ඔය පලවෙනි පින්තූරේ ඉන්නේ 2010 කාල වකවානුවේදී ග්‍රීසියේ ඇතිවු විරෝධතා රැල්ලෙදි විරෝධතාකරුවන්ට වීදි සටන්වලදි ආධාර කරපු වීදි සුනඛයා ලුකනිකොස්. කඳුලු ගෑස්, CS කැනිස්ටර් පොදු ජනතාවට එල්ල කලාම ලුකනිකොස් දුවලා ගිහින් ඒවා කටින් අරන් යනවා.
දෙවනියට තියෙන්නෙ ලංකාවේ විරෝධතා වලදි කැනිස්ටර් අතින් අරන් යන වීදි සුනඛයෙක් කියලද හිතුවේ ? නෑ නෑ.. ඒ CS එකක පින් එක ගලවලා උරහිසට උඩින් අල්ලන්න ඒකෙන් පිටවෙන දුම මූණේ වදින්න අල්ලගෙන කැමරාවට තමුන් රැම්බෝ වගේ ගැම්මක් කියලා පෙන්නන්න හදන දුප්පත් මිනිස්සුන්ගෙ බදු මුදලින් පඩියක් ගන්න hingana පොලිස්කාරයෙක්.
ලුකනිකොස්ගෙයි හිච්චි රැම්බොගෙයි වෙනස තමයි ලුකනිකොස් කියන්නෙ නිදහසේ ජීවත් වුන බෙල්ලට තොණ්ඩුව නොවැටුනු නිවහල් සුනඛයෙක්. ලුකනිකොස් සුනඛ්‍යා වුනාට ලුකනිකොස්ව කවුරුත් පාලනය කරේ නෑ.
දෙවනි පින්තූරේ ඉන්න එකාගෙ බෙල්ලෙ තොණ්ඩුව දාලා තියෙන්නේ. තමුන් හෙන පොර කියලා හිතන් හිටියට ග්‍රීසියේ සුනඛයා තරම්වත් නිදහසක් නැති, ස්වාමියාගේ කකුලෙ ඉඳන් පශ්චාත්බාගේ ඉව කරලා ලෙවකන තරම් දීන සත්වයෙක්.
පලවෙනි පින්තූරේ ඉන්න ලුකනිකොස් ටියර් ගෑස්වල දීර්ඝකාලීන ප්‍රතිඵල නිසාම 2014 දි වයස අවුරුදු 10 දි මිය යනවා. හැබැයි ලුකනිකොස් ගැන අදටත් අපි කතා කරනවා, ස්මාරක, චිත්‍ර, අනුස්මරණ ලුකනිකොස් වෙනුවෙන් පවතිනවා.
දෙවනි පින්තූරේ ඉන්න පොර ජනතා බදු මුදලින්ම අවුරුදු ගානක් අඛන්ඩව ට්‍රේන් කරවලා CS එකක් කටේ දාගෙන වුනත් යන්න පුළුවන් තත්වෙට රජයෙන් පුහුණු කරවලා තියෙනවා. හැබැයි පොර ගැම්මක් කියලා හිතන් හිටියට ට්‍රේනින් එකක් නැති නමුත් අත්දැකීම් ඇති ග්‍රීසියේ විදී සුනඛයත් ගෑස් කැනිස්ටර් කටින් අරන් ගිහින් තියෙනවා.
බල්ලෙක්ට වුනත් දිගින් දිගටම එකම දේ පුරුදු කරාම නැට්ට වනාගෙන ඒ දේ නැවත නැවත කරන්න පුළුවන්. ඒකේ ඇති ගැම්මක් නෑ. හැබැයි ඉතින් බල්ලා තෝරාගන්න පැත්ත අනුව ඌට අමරණීය වෙන්න පුළුවන්.
ඒ අතින් නෙමේ මොන අතින් බැලුවත් වීදි සුනඛයොත් අටපාස් පොලිස්කාරයන්ට වඩා වැඩ්ඩෝ.
copied from Don Supz
View attachment 199501
View attachment 199502