අපරාදේ කියන්න බැහැ. මේක ආතල් රටක්.

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,106
    2,610
    113
    මචන්ලා අද ඉරිදා නිසා පොඩි විවේකයක් හම්බුනා සිංහල නිව්ස් ටිකක් කියවන්න. මට එතකොටයි තේරුනේ ලංකාව කියන්නේ කොච්චර ආතල් සුන්දර රටක්ද කියල. මට හම්බුනා රසබර කතා ටිකක්. ඔයාලගේ අදහස් උදහස් සතුටින් බාරගන්න කැමති.

    1. මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය ලබා දීමට පියවර ගන්නා බව, අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. මිහින්තලය රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් සඳහන් කළේ, මෙලෙස පොසොන් උත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබී ඇත්තේ වසර දෙකකට පසුව බවයි. මෙවර පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මිහින්තලයේදී පැවැත්වීමට රජය තීරණය කර ඇති අතර එහි සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය වසන්ත සමරසිංහ මිහින්තලය රජමහා විහාරස්ථානයට පැමිණියා.

      මිනිස්සු ඉරට හදට වන්දනාමාන කරන එක නවත්තලා ඊටවඩා වටිනා විද්‍යාත්මක කලාත්මක ඉතිහාසත්මක දේවල්වලට ආයෝජනය කළා. සහ දැනුත් කරනවා. එලෝන් මසක් වගේ මිනිස්සුන්ට සිංහල බැරි නිසා හොදයි එක අතකට. අපි තාම ඉන්නේ ගල්යුගේද නැත්නම් වෙන මොකක් හරි යුගේකද කියල මට තාම තේරෙන්නේ නැහැ බන්. (මම නිරගමික හරි මොකක් හරි කියල ගහන්න උබලට පුළුවන්. එකට අවශ්‍ය නම් උත්තර දෙන්නම් suddh)

    2. තායිලන්තයේ පතායාහී සෙනසුරාදා රාත්‍රියේදී ලාංකික සංචාරකයකු ප්‍රහාරයකට එල්ල වී තිබෙනවා. ඔහු එසේ ප්‍රහාරයට ලක්වී තිබෙන්නේ සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් අනවශ්‍ය ලෙස ස්පර්ශය කිරීම නිසා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඔහු ඇගේ ලිංග භේදය තහවුරු කර ගැනීම සඳහා දෙවරක් ඇගේ ලිංගික අවයවය ස්පර්ශ කර තිබෙනවා. එසේ සිදු කිරීමේදී ඇගේ සේවා මිල වූ බාත් දෙදහක් ගෙවිය යුතු වුවත්, ශ්‍රී ලාංකික සංචාරකයා විසින් එය ගෙවීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ. එම අවස්ථාවේදී සංක්‍රාන්තික ලිංගික කාන්තාව විසින් අඩි උස සපත්තුවකින් ඔහුගේ හිසට හතර පස් වතාවක් පහර දී තිබෙනවා. මෙසේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ 54 හැවිරිදි පුද්ගලයෙක්. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ පොලිසිය පැමිණෙන අවස්ථාවේදීත් ඔහුගේ හිසෙන් ලේ ගලමින් තිබුණු බවයි.

      මේක නම් පට්ට ආතල්. ලංකාවේ ඉන්නේ නියම ලිංගික ඇරියස් කාරයෝ ටිකක්. ගැනියෙක් දැක්කොත් ඔබල බලනකල් නින්ද යන්නේ නැහැ. මේ රට හදනවා බොරු මේ වගේ ලිංගික අසහනකාරයෝ ඉන්නකල්.

    3. ලංකා පොස්පේට් සමාගමේ සවිකර තිබෙන ඇඹරුම් යන්ත්‍ර සඳහා අවශ්‍ය රබර් බුෂ් මිලදී ගැනීමේදී රුපියල් ලක්ෂ 150කට අධික මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව විගණන වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා. රුපියල් 350කට දේශීය මිලදී ගැනීමට හැකිව තිබූ රබර් බුෂ් ඒකකයක් රුපියල් 79,082කට මිලදී ගැනීම තුළින් මෙම පාඩුව සිදුව ඇති බව එම වාර්තාවේ සඳහන්. එප්පාවල පිහිටි ලංකා පොස්පේට් සමාගම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී සමාජයේ වැඩි අවධානයක් යොමු වුණේ එම සමාගමේ සිදුවූ බව කියන විවිධ අක්‍රමිකතා හේතුවෙන්. 2023 වර්ෂයේදී එවකට ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයාව සිටි චාමර සම්පත් දසනායක එම සමාගමට ගිය අවස්ථාවේ උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. ඒ රුපියල් ලක්ෂ 50ක පමණ වියදමින් ගෙන්වන ලද සමාගමට අවශ්‍ය නොවන ඇඹරුම් යන්ත්‍රයක කොටසක් පිළිබඳව සේවකයින් පිරිසක් අමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. එම ඇඹරුම් යන්ත්‍ර කොටස් ගෙන්වීම හේතුවෙන් වූ සිදු වූ මූල්‍යමය පාඩුව පිළිබඳව මේ වනවිට විගණන වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා. ඒ අනුව ලංකා පොස්පේට් සමාගම විසින් 2022 වසරේදී ඛනිජ ඇඹරුම් යන්ත්‍ර සඳහා යොදනු ලබන රබර් බුෂ් ඒකකයක් රුපියල් 350කට දේශීයව මිලදී ගැනීම සඳහා මුදල් වෙන් කර තