1. සිතන්න, ලියන්න, තේරුම් ගන්න.
සියල්ලටම කලින් පවතින තත්ත්වය ගැන ඔබේ අවබෝධය බොහොම වටිනවා. ඔබේ සම්බන්ධය ආරම්භ වූ මුල්ම දවසේ සිට මේ දක්වාම සිදුවූ දේවල් සහ එය දික්කසාදයක් දක්වාම දුරදිග යන්නට හේතු වූ කරුණු කාරනා මොනවද කියන දේ ගැන මුල සිට අග දක්වා මතක් කරගෙන සටහනක් ලියාගන්න. ප්රශ්නය ගැන නිරවුල්ව සිතා බැලීම තුලින්, එය සටහන් කරගැනීම තුලින්, ඔබේ සිතතුළ මේ ගැටලුව ගැන පවතින්නේ කුමන අදහසක්ද කියන එක ගැන, සහ එය සංවාදයකින් තොරා බේරා ගන්නට නොහැකි වුනේ මක් නිසාද කියන දේ ගැන නිවැරදි අවබෝධයක් ලබා ගන්නට ඔබට හැකිවේවි. තවද, මෙම සටහන, විවාහ උපදෙස් හා නීති උපදෙස් ලබාගැන්මට ගිය විට ඉතාමත්ම වටිනා උපකාරකයක් වනු ඇත.
2. විමසන්න. එතැනයි ඔබ අසමත් වෙන තැන!
කසාද ජීවිතය කියන්නේ අභියෝගයක්. ඉතින් ජීවිතේ අමාරු අභියෝගයක් ගොඩ දාගන්න උවමනා වෙලාවට කොතනින් හරි උදව් ගන්න එක මහා අමුතු දෙයක් නෙවෙයි. කුමක් හෝ ගැටළුවක් ඇති වූ කලෙක තුන්වැනි පාර්ශවයකින් උදව්වක් ගන්න තියෙනවා නම් හරිම වටිනවා. එය ඔබේ ලබැඳි මිතුරෙක් වෙන්නට පුළුවන්. එහෙමත් නැතිනම් විශේෂඥ උපදේශක සේවා සපයන්නෙකු වෙන්න පුළුවන්. කොතරම් ප්රශ්නකාරී සහ අපහසු දේවල් ඔබේ සම්බන්ධතාව තුල තිබුනත් මුලින්ම මිතුරෙකුගේ හෝ උපදේශකයෙකුගේ පිහිට පතන එක බොහොම නිවැරදි ක්‍රියාවක්. ඔබේ සහකරුවා එයට සහභාගිවීමට කැමැත්තක් නැති නම් හෝ ඔබට එය ගැන ඔබේ සහකරුවා සමග කතා කරන්නට කැමැත්තක් නොපවතී නම්, ඔබට තනිවම හෝ ගොසින් මේ ගැටළු ගැන පිලිබඳව කතා කරන්නට හැකියාව තිබෙනවා.
3. පවුලේ සියල්ලන් ගැන සැලකිලිමත් වන්න
එක දෙයක් ඔබ සිතට ගත යුතුයි! දික්කසාදය යනු ඔබව මානසිකව, නෛතිකව සහ මුල්යමව ගැහැට වන තැනක් බව. ඒ සියල්ලටම වඩා බලපාන්නේ ඔබේ දරුවන්ටයි [දරුවන් සිටිනවා නම්]. තවද ඔබ උපදේශකයින් ගේ පිහිට වඩාත්ම පතන්නට අවශ්‍ය වන්නේ ඔබ දික්කසාදය පිළිබඳව වැඩිදුර කටයුතු කරන්නට සිතාගෙන සිටිනවා නම්, ඔබෙන් පෝෂණය වන ඔවුන්ට, පවතින තත්ත්වය ගැන කාරනා කටයුතු ඔවුන් සිත නොරිදෙන ආකාරයට කියා දෙන්නට උපදේශකයින්ගේ සහය අත්‍යාවශ්‍යම වන නිසයි. දෙමාපියන්ගේ අනිසි තීරණ දරුවන්ගේ ජීවිත කාලයටම බලපාන්නට හැකියාව තිබෙනා බව ඔබ සිතට ගත යුතු වෙනවා.
4. නිවැරදි නිතිවේදියාව තෝරාගන්නට සැලකිලිමත් වන්න.
