ලංකාවේ ප්‍රථම ලොතරැයි ජයග්‍රාහකයා

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113

    ලංකාවේ ප්‍රථම ලොතරැයි ටිකට්පතේ ජයග්‍රාහකයාගේ කතාව

    ඔබ කෙදිනක හෝ ලොතරැයියක් ගෙන තිබේද? බහුතරයේ පිළිතුර 'ඔව්' යනු නිසැකයි. ලොතරැයියක් නොහොත් සාමාන්‍ය ව්‍යවහාරයේ දී භාවිතා වන ස්වීප් ටිකට් පතක් මිලදී ගන්නේ එහි ජයමල්ල දිනා ගැනීමේ අදිටනෙන්. ජයමල්ල කෙසේවෙතත් රුපියල් විස්සක් වියදම් කර ලබාගන්නා ස්වීප් ටිකට්පතට රු. විස්සක මුලදක් ඇදුනත් අප සතුටින් ඉපිල යයි. මේ නිසා ස්වීප් වෙළඳාම ලංකාවේ ජයටම කෙරීගෙන යන වෙළඳාමකි. කෙනෙකුට ජයමල්ල හිමි වූ විට ඔහු/ඇයගේ ජීවිතය කොයිතරම් දුරට වෙනස් වේද? මේ නිසා ලංකාවේ පලමු ලොතරැයියේ ජයමල්ල දිනූ පුද්ගලයා ගැන සොයා බලමු.

    ලංකාවේ පලමු වරට ලොතරැයි ටිකට්පතක් එලිදැක්විය යුතුය යන අදහස ගෙන එන්නේ 1949 වසරේදී ය. ඒ එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ව සිටි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරණායක මහතා විසිනි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය තකා මෙම ටිකට්පත ඇතිකර යුතු යැයි ඔහු යෝජනා කරයි. බණ්ඩාරණායක මහතාගේ මෙම යෝජනාව මල්පල ගැන්වුනේ 1955 වසරේ දී ය. ඒ ලංකාවේ ප්‍රථම අධ්‍යාපන ඇමති හා එවකට සෞඛ්‍ය ඇමති ව සිටි ඊ. ඒ. නුගවෙල මහතාගේ කාලයේදී ය. මේ අනුව 'ආණ්ඩුවේ ආරෝග්‍යශාලා ලොතරැයිය' 1955 වසරේ දී 1955 අංක 4 දරණ ආරෝග්‍යශාලා ලොතරැයි පනත සම්මත වීමෙන් එලිදක්වන ලදි.

    DSC_1969.jpg

    මෙම පලමු ලොතරැයියේ ජයමල්ල හිමිවූයේ ගලිගමුවේ විසූ කිරිඅප්පු නයිදේ මහතාට යි. ඔහු මෙම ටිකට්පත මිලදී ගත්තේ තේ කඩයකිනි. එකල ටිකට්පතක මිල වූයේ ශත 50 කි. මෙම ටිකට්පත ජයග්‍රහණය කළහොත් ලක්ෂයකට කිට්ටු මුදලක් ලැබෙන බව දැනගත් කිරිඅප්පු ශත පනහක් දී ස්වීප් ටිකට්පත මිලදී ගනියි. ඔහු එය මිලදී ගෙන නිවසට ගොස් ගෝන අං තට්‍යුව අස්සේ එය රඳවා තබයි.

    කිරිඅප්පු ඉගෙනගත්තේ තුන වසර වනතෙක් පමණි. ඔහු කුඩා කල සිටම කුලී රැකියාව වෙත යොමු වූයේ ඔහුගේ සහෝදර සහෝදරියන් දස දෙනාගේ නඩත්තුව උදෙසා මුදල් රැස් කිරීමට යි. ස්වීප් ටිකට්පත රැගෙන කලක් ගතවිය. කිරිඅප්පු ටිකට්පත මිලදී ගත් තේ කඩයේ සිටි කෙනෙක් පැවසුවේ ස්වීප්ටිකට් පතේ ජයමල්ල ඇදී ඇත්තේ ගල්ගමුව ප්‍රදේශයේ අයෙකුට බවයි. නමුත් කිසිවෙකුත් ජයග්‍රාහී මුදල ලබාගැනීමට ඉදිරිපත් වූයේ නැත.

    28-Page20-1.jpg

    තමා ද ටිකට්පතක් මිලදී ගත් නිසා කිරිඅප්පුගේ කුතුහලය තවතවත් වැඩි වන්නට විය. නමුත් අවාසනාවකට ඔහුට එම ටිකට්පත තැබූ තැන මේ වන විට අමතක වී තිබුණි. දිනක් මෙය මතක් කරමින් නින්දට ගිය විට මහ රෑ ඔහුට එකවරම ස්වීප් ටිකට්පත තිබූ තැන මතක් විය. ඔහු පසුදිනම කෑගල්ලේ නිව්සිටි ස්ටෝර්ස් වෙත ගොස් ජය අංක සසදා බැලූ විට ඔහු විශ්මයට පත් වූයේ තමන් ජයමල්ල දිනාගත් බැවිනි.

