ලංකාවේ දරු දැරියන් ලිංගික අතවර වලට ලක්වෙ&#3505

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    ලංකාවේ දරු දැරියන් ලිංගික අතවර වලට ලක්වෙ&#3505

    ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ තරම් අධික ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර වලින් පිරිනු රටක් බවට ලංකාව පත්වෙමින් තිබෙනවා.

    කාන්තාවකට හෝ දැරියකට තනියෙන් නිවසක සිටිය නොහැකි හා තනියෙන් ගමනක් ගොස් ඒමට අපහසු වාතාවරණයක් මෙලෙස රට තුළ ඇතිවෙමින් පැවතීම කණගාටුවට කරුණක්.

    පසුගිය වසර දෙකහමාරක කාලය තුළ වැඩිහිටි පිරිමින් විසින් ලාබාල දැරියන් 2,500 දෙනෙකු පමණ බරපතල ලෙස ලිංගික අතවරයට ලක්කර ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි පොලීසිය පවසනවා.

    ඒ 2010 ජනවාරි 01 වනද සිට 2012 ජූනි 30 වැනිදා දක්වා කාලයේය. මේ අනුව සාමාන්‍යයෙන් දිනකට අතවරයට පත්වූ දැරියන් ගනන 4කි.

    බරපතල ලිංගික අපයෝජනයට පත්ව ඇති සියළු දෙනා වයස 16ට අඩු දැරියෝය. ඔවුන් බොහෝ දෙනා අතවරයට පත්ව ඇත්තේ තම පියා, මාමා, පෙම්වතා හෝ අසල්වැසියෙකු අතිනි.

    යුද ජයග්‍රහනයෙන් පසු හමුදා සෙබළුන්ගේ ආතතිය වැඩි වී ඇති බවට මීට පෙර අප විසින් වාර්තා කල අතර ලංකාවේ වාර්තාවන බොහෝ මංකොල්ලකෑම් හා ස්ත්‍රී දූෂණයන් අතර බොහෝ විට සිටින්නේ හමුදාවේ සිට නිවාඩුවට ආ සෙබළෙකු හෝ හමුදාවෙන් පැන ආ සෙබළෙකි.

    ඒ අතරම ස්ත්‍රී දූශණ වලට චෝදනා ලැබූවන් අතර දේශපාලඥයන්, පොලිස් නිලධාරීන්, ගුරුවරුන් හා හාමුදුරුවරුන්ද සිටිනවා.

    බෙහෙත් ගැනීමට ගිය කාන්තාවන් දොස්තරවරයාගෙන් හෝ රෝහල් සේවකයෙකු අතින් අතවරයට පත්වන බව වාර්තා වෙද්දී බාහිර උපකාරක පන්තියට යන දරුවා අතවරයට පත්වන්නේ ගුරුවරයාගෙනි.

    හවස නිවසට එන දරුවා හමුදා සෙබළෙකු පැහැගන ගොස් දූෂණය කර ඇති බවට වාර්තා වෙද්දී දානය රැගෙන පංසලට එන දරුවා අතවරයට පත්වන බව වාර්තාවන්නේ හාමුදුරුවන්ගෙනි.

    මව විදේශගතව සිටින දැරියන් බොහෝවිට පියාගෙන් හෝ මාමා කෙනෙකුගෙන් නිතර නිතර දූෂණය වන අතර එක් වාර්තාවකින් කියවුනේ තම දියනිය කැළයට ඇදගන ගොස් රැය පහන් වනතුරු දූෂණය කල පියෙක් ගැන පුවතකුයි.

    මසකට එක බැගින් ලංකාවට එන විදේශීය කාන්තාවන් දූෂණයට ලක්වන පුවතක් මීට පෙර අප විසින් ගෙන ආ අතර තවත් පුවතකින් දැරියන් දූෂණය කල කෝටිපති පුතෙකු පිළිබඳවයි.

    රැකියා කරන ස්ථාන අලදී විවිධ ලිංගික සූරාකෑම් වලට කාන්තාවන් ලක්වුවන අතර රැකියාව පිළිබඳව ඇති බිය නිසා එවන් සිදුවීම් බොහෝ දුරට වාර්තාවන්නේ නැහැ.

    ත්‍රීවීල් රියදුරන් විසින් දැරියන් රවටාගන ලැගුම් හල් වෙත ගෙනගොස් දූෂණය කරන පුවත් නිතර නිතර දකින්නට ලැබෙද්දී ඒවා ගැන සොයාබැලීමට යන පොලිස් නිළධාරියාම එම දැරිය දූෂණය කල පුවතකුයි පසුගියදා නාවලපිටියෙන් අසන්නට ලැබුනේ

    පසුගිය වසර කීපය තුළ වාර්තා වූ ස්ත්‍රී දූෂණ වාර්තා මෙසේය.

    1990 වසරේ 365කි.
    1995 වසරේ 542කි
    2006 වසරේ 1463කි.
    2007 වසරේ 1397කි.
    2008 වසරේ 1582කි.
    2009 වසරේ 1624කි.
    2010 වසරේ 1854කි.

    2011 වසරේ මුල් මාස 11 තුළ වාර්තා වූ ස්ත්‍රී දූෂ ණ ගනණ 1,636කි.

    මීට වඩා වැඩි දැරියන් පිරිසක් දිනකට ලිංගික අතවරයට ලක්වෙන නමුත් ලැජ්ජාව, බිය, නොදන්නාකම, මරණීය තර්ජන, පහරදීම හා අල්ලස් ගැනීම් නිසා බොහෝ අපචාර පොලිසියට වාර්තා වෙන්නේ නැති බවයි පොලීසිය පවසන්නේ.
     
    • Like
    Reactions: jds2012 and hsgking

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    මේවා කරන උන්ගෙ අරක කැපුවානම් ඉවරයි නෙ

    bgvl9k.gif