ලංකාවේ ජඩ මාධ්‍ය

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලංකාවේ ජඩ මාධ්‍ය neth fm

    පසු ගිය කාලයේ සමාජ ජාල වෙබ් අඩවි සහ ජනමාද්‍ය හරහා ඉතා සිග්‍රයෙන් පැතිර ගිය චරිතයක් වූයේ ඩෙංගු වලට බෙහෙත් සොයා ගත අපේ රටේ වීර මාතව නම් වූ තරංග නම් වූ ආයුර්වේද වෛද්‍ය වරියක් පිලිබදවය.ඇය පිලිබදව රටේ රූපවාහිනී නාලිකා පුවත් පත් සහ විශේශයෙන්ම සමාජ ජාල වෙබ් අඩවි හරහා බහුලව කතා බහ කෙරිනි..ඒ අතර ඩෙංගු රෝගය වැලදුන ජනතාව ඇය හමුවෙන්නට දැරුවේ මහත් උත්සාහයකි.ඇයගෙන් සුව වූ ඩෙංගු රෝගීන් ද සුව නොවූ ඩෙංගු රෝගීන්ද සිටි බව අප දනිමු.මේ අතර කාලයේදී ඇයගේ සොයා ගැනීම වෙනුවෙන් පලාත් පලන ආයතන ද එකසේ ඇයට සහය ලබා දුනේ ඇය කරන්නට උත්සාහ කල වෙද සේවය රටේ මතු අනාගතයට වටිනා එකක් නිසාවෙනි.
    රාජ්‍ය අමාත්‍යාංශවලින් පමනක් නොව අති ගරු ජනාධිපති මහින්ද රාජපක්ශ මහතා පුද්ගලිකව ද ඇයව ගයා ඇගේ උත්සාහය වෙනුවෙන් අගය කිරීම් කල අවස්තා සහ ඇයට ලබාදිය යුතු පහසුකම් පිලිබදවද රාජ්‍ය ආයතන දැනුවත් කර තිබුනි.
    පසුව ඇය විසින් සොයා ගත බෙහෙත වෙනුවෙන් පේටන්ට බල පත්‍රයද ආයුර්වේද දෙපාර්ත මේන්තුවේද අනුමැතිය ඇතිව සහතික ද නිකුත් විය.නමුත් අප දන්න කාරනාවක් වනුවේ ඕනාම බෙහෙතකට සෑම රෝගියෙකුවම සුව කල නොහැකි යන්නයි.එය ඩෙංගු පමන්ක් නොවෙයි රටේ මෙවැනි වසංගත සියල්ලටම පොදු සාදකයකි.මැලේරියාවට කොතරම් බෙහෙත් තිබුනත් ජාතික රෝහල් වල මැලේරියා රෝගීන් මිය ගොස් නැතිද ?ඩෙංගු රෝගින් මිය ගොස් නැතිද?මෙන්න මේ තත්වය උඩ ඇය ගේ උත්සහයත් ඇය කල සේවයත් පැයක වැඩසටහනක් වෙනුවෙන් අමතක කල හැකිද?එය කොතරම් සාධාරණද යන්න පිලිබදව සොයා බැලිය යුතුය.
    අප මෙහිදී අවධානය යොමු කරන්නේ ඇයට ලැබුනු ආයුර්වේද දෙපාර්ත මේන්තුවේද සහයත් ඇයට ලබාදුන් සහතික පත්‍රවල වටිනාකමත් ඇගේ උත්සාහයත් මත සිටය.එය නීත්‍යනුකූලව අප සලකා බැලිය යුතු කාරනාවකි.කෙසේ නමුත් මේ සියල්ල තත්පර කිහිපයකින් ඇයව මිනී මරුවෙක් කර ඇත.එදා මිනිසුන් බේරා ගැනීමට උත්සාහ දැරූ තමන්ගේ වටිනා කාලය වැය කර අසරන රෝගීන් නිදුක් කිරීමට උත්සාහ දැරූ ඇය අද රටේ ජනමාධ්ය එක තත්පරයකින් මිනී මරුවෙක් කිරීමට තරම් අන්ත අසරන වීද යන පිලිබදව කනගාටුවෙන් අප ඇසිය යුතු කාරනාවකි.
    ආයුර්වේද වෛද්‍ය වරු රටේ ඕනා තරම් සිටී.බහුතරයක් පාරම්පරික වෙදුන් ලෙසයි.ඒ බහුතරයකට වෛද්‍ය සහතික ද නොමැති න්මෞත් සිංහල වෙද කමට එය අත්‍යාවශ්‍ය සාදකයක් යයි සම්මත වී ඇතිද යන්න පිලිබදව පාරම්පරික ආයුර්වේද වෙදැදුරන් දන්න කාරනාවකි.කරුනු කාරනා එසේ තිබියදී අප කල යුතුව තිබුනී දුරකතන ඇමතුම් වලින් ඇයගේ ප්‍රතිරූපය එකවර විනාශ කිරීමට කටයුතු කිරීම නොවෙයි.මේ සියල්ල පිලිබදව කරුනු කාරනා ඇතිව සහතික පත්‍ර පිලිබදව මනා ලෙස සොය බලා වැඩසටහනක් කිරීමයි.