    මෙය ලංකාවේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ සිද්ධියක් බවට පත්විය. මෙම සිදුවීම එකල් ලංකාදීප පුවත්පතේ කිරිඅප්පු නයිදේ ගේ ඡායාරූපයක් සමග පලවූයේ මේ අයුරිනි.

    "ආරෝග්‍යශාලා ලොතරැයියේ දිනුම්කරුවන් කිහිප දෙනෙක් ඊයේ උදයේ ලොතරැයි මණ්ඩලයේ ලේකම්වර දොස්තර ජෝර්ජ් රණවක මහතා හමුවූහ.

    රුපියල් 97,343.50ක පළමු දිනුම ගලිගමුවේ බිසෝවෙල කිරිඅප්පු මහතාට හිමිව ඇත. 24 හැවිරිදි කිරිඅප්පු මහතා 13 දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වෙනියා වේ."

    අනූ හත්දහසක මුදලක් යනු එකල අතිවිශාල මුදලකි. කිරිඅප්පු මෙම මුදල නිකරුනේ නැති නාස්ති කලේ නැත. ඔහු බිසෝවෙලින් සහ ලොල්ලේගොඩින් කුඹුරු ඉඩම් මිලදී ගෙන එයින් වැඩිමනක් තම බාල සහෝදරයන්ට නොමිලයේ ම ලබා දුන්නේය. ලොල්ලේගොඩින් ඔහු අක්කර විස්සක ඉඩමක් මිලදී ගෙන කුඹුරු යායක් ද සමග ඔහු තමා සන්තකයේ තබා ගත්තේය. එමෙන්ම මොරිස් 8 කාර් එකක් ද මිලදී ගත්තේ ය.

    DSC_1987.jpg

    මේ වන විට කිරිඅප්පු විවාහ වී සිටියේ නැත. දැන් ඔහුට අවශ්‍ය වූයේ විවාහ වීමට කාන්තාවකි. ස්වීප් ටිකට්පතට පින් සිද්දවෙන්න අතේ මිටේ මුදල් යහමින් තිබුන නිසා කිරිඅප්පුට මංගල යෝජනා විශාල ප්‍රමාණයක් ලැබුණු බව කියවේ. ඒ අතරින් කිරිඅප්පුගේ හිත ගියේ පුංචිඑතනා රාජකරුණා වෙතයි. ඇය ඉහළට ම ඉගෙනගත් කාන්තාවක් වූ අතර කිරිඅප්පු ඉගෙනගත්තේ තුන වසරට වනතෙක් පමණි. මේ නිසා ඇය කිරිඅප්පුව විවාහ කර ගැනීමට එතරම්ම කැමැත්තක් නොදැක්වුවත් ඔහුට දේපළ හා වතුපිටි තිබූ නිසා පුංචිඑතනාගේ දෙමව්පියන් මෙම විවාහයට බොහෝ සෙයින් කැමැත්තක් දැක්වීය. ඒ නිසා අවසානයේ මොවුන් දෙදෙනා විවාහ විය.

    කිරිඅප්පු තම බිරිඳ සමග ලොල්ලේගොඩ වත්තෙන් නිවසක් තනා එහි පදිංචියට ගියේය. මේ සදහා රුපියල් පන්දහසක් පමණ වියදම් වූ බව පුංචිඑතනා පවසයි. මෙම වත්ත ප්‍රදේශයේ කා අතරත් ස්වීප් වත්ත ලෙස ප්‍රසිද්ධියට පත් විය. කිරිඅප්පු ස්වීප් මුදලාලි ලෙස ගමේ කා අතරත් ප්‍රසිද්ධයට පත් විය. නමුත් සමහරු අතර මොහු සර්ප වෙද මහත්තයා ලෙසත් ප්‍රකට විය. මන්ද කිරිඅප්පුගේ පියා සර්ප වෙදෙකි. පියා තම පුතුට සර්ප වෙදකම ද උගන්වා තිබූ නිසා කිරිඅප්පු ඉදහිට සර්ප වෙදකම ද කලේය.

    පුංචි එතනාට පොලිස් දෙපාර්තුමේන්තුවේ රැකියාවක් ලැබුනත් කිරිඅප්පු ඇයව රැකියාවකට යැවීමට කැමැත්තක් දැක්වූයේ නැත. කිරිඅප්පු කුඹුරු ඉඩකඩම් බලා කියාගෙන සිටි අතර ඉදහිට තමා මිලදී ගත් වාහන වලින් හයර් එකක් ද කරගෙන සිටියේය.

