ලංකාවේ නිළ භාෂාව දෙමළ ද?

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
ලංකාවේ නිළ භාෂාව දෙමළ ද?

දකුණු කොරියාවේ සේවයේ යෙදී සිටින ශ්‍රමිකයන් අතර විදෙස් රටවල් වලින් පැමිණි අය ද බොහෝ පිරිසක් සිටිනවා.

ඔවුන්ගේ එම සහභාගිත්වය අගයකිරීම සඳහා මෙන්ම අන්තර්ජාතික වශයෙන් එක් එක් රටවල් වල වර්ග ප්‍රමාණය, භාෂාව සහ භාවිතා කරන මුදල් ඒකකය වැනි මූලික තොරතුරු හුවමාරු කරගැනීමේ අරමුනින් යුතුව එහි සේවය කරන සියළුම සේවකයින් නියෝජනය වන ලෙස ජාතික කොඩි ප්‍රදර්ශණය කිරීම සාමාන්‍යයෙන් සිදු වෙනවා.

මෙලෙස මෙවර ද සියලුම රටවල් වලට අයත් කොඩි සහ එම රටවල් වල මූලික තොරතුරු සඳහන් වන ලෙස තොන්යොන් නගරයට ආසන්නයේ ගොහොයෝන් ප්‍රදේශයේ හි ප්‍රදර්ශණය කර තිබෙනවා.


නමුත් එහි ඇති ශ්‍රී ලංකා ජාතික කොඩිය සමඟ සඳහන්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ භාවිතා වන මුදල් වර්ගය යූරෝ බවත් නිළ භාෂාවන් ලෙස පිලිවෙලින් දෙමළ, ඉංග්‍රීසි සහ සිංහළ ලෙසත් ය.


මෙලෙස මෙම කොඩි ප්‍රදර්ශණය කර අදට (ජූනි 18 දිනට) දින 7ක් ගත වී ඇතත් මෙතෙක් එය නිවැරදි කිරීම සඳහා කිසිවෙකුත් මැදිහත් වී නැති බවයි වාර්තා වන්නේ.

මෙම එක් එක් රටවල් වලට අයත් තොරතුරු ලබා ගන්නේ අදාල රටේ තානාපති කාර්යාලය හරහා බවත් මෙම කොඩි මෙලෙස වැරදි දත්ත සහිතව ප්‍රසිද්ධ වීමත් සමඟම දකුණු කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් හට විදෙස් වැසියන් ඉදිරියේ දී මහත් අපහසුතාවයට පත් වීමට ද සිදු වී ඇති බවයි ඔවුන් පවසන්නේ.


korea-sl-flag.jpg

 

bugatti

Banned
Jun 12, 2012
117
6
0
ponna korian ballo arabi karayek oya wade karanam kamak na mokada un kohomath aga idan mulatane kiyawanne
 

Similar threads