ලංකාවේ බෞද්ධ පන්සල් විනාශ කිරීම

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
Baudda nowena pansaluth thiyenewada machan?

දවසක් මාළු කඩේක "අලුත් මාළු අඩුමිලට විකිණීමට ඇත" කියා දැන්වීම පුවරුවක් සවිකලා.
ඒය දැකපු එක් පුද්ගලයක් "අලුත් මාළු අඩුමිලට විකිණීමට ඇත" කියා දැන්වීම පුවරුවක් එල්ලා තිබෙන්නේ ඔබ පරණ මාළුත් විකුණවාද?" කියා එම කඩ හිමියාගේන් විමසුවා.එම ප්‍රකාශය පිළිබද කල්පනා කර කඩහිමියා
"අලුත්"යන වචනය ඉවත්කර "මාළු අඩුමිලට විකිණීමට ඇත" යනුවෙන් දැන්වීම පුවරුව වෙනස්කලේය.

දින කිහිපයකින් එම ස්ථානයට පැමිණි තවත් පුද්ගලයෙක් මේ දැන්වීම දෙස බලා "මාළු අඩුමිලට විකිණීමට ඇත" කියා දැන්වීම පුවරුවක් එල්ලා තිබෙන්නේ ඔබ කරවලත් විකුණවාද?" කියා එම කඩ හිමියාගේන් විමසුවා.
එම ප්‍රකාශය පිළිබවද කල්පනා කර කඩහිමියා
"මාළු"යන වචනය ඉවත්කර "අඩුමිලට විකිණීමට ඇත" යනුවෙන් දැන්වීම පුවරුව වෙනස්කලේය.

එම ස්ථානයට පැමිණි තවත් පුද්ගලයෙක් මේ දැන්වීම දෙස බලා "අඩුමිලට විකිණීමට ඇත" කියා දැන්වීම පුවරුවක් එල්ලා තිබෙන්නේ ඔබ වැඩිමිලටත් විකුණවාද?" කියා එම කඩ හිමියාගේන් විමසුවා.
එම ප්‍රකාශය පිළිබවද කල්පනා කර කඩහිමියා
"අඩුමිලට "යන වචනය ඉවත්කර"විකිණීමට ඇත" යනුවෙන් දැන්වීම පුවරුව වෙනස්කලේය.

පසුව මෙය දුටු පුද්ගලයෙක් මේ දැන්වීම දෙස බලා "විකිණීමට ඇත" කියා දැන්වීම පුවරුවක් එල්ලා තිබෙන්නේ "ඔබ මාළු විකුණනවා කියල අපි දන්නව. ඔබ මාළු නොමිලේත් දෙනවාද?" කියා එම කඩ හිමියාගේන් සිනාමුසු මුහුණින් විමසා සිටියේය.
එම ප්‍රකාශය පිළිබවද කල්පනා කර කඩහිමියා "විකිණීමට ඇත" යන්නද ඉවත් කර දැම්මේය.

අවසානයේ කඩහිමියා කල්පනාකලේ තමා මුදල් වියදම් කර නිර්මාණය කල දැන්වීම එක් එක පුද්ගලයාගේ මෝඩ කතා ඇසීමට ගිය නිසා තමාට අහිමිවු ආකාරය ගැනයි.
මුල්ම පුද්ගලයාගේ තේරුමක් නැති මෝඩ අදහස මුලින්ම නොසලකා හැරියානම් මේ දෙය තමාට සිදුනොවන බවත් අවසානයේ ඔහුට වැටහුනා.