> ශ්‍රී ලංකාව තුළ පිහිටි ස්වභාවික පොස්පේට් නිධි දෙකකි. එකක් කවිසිගමුවේ පිහිටා ඇති අතර, අනෙක අනුරාධපුර දිස්ත්‍රික්කයේ, තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, එප්පාවල ග්‍රාමයේ පිහිටි සුප්‍රකට එප්පාවල පොස්පේට් නිධියයි. වර්ග කිලෝමීටර් 6ක් පුරා පැතිරී ඇති එප්පාවල පොස්පේට් නිධිය මෙට්‍රික් ටොන් මිලියන 60 ක පොස්පේට් සම්පතක් දරා සිටින මහා ධන නිධානයකි. ඛනිජ විද්‍යාවට අනුව මෙය ඇපටයිට් ඛනිජ නිධියක් ලෙස හඳුන්වන අතර මෙහි සාමාන්‍යයෙන් පොස්පරස් 35% ක් 40% ප්‍රමාණයකින් අඩංගු වේ.
> මේ නිධිය 1971 වර්ෂයේදී භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගන්නා ලද්දකි. පසුව එහි කැණීම් කටයුතු, සිතියම් ගත කිරීම් ආදී මූලික මෙහෙයුම් කටයුතු 70 දශකයේම අවසන් කර තිබිණි. 1992 වසරේදී සී/ස ලංකා පොස්පේට් රාජ්‍ය සමාගම පිහිටුවන ලද්දේද එප්පාවල පොස්පේට් සම්පත භාවිතයට ගැනීමේ අරමුණෙනි. එසේ වුවද 1971 දී සොයාගත් මේ ජාතික සම්පත තවත් වසර 48 යනතුරු එනම් 2019 වනතුරු රටේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් හෝ සංවර්ධනය වෙනුවෙන් ප්‍රශස්ත ලෙස යොදගෙන නැත. ඒ බව පොස්පේට් රාජ්‍ය සමාගම 2018 නිකුත් කළ වාර්තාවකද පැහැදිලිව සදහන් වෙයි.
> මීළගට අපේ පොස්පේට් නිධියේ වැදගත්කම් මොනවාදැයි විමසා බලමු.
> කෘෂිකාර්මික කටයුතුවලදී ශාකවල පොස්පරස් අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සදහා ලංකාවට බහුලව ආනයනය කරන නිමි පොස්පේට් වර්ගය වන්නේ Triple Super Phosphate හෙවත් ත්‍රිත්ව සුපිරි පොස්පේට් ය.එහෙත් ත්‍රිත්ව සුපිරි පොස්පේට් සඳහා ආදේශකයක් ලෙස භාවිතා කළ හැකි Single Super Phosphate හෙවත් කේවල සුපිරි පොස්පේට් නිපදවීමට එප්පාවල නිධිය සාර්ථකව භාවිතා කළ හැකි බව විවිධ කාලවල සිදුකළ අධ්‍යයන වලින් තහවරු වූ කරුණකි. සී/ස ලංකා පොස්පේට් රාජ්‍ය සමාගම විවිධ කාලවල බලයට පත් ආණ්ඩු හා ඇමතිවරු යටතේ කේවල සුපිරි පොස්පේට් වාණිජ මට්ටමින් නිපදවීමට උත්සාහ කර තිබුණද ඒ සියලු උත්සාහයන් මේ දක්වා ව්‍යර්ථ වී ඇත.
> කේවල සුපර් පොස්පේට් දේශීයව නිෂ්පාදනය කළහොත් ත්‍රිත්ව සුපර් පොස්පේට් ආනයනය සදහා වැයවන විශාල මුදලක් රටට ඉතිරිවෙයි. යම් අතිරික්ත නිෂ්පාදනයක් ඇති වුවහොත් ඒවා අපනයනය කළ හැකිවේ. එමෙන්ම පෝරවලට අමතරව සත්ත්ව ආහාර, ජල මෘදු කාරක, රසායන ද්‍රව්‍ය, කෘත්‍රිම අස්ථි, පිඟන් භාණ්ඩ, ඖෂධ හා තීන්ත නිෂ්පාදනයටද එප්පාවල පොස්පේට් සම්පත භාවිත කළ හැකිය.
> එනයින් සී/ස ලංකා පොස්පේට් රාජ්‍ය සමාගම කාර්යක්ෂම කිරීම වාණිජ ක්ෂේත්‍රයේ බරපතල ගැටලුවක් වන වෙළඳ ශේෂයේ පරතරය පියවීම සම්බන්ධවද ඵලදායී ලෙස බලපානු ඇත.
> එප්පාවල පොස්පේට් නිධියේ ඇති තවත් වැදගත් වාසියක් වනුයේ එහි සංචිතයෙන් 35% ක පමණ ප්‍රමාණයක් භූමි මට්ටමෙන් එනම් සමෝච්ච රේඛාවෙන් අඩි 400 කට ඉහළින් පිහිටා තිබීමයි.මෙම ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 21 කි. අවම නිෂ්පාදන වියදමකින් මේ පොස්පේට් වාණිජ ක්‍රියාවලිය සඳහා ඇද ගත හැකිය.
> මීළගට එප්පාවල පොස්පේට් නිධියේ ඇති මීළග සුවිශේෂීම වැදගත්කම වනුයේ ලෝකයේ බොහෝ පොස්පේට් නිධිවල අඩංගු කැඩ්මියම්(Cd) හා ආසනික්(As) යන බැර ලෝහ නොගිනිය හැකි ප්‍රමාණයකින් අඩංගු වීමය. මෙය ඉතා සුවිශේෂී තත්වයකි. මේ නිසා එප්පාවල නිධිය භාවිතා කර නිපදවන පොහොර වකුගඩු, හෘද, පිළිකා, දියවැඩියා ආදී රෝග සඳහා අඩුම අවදානමක් ගෙන දෙනු ඇත.
> ශ්‍රී ලංකාවට ත්‍රිත්ව සුපිරි පොස්පේට් ගෙන එන්නේ ආසනික්, කැඩ්මියිම් වැනි බැර ලෝහ බහුල පොස්පේට් නිධි ඇති චීනය, මැලේසියාව, බෙලාරුස්, ජෝර්දානය, උස්බෙකිස්තානය වැනි රටවලිනි. වකුගඩු රෝග ඇතුළු බැර ලෝහවල හානිකර ප්‍රතිඵල ගැන විශාල කතාබහක් ඇතිවී ඇති කාලයක තවමත් අපි වස විසෙන් තොර රසායන පොහොර දේශීයව නිපදවීමේ හැකියාව පසෙක තබා එක රැයෙන් රට කාබනික ගොවිතැනට ගෙනයාම වැනි අප්‍රායෝගික තීරණවල එල්බ සිටීම කෙතරම් ඥානාන්විත වේද?
> 2006 සාර්ථක අත් හදා බැළීමක් කළ මහාචාර්‍ය චන්දන .පී.උඩවත්ත ආනයනික සල්පියුරික් අම්ලය සහ එප්පාවල රොක් පොස්පේට් (ERP) අවශ්‍ය රසායනික ක්‍රියාවලියට භාජනය කිරීම මඟින් Single Super Phosphate වාණිජව නිෂ්පාදනය කළ හැකි ආකාරයට අදාල අධිකාරීන්ට පෙන්වා දී තිබුණි.
> එසේ වුවද මේ දක්වාම නිමි පොස්පේට් නිපදවීම කෙරේ ආයතනය ප්‍රමාණවත් අවධානයක් යොමු කර නැත. මෙතෙක් එනම් 2018 දක්වාම සිදුව ඇත්තේ නිධියෙන් ලබාගන්නා ඇපටයිට් පාෂාණ කැට රොක් පොස්පේට් නිපදවීම සදහා පෞද්ගලික සමාගම් 12කට අලෙවි කිරීම පමණි. රොක් පොස්පේට් ජලයේ දිය නොවන බැවින් එය වගා කටයුතු සදහා භාවිත කිරීමේ නොයෙක් සීමාකම් පවතී.
> එහෙත් නිමි තත්වයේ නොපවතින රොක් පොස්පේට් විකිණීමෙන් ඉපයිය හැක්කේද අඩු මුදලකි. ඒ ආදායම ලංකා පොස්පේට් රාජ්‍ය සමාගමේ (LPL) මෙහෙයුම් වියදම වත් පියවාගත නොහැකිව 2015 සිට එම ආයතනය දිගින් දිගටම පාඩු ලබමින් පැවතුනි. 2020 මහ මැතිවරණයෙන් පසු කර්මාන්ත අමාත්‍යවරයා ලෙස විමල් වීරවංශ මහතා පත් වී එන්නේ ඔය අතරය.
> එප්පාවල පොස්පේට් නිධියෙන් Single Super Phosphate නිපදවීමට පෙර ඉන් ලාභ ලැබීමට කළ යුත්තේ කුමක්දැයි වීරවංශ අමාත්‍යවරයා පාලනාධිකාරිය සමඟ සිදු කළ රැස්වීම් කිහිපයකින් පසු තීරණ කිහිපයක් ගනු ලැබිණි.
