල ගාන කපාගන්නවා. ෆීල්ඩ් එක කනවා. නියම කලාකාරයන්ටත් මුන් නිසා ෂොට් එක වදිනවා. ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩ් එක බස්සනවා.

මේ case එකේදී කරන්ඩ පුළුවන් පුළුල් ජනතා මතයක් හදන එක සහ සමාජය දැනුවත් කරන එක. රස්සවින්දනයට ජනතාව හුරුකිරීම හා පෙලබවීම. මොකද ඉල්ලුම අනුවනේ සැපයුම තියෙන්නේ.

වෙලාවක් තියේනම් මේ ෆිල්ම් දිහා පොඩ්ඩක් බලන්න. සෑහෙන තත්වයක් තියෙනවා.

https://youtu.be/8Jc0lUcm9Sc
https://youtu.be/dnXTVRfWhHg
 
Last edited:
  • Like
Reactions: Hayao

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ලංකාවේ කලාත්මක චිත්‍රපටි හැදෙනවා.. ඒත් කොමර්ෂල් වැලියු එකක් නෑ.. හේතුව රසාත්මික තාවය තියන බහුතරයක් අය සිනමා ශාලාවෙන් අයින්වෙලා.. නමුත් කොමඩි තාම මාර්කට්..

    අද්යක්ෂකවරු බයයි අනවශ්‍ය විදිහට වියදම් කරන්න. මොකද එච්චර ප්‍රේක්ෂකයෝ ලංකාවේ නෑ.. උබලා ඔක්කොම ෆිල්ම් බලනවා ඇති.. එත් කීදෙනාද ෆිල්ම් හෝල් වලට ගිහිං ෆිල්ම් බලන්නේ.. DVD වලින් ලක්ෂ 5ක් වත් හොයන්න බෑ.. TV rights වලින් හම්බවෙන්නේ advertisement විතරයි.. ඉතිං කොහෙන්ද නිෂ්පාදක/අධ්‍යක්ෂක වරුන්ට ආදායම්? මේකයි ඇත්ත තත්වේ..
     
    • Like
    Reactions: Hayao