ඔබේ සිතට මුලින්ම එන නීතිඥයාව තෝරාගන්නට ඉක්මන් වන්නට එපා. නීතිඥන් තුලත් එක් එක් විෂය පථයන් ගැන විශේෂ දැනුමක් ඇති අය සිටිනවා. සියලුම නීතිඥයින් දික්කසාද නඩු සඳහා සුදුසු නොවන්නේ අන්න ඒ නිසයි. ඔබට ඉඩම් නිතිය පිළිබඳව කටයුතු කරන නීතිඥයෙක් දික්කසාදයක් සඳහා තෝරා ගන්නට නොහැකියි. එය හරියට මොලය පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හදවතේ සැත්කමක් කරනවා වාගේ වැඩක් නිසා.
මුලින්ම ඔබේ මිතුරු නීති වේදියාට හෝ මීට කලින් දික්කසාද වූ ඔබේ මිතුරෙකුගෙන් මේ සම්බන්ධයෙන් සිටින හොඳ නීතිඥයෙකු ගැන විමසා සිටින්නට පුළුවන්.
කොතරම් හිතවත් උනත් ඔබේ පළමු හමුවීමේදී ඔබේ නිතිවේදියාගේ හැසිරීම ගැන කල්පනා කරන්න. ඔහුගේ අරමුණ විය යුත්තේ දික්කසාදයකටම ඔබව තල්ලු කර ඔබෙන් මුදලක් කඩා ගන්න එක නොවේ. ප්‍රශනය බේරා ගන්නට ඇති සියලු විකල්පයන් ඔබට තෝරා බේරා දී එය ඔබට පහදා දෙන කෙනෙකු නම් වඩාත් හොඳය. තවත් ඉතින් කතා කරලා බලන්න අවශ්‍ය දෙයක් තමයි ඔහුගේ ගාස්තු සහ අනෙකුත් වියදම් ඔබට දරාගන්නට හැකිද යන අදහස ගැන.
5. නීතිවේදියා සමඟ වන පළමු හමුවීම
ඔබ මේ සම්බන්ධයෙන් සියලු කරුණු කාරනා අලලා ලියු ප්‍රකාශය මෙතනදී බොහෝ ප්‍රයෝජනවත් වෙන්නට තියෙන ඉඩකඩ බොහොම වැඩියි. මක් නිසාද, ඔබේ නීතිවේදියා සියලුම තොරතුරු ගැන අවබෝධයෙන් සිටීම අත්‍යාවශ්‍ය නිසා. එය බොහොම අපුල දනවන හෝ දුක්සහගත අත්දැකීම් කුමක් වුවත් ඔබ ඔහුට සැලකර සිටීම වැදගත් වෙනවා. ඔබ නොදැන සිටියාට ඔබ ඔහුගෙන් සඟවන්නේ ඔබේ අවශ්‍යතාවයට වඩාත් උවමනාම කාරනාව වන්නට බැරි නැහැ.
ඔබට මේ ගැන අවබෝධයක් නොමැති නම්, කරුණාකර ලංකාවේ දික්කසාද නිතිය තුල සේවාදායකයාගේ අයිතීන් මොනවාදැයි ඔබේ නිතිවෙදියාගෙන් විමසා සිටින්න. ඔබේ සහකරුවාව මේ සඳහා සම්බන්ධ කරගන්නා ආකාරය, ඔබේ දරුවන්ට මෙයින් අත්වන පීඩාව අවම කරගන්නා ආකාරය සහ දික්කසාදයකින් පසුව සිදුවන්නේ කුමක්ද කියන කාරනා ගැන ඔහු ඔබව දැන්වත් කරාවි.
6. දික්කසාදය සඳහා පසුබිම තේරුම් ගැනීම.
වැරදි:
ලංකාවේ සාමාන්‍ය විවාහ නීති යටතේ දික්කසාදය ලබාගැනීමට ඇත්තේ හේතු තුනක් මත පමණයි.
1. අනාචාරය (Adultery)
2. ද්වේශ සහගත අතහැරයාම (Malicious Desertion)
3. සුවකළනොහැකි ලිංගික බෙලහීනතාව (Incurable Impotence)
ඉහත පවතින එකදු හේතුවක් හෝ පාර්ශව දෙකෙන් එකකින් හෝ හමුවුනොත් දික්කසාදය ලබාගැනීමට හැකියාවක් තිබෙනවා. මීට අමතරව වසර 7 කට වඩා දෙදෙනා වෙන්ව ජීවත් වීමත් දික්කසාදයකට හේතුවක් වනවා වුවත්, ඒ අවස්තාවෙදීද ඉහත සටහන කර වරදක් දැක්විය යුතු වනවා.