1. අනෙකුත් රසායනික පොහොර සමඟ මුසුකාරකයක් වෙළඳපොලට එක් කළ හැකි (ERP)පොස්පේට් පැකැට්ටුවක් නිර්මාණය කිරීම.
2.වෙනත් පොහොර නිෂ්පාදන සමාගම්වලට පොහොර නිෂ්පාදනය සඳහා ලබා නොදී, සමාගම මගින්ම අගය එකතු කර (ERP) රොක් පොස්පේට් පොහොර අළෙවි කිරීම.
3.කොවිඩ් වසංගතය සමඟ ගෙවතු වගාවට කාබනික පොහොර යෙදීමේ ප්‍රවණතාවක් ඇතිවූ විට කාබනික පොහොර කිලෝ 20 කට සාර්ථකව මුසු කළ හැකි (ERP) කිලෝ 1 ක පැකැට්ටුවක් නිපදවා එය සාර්ථකව අළෙවි කිරීම.(මින් දේශීය අවශ්‍යතාවන්ට පොස්පේට් පොහොර මිලදී ගැනීම සඳහා වාර්ෂිකව වැයවෙන රුපියල් බිලියන 33 ක මුදල ඉතිරි කර ගැනීමේ හැකියාවක්ද මතුවිය.කාබනික පොහොර නයිට්‍රජන් හා පොටෑසියම් මඟින් පොහොසත් නමුත් පොස්පරස් වලින් පොහොසත් නැත.)
4. Biogenic Microbial Phospate හෙවත් ජෛව හරිත පොස්පේට් නිපදවීම ආරම්භ කිරීමට සැළසුම් සැකසීම.
5.Triple Super Phosphate ආනයනයට වැයවෙන රුපියල් බිලියන 10 රට තුළම ඉතිරි කර ගැනීම පිණිස 2022 සිට Single Super Phosphate නිපදවීමට අවශ්‍ය යාන්ත්‍රණය සැකසීම.
6. ISO:45000 හා ISO:9001 සුපරීක්ෂණ තත්ත්ව සහතික ලබා ගැනීම පිණිස කටයුතු කිරීම.
7. කිසිදු නව සේවක බඳවා ගැනීමක් නොකිරීම මඟින් සමාගමේ නිෂ්පාදන පිරිවැය අවම කිරීම.
> ඉහත දැක්ම මත කටයුතු කරමින් සමාගමේ පාලනාධිකාරිය වෙත කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමක් නොකරමින් අද වනවිට දිවයිනේ සමස්ත රොක් පොස්පේට් අවශ්‍යතාවය සම්පූර්ණ කළ හැකි තත්වයකට සමාගම පත්ව සිටී. ඒ දෛනික අවශ්‍යතාව වන මෙට්‍රික් ටොන් 250 ක නිෂ්පාදන ධාරිතාවකට ළඟාවීම තුළිනි.
> සමාගම උක්ත 1,2,3 හා 7 අරමුණු සාර්ථකව ජයගෙන Biogenic Microbial Phosphate නිපදවීම සඳහා ජුනි 23 දින අත්සන් කිරීමට එකඟතා ගිවිසුම්ද සකසා ඇති පසුබිමක් තුළ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ විෂයෙන් ''රාජ්‍ය ලංකා පොස්පේට් සමාගම'' ඉවත්කර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත ගැසට් කර තිබේ.
> දීර්ඝ කාලයක් තිස්සේ නිසි ක්‍රියාකාරී තත්ත්වයට පත් නොකර අකර්මන්‍ය කර තිබූ ආයතනයක්, නව ජවයකින් නැගී සිටිමින් එහි ලාභ ඉපයීම ආරම්භ කළ අවස්ථාවේම එම ආයතනය අදාළ ඇමතිවරයාගෙන් ගලවා ඉවත් කරන ලද්දේ කුමන පදනමකින් දැයි පැහැදිලි නැත. කෙසේ හෝ වේවා දැනට යෝජනා වී ඇති සැලසුම ඉදිරියේදී හෝ නිසි පරිදි ක්‍රියාත්මක වේ නම් වසර 48ක් තිස්සේ පැත්තකට දමා තිබූ පොස්පේට් නිධියෙන් රටට විශාල ප්‍රතිලාභයක් අත්කර ගත හැකි වනු ඇත.
වින්දන කහඳගේ