මේ තියෙන්නේ ලංකාවේ ප්‍රධානම යුදෙව් ආගමික ස්ථානය (synagogue ) , මේක පිහිටලා තියෙන්නේ කොල්ලුපිටියේ ආනන්ද කුමාරස්වාමී මාවතේ chabad house හිය.
යුදෙව්වන්ගේ සබත් දවස පටන් ගන්නේ සෑම සිකුරාදා ඉර බැස යාමත් සමඟය, ඒ නිසා එදින හවස් වෙනවිට මෙම ස්ථානයට දේශීය විදේශීය 30-40 ක පමණ පිරිසක් එකතු වෙනවා.
යුදෙව් ආගමේ පූජකයා හඳුන්වන්නේ රබ්බී ලෙසය. මෙම ස්ථානයේ රබ්බී වරයා ඊශ්‍රායලයේ tel-aviv හි යුදෙව් ආගම පිළිබඳ උපාධිදාරියෙක් වන අතර ඔහු දරුවන් සහ බිරිඳ සමඟ මෙහි දැනට අවුරුදු 6 ක් පමණ වාසය කරනවා.
සවස පටන් ගන්න ආගමික වතාවන් පාන්දර වෙනකන්ම සිදුකරගෙන යන අතර ඉන්පසුව රබ්බී ගේ ප්‍රමුඛත්වයෙන් සියලු දෙනාම එක මේසයක භෝජන සංග්‍රහයක් පිළියෙල කරනවා. එහිදී මුලින්ම වයින් වීදුරුවක් සියලු දෙනා අතම යවන අතර ඉන්පසු දෑත් සෝදා මුහුන් නුමුසු පාන් වලට ලුණු ඉස රබ්බි විසින් පිලිගන්වනු ලබනවා. ඒ පාන් හදන්නෙත් මෙතනමයි.
මොවුන් ඌරුමස්, ඉස්සන් , දැල්ලන් , කකුළුවන් අනුභව නොකරන අතර වරල් හා කොරපොතු සහිත මාලුන් පමණක් ආහාරයට ගනියි. සතුන් අනුභව කරන ලද එලවලු ද අනුභව නොකරන අතර භෝජන සඳහා ගොඩක් අමුද්‍රව්‍ය ගේන්නෙත් ඊශ්‍රායලයෙන් ය.
යුදෙව් ආගමික වත්පිලිවෙත් සඳහා භාවිතා කරන "මික්ච්" යනුවෙන් හැඳින්වෙන ලංකාවේ එකම නාන තටාකය chabad house හි පිහිටා ඇත. වැසි ජලය පෙරා මෙම තටාකයට එක් කිරීම ජලය එකතුකරගන්නා එකම ක්‍රමය වේ.
කාන්තාවන්ගේ මාසික ඔසප් වීමෙන් පසුව මෙම මික්චි තටාකයෙන් ස්නානය කර තම පුරුෂයා හා ලිංගිකව එක්වීම ආශිර්වාදිත කරුණක් ලෙස යුදෙව් ජනතාව සලකනු ලැබේ.
යුදෙව් ආගම එක් ආකාරයක ගෝත්‍රික ආගමකි. ගෝත්‍රයෙන් පිට අයට එම ආගමට ඇතුළත් වීමට නොහැක. ඒ සඳහා රුධිර සම්බන්ධතාවක් තිබිය යුතුය. විශේෂයෙන් එම සම්බන්ධතාව මනින්නේ මව් පාර්ශ්වයෙනි.

- තොරතුරු අන්තර්ජාලයෙනි -
https://m.facebook.com/story.php?st...gCJVUVqzil&id=100064780866730&mibextid=Nif5oz