විශේෂිත නීති:
අපි ඉහත කතා කරපු නීති වලට අමතර ඊට වඩා වෙනස් නීති සමුහයක් තමයි දික්කසාද සම්බන්දයෙන් මුස්ලිම් නිතිය සහ උඩරට නිතිය ඇසුරේ පවතින්නේ. මෙන්න මේ හේතුව නිසා තමයි ඔබේ නීති උපදේශකයා විසින් ඔබ කිනම් නීතියකට යටත් දැයි, ඔබේ දික්කසාද නඩුව හසුරවන නීතිවේදියාව දැනුවත් කලයුතු වන්නේ.
7. වියදම්?
දික්කසාද නඩුවක් කියන්නේ පෞද්ගලික නඩුවක්. ඒ නිසා මෙයට ඔබ විසින් පුද්ගලිකව වියදම් දරා පැමිණිල්ලක් සාදා එම පැමිණිල්ල අධිකරණයේ ගොනුකලයුතු වෙනවා. යම් යම් අධිකරණ ගාස්තු විතරක් නොවෙයි, ඔබ වෙනුවෙන් නඩුව පවත්වාගෙන යෑම සදහා ඔබ විසින් පත්කර ගන්නා නිතිඥයාගේත් ඔහුගේ සහකරුවන්ගේත් අයකිරිමත් ගෙවිමට සිදුවේවි. මේ නිසා දික්කසාදයක් සම්බන්ධයෙන් නඩුවක සියලු පියවර හා ඒ සම්බන්ධ සියලු නීතිඥ හා අධිකරණ ගාස්තු, අධිකරණ නියෝග මත සිදු කිරීමට අවශ්‍යවන ගෙවීම් පිළිබඳව පළමු හමුවේම කතා කර වටහා ගත යුතුයි.
නඩත්තු ගාස්තු හා දික්කසාද දිමනාව
කසාදය උන දවසේ සිටම එකිනෙකා නොයෙක් අයුරින් පෝෂණය කලයුතු බව අපි හැමෝම දන්නා කාරනයක්නේ. එක නීතියේත් එහෙමම තියෙනවා. ඉතින් දික්කසාදයකදී දෙපලකට සිටින දරුවා වයස අවුරුදු 18ත අඩුනම් ඔහු හෝ ඇය වයස පරිපුර්ණ වනතුරු නඩත්තු (maintenance) මුදල් සපයන්නට බැඳිලා සිටිනවා. තවද, කරුණු මත එක් පාර්ශවයක් විසින් අනිත් පාර්ශවයටද (සැමියා විසින් බිරිඳට) නඩත්තු වියඳම් ගෙවීමටද නියම කිරීමට අධිකරණයට හැකියාව තිබේ.
දික්කසාද විම නිසා තමන්ට සිදුවු මානසික හා භෞතිකමය හානිය ආවරණයක් කරගැනීම සඳහා අවිහිංසක පාර්ශවයට වැරදිකාර පාර්ශවයෙන් දික්කසාද දීමනාව (Alimony) ගෙවීම නියම විය හැකිය. මෙය ස්ථිරව නියෝග කරනා තෙක්, නඩුව පැවරූ කාලයේ සිටම, එය අවසන් වන තෙක් තාවකාලික දික්කසාද දිමනාවක් නියෝග කිරීමටද අධිකරණයට බලයක් ඇත. මුදල්, යාන වාහන, ඉඩම්වලින් මෙය යුක්ත විය හැක.
මේ කරුණු දෙකම තීරණය වන්නේ දෙපාර්ශවය අතර සාපේක්ෂ වශයෙන් පවත්නා ජීවන හා ආර්ථික තත්ත්වය, එකිනෙකාගේ සාධාරණ වියඳම්, දරුවන්ගේ ශුභසිද්ධිය වැනි කරුණු මත තීරණය වේ.
8. දරුවන්ගේ භාරකාරත්වය.