    DSC_1965.jpg

    කිරිඅප්පු තම දරුවන්ට හොදින් ඉගැන්වූ අතර වැඩිමහල් දියණිය හා බාල දියණිය වර්තමානයේ රජයේ රැකියාවල නිරත වෙමින් සිටියි. කිරි අප්පු අංශබාගය සෑදී 1973 වසරේ මියයන විට තම ඉඩම් වලින් වැඩි කොටසක් විකිණූ අතර ඉතිරිය තම බිරිඳට හා දරුවන්ට පවරන ලදි. ඔහු එසේ ඉඩම් විකිණුවේ තමන්ට දරන්නට නොහැකි අයුරින් රජය විසින් ආදායම් බදු පැමිණවීම නිසාවෙනි.

    ප්‍රථම ස්වීප් ටිකට්පතෙන් ප්‍රථම ජයග්‍රාහකයාගෙන් පසු තෙවන ස්වීප් ටිකට්පතෙන් දෙවන ජයග්‍රාහකයා ද තේරීපත් වූ නිසා මිනිසුන් අතර ස්වීප් ටිකට්පත් වලට තිබෙන ඉල්ලුම හා උණුසුම වැඩි වන්නට විය. එම් උණුසුම වර්තමානයේ ද පවතියි.

    මූලාශ්‍ර : ලක්දිව නිව්ස් වෙබ් අඩවිය, ලංකාදීප පුවත්පත, මව්බිම පුවත්පත
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,678
    75,762

    Mekata adaala ne,

    Mata mathakai issara amba yaaluwo kiyewwa. eketh salli tibbe rupiyal, satha level ekey. Antimata ara dupath eka lottery ekak win kala wage mathakai. Podi kaaley aathal katha tama itin.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,495
    113
    I believe there was the Gymkhana Lottery before this. There was the Colombo Gymkhana Club who organized this. I don;t think the Club is still in existence.
    I had a friend whose father who won two Gymkhana Lotteries when he was quite young.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    I believe there was the Gymkhana Lottery before this. There was the Colombo Gymkhana Club who organized this. I don;t think the Club is still in existence.
    I had a friend whose father who won two Gymkhana Lotteries when he was quite young.
    Cricket club, hockey club + queen's Tika okata ne tienne ? Shammi Silva inne dan. 🤔
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    I believe there was the Gymkhana Lottery before this. There was the Colombo Gymkhana Club who organized this. I don;t think the Club is still in existence.
    I had a friend whose father who won two Gymkhana Lotteries when he was quite young.
    Gymkhana wasn't stablished as a proper lottery service back then. Gymkhana lottery tickets were sold only at Gymkhana clubs. But the Hospital Lottery was a well stablish service, distributed island wide with much more higher wining Prizes.

    There was the Colombo Gymkhana Club who organized this
    Gymkhana Lotteries was organized by Galle gymkhana club back in early 1940's
    ------ Post added on Nov 7, 2022 at 4:49 PM
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    Pavle 13k. Break nathuva hadapu ekath resources nathi venna hethuvak
    ලංකාවේ මේ දැන් තියන හෙනේට ඕක ලොකු හේතුවක්.
    නිකන් කකුල් දෙක පළල් කරලා හැ@#& පස්සේ රජයේ hospital එකෙන් පිනට වදන්න පුළුවන් නිසා break නැතුව හැදුවා. හරි නම් ඕකට බද්දක් ගහන්න තිබ්බේ..

    ළමයි 13ක් හදලා එක්කෝ 1ක් ට 2ක්ට හොඳට උගන්වනවා අනිත් උන් නුගත් පව්... නැත්නම් ඔක්කොම නුගත්

    ඒ විදියට සමාජ අවබෝධයක් නැති උන් විදියට ඇවිල්ලා තමයි අද මේ රට මෙතනට වැටිලා තියන්නේ..
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    ලංකාවේ මේ දැන් තියන හෙනේට ඕක ලොකු හේතුවක්.
    නිකන් කකුල් දෙක පළල් කරලා හැ@#& පස්සේ රජයේ hospital එකෙන් පිනට වදන්න පුළුවන් නිසා break නැතුව හැදුවා. හරි නම් ඕකට බද්දක් ගහන්න තිබ්බේ..

    ළමයි 13ක් හදලා එක්කෝ 1ක් ට 2ක්ට හොඳට උගන්වනවා අනිත් උන් නුගත් පව්... නැත්නම් ඔක්කොම නුගත්

    ඒ විදියට සමාජ අවබෝධයක් නැති උන් විදියට ඇවිල්ලා තමයි අද මේ රට මෙතනට වැටිලා තියන්නේ..
    බනින් නෙපා...... සුදු දෝනිට...