    නමුත් ඇයට ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් දුන් සහතිකය Uන රෝගයට පමනක් බව වැඩසටහන තුල පවසන අදාල බලධාරී තැනැත්තා කියූ දේ මේහි සටහන් වෙන ඇත්ත සහතිකය දැක හෝ එය අධ්‍යනය කර හො නැති බව නම් පැහැදිලි කාරනවකි.
    බැලුම් ගල කණඩායම අපි ඉතා අගය කරන්නෙමු.ඔවුන් ගෙන් යම් හෝ සේවයක් රටට සර්වසාදාරනව ලබා ගත හැක..න්මෞත් මෙවැනි මාතෘකාවකට යන විට මීට ඇගෙන් ද තොරතුරු හමු වී විමසාම කලා නම් මෙය සර්ව ස\ම්පුර්ණ වැඩසහනකි.සැබවින්ම ඇයට සහතිකයක් නිකුත් වී නොමැති නම් රටේ වරද කර ඇත්තේද අය නොවෙයි..වර්ද කර ඇත්තේ රටේ ජඩ මාධ්‍ය සහ රාජයේ පලනාදිකාරයයි.ඒ ඇය වෛද්‍ය වරියක ලෙස සමාජගත කිරීම හා ඇගේ වත ගොත නොවිමසිම මතයඉ.
    අප න්වත අවධාරනය කරන්නේ අපි කිසිවෙකුගේ අතකොලු විය යුතු නැත.අප කල යුත්තේ ජනතා සේවයයි.ජනතා සේවය වනාහී ඒක පාර්ශවීය මතයක සිට කටයුතු කිරීම නොවෙයි.සදාරනය අසාදාරනය මත සිට කටයුතු කිරීමයි.
    මේ සියල්ලේ අවසානය වූයේ කාන්තාවක් මිනීමරුවෙකු යයි සහ යමක් කිරීමට සැබෑවටම උත්සාහ කල වෛද්‍යවරියක් මිනිමරු වෛද්‍යවරියක් වීමයි.
    72892_509502435748553_467875659_n.jpg


    බලන්න-www.madyawediya.co.uk/news/දවසින්-චරිතයක්-කර-පැයෙන්/
     
    Last edited:

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ඔව් කතාව ඇත්ත හැබෙයි මෙයාගෙත් වැරැද්දක් තියනවා. බැලුම්ගල සීන් එකේ ලෙඩෙක් කතා කරන හැම වෙලාවකම අර සර්ප වෙදානේ බං බෙහෙත් නියම කරන්නෙ, අනික ගිය ලෙඩ්ඩුන්ගෙන් බාගෙකට විතර බෙහෙත් දීලා තියෙන්නෙත් මෙයාගෙ තාත්තා අර සර්ප වෙදා. අන්න එතනනෙ වැරැද්ද තියෙන්නෙ. දැනට නීතිය තියෙන්නෙ ෆාමසියකින්වත් දොස්තර කෙනෙක්ගෙ අනුමැතිය නැතුව බෙහෙත් දෙන්න බෑ කියලා. එහෙම එකේ ඩෙන්ගු වලට සර්ප වෙදෙක් බෙහෙත් දෙනවා.

    මේ මනුස්සයා ටිකක් වගකීමක් ඇතුව වැඩ කලානම් මෙච්චර ප්‍ර්ශ්න එන එකක් නෑ. මූලිකවම මම හිතන්නෙ අර සර්ප වෙදා කියන මැට්ටා තමා ගම කාල තියෙනෙ . බලපන් පොර කතා කරන විදිය. සමහර මිනිස්සු උගෙ කතාවෙන්ම අවුල් යනවා . එහෙම උන් තමා ඔය වගෙ මතයක් ගොඩ නගලා වැඩෙ වල් කරලා ඇත්තෙ.

    බුරුවගෙ වැඩෙ බල්ලා කරන්න ගිහින් කෙලවගත්ත සීන් එකක්
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    මහ උන්ගේ වැරදි ..උන්ගේ ළමයින්ගේ වැරදි එහෙම මෙහෙම ප්‍රචාරණය කරන්නෑ...දුම්පත් මිනිහෙක්ගේ එකක් නම් රේකොර්ඩ් කරලා දායි .....:yes:
     
    • Like
    Reactions: Shadow.Walker