දරුවන්ගේ ඉහලම භාරකරු අධිකරණයයි. දික්කසාද නඩුවක දරුවෙකුගේ උපරිම සුභසිද්ධිය සැලසෙන්නේ මොන පාර්ශවයකට දරුවා රඳවාගැනිම මතද කියා අධිකරණය සැහිමකට පත්ව, දික්කසාදයත් එක්ක දරුවාගේ භාරකාරත්වය එක් පාර්ශවයක් වෙත පැවරිමට හැකියාව තිබෙනවා. එවැනි අවස්ථාවක අනිත් පාර්ශවයට දරුවා මුණගැසීමට හා කාලය ගත කිරීමට සාධාරණ අයිතියක් ඉල්ලා සිටිමේ ඉඩ තියෙනවා. දරුවා වෙනුවෙන් දික්කාසද වන දෙදෙනා අතර එකඟත්වයක් තියෙනකොට අධිකරණයට ඒ බව දැනුමි දිමෙන් දරුවාගේ භාරකාරත්වය කුමන පාර්ශවයකට අයිති වෙනවාද කියලා කතා කරගන්නට පුළුවන්.
සාමාණ්‍යයෙන් දිසා අධිකරණයේ ක්‍රමය වන්නේ අදාල පාර්ශවයන් විසින් ඉල්ලා සිටින දෙය පමණක් ලබා දිම අධිකරණය මගින් සිදු කිරිමයි. දරුවන් සම්බන්ධයෙන් දික්කසාද පැමිණිල්ලේ ඉල්ලිමක් කර නොමැති අවස්ථාවදී දරුවන්ගේ භාරකාරත්වය සමිබන්ධව අධිකරණය මඟින් නියෝගයක් නොකර සිටින්නට පුළුවන්. එහෙම අවස්ථාවක, පසුව දරුවන්ගේ භාරකාරත්වය පිළිබදව ගැටලු ඇතිවුනෝත්, නැවතත් භාරකාරත්වය සම්බන්ධයෙන් නඩුවක් පවරා එය ලබා ගැනිමට කාලයත් මුදලුත් වැය කිරිමට ඔබට සිදුවේවි. ඒ නිසා දික්කසාදය අවස්ථාවෙම දරුවන්ගේ භාරකාරත්වය සමිබන්ධයෙන් නියෝගයක් ලබා ගැනීම වැදගත්. භාරකාරත්වය ගැන අධිකරණයට නියෝගයක් කරන්නට පුළුවන් වයස 18 ට අඩු දරුවන් සමිබන්ධයෙන් විතරයි.
9. දික්කසාදෙන් පස්සේ මොකෝ වෙන්නේ?
මතක තියාගන්න මේක නීතිමය ප්‍රශ්නයක් වගේම මානුෂික ප්‍රශ්නයක්. ඉතින් අධිකරණයෙන් දරුවන් ගේ සුභසිද්ධිය ගැන තීන්දුවක් දුන්නා නම්, දෙමාපියන්ට දරුවන් හමුවිය හැක්කේ මාසයකට හෝ සතියකට වරක් පමණයි කියලා, දික්කසාදයට පත් උනත්, ඒ යුවල අතර දරුවන් හරහා සම්බන්ධතාවය තබාගත හැකිනම්, ඔවුන්ට කැමති ආකාරයකට දරුවන් වෙනුවෙන් සාකච්චා කරලා එකඟතාවයකට පැමිණෙන්නට ඕනා තරම් හැකියාව තියෙනවා. ඒ වගේමයි මෙය දරුවන්ගේ නඩත්තු සම්බන්ධයෙනුත් එක ලෙසටම අදාලයි.
හැබැයි එකක්! මේ සියල්ලම තීරණය වෙන්නේ දෙමාපියන්ගේ හැසිරීම අනුවයි. ඔබ කොතරම් හොඳ මවක් පියෙක් උනත්, ඔබේ හැසිරීම දරුවාට අහිතකරනම් අධිකරණය තුලින් කිසිඳු ආකාරයක බුරුලක් ඔබට නොලැබෙනු ඇති. එය ඔබට දරුවාගේ අයිතිය ගැන සාකච්චා කරන්නට ඇති හැකියාව පවා උදුරාගැනීමට සමත්.
නඩත්තු මුදල්, දික්කසාද දීමනා නොගෙවීම සම්බන්ධයෙන්ද නැවතත් උසාවිගත විය හැකි බව පිළිබඳවත් සැලකිලිමත් වන්න.
Aniwa.lk වෙතින් උපුටා ගන්නා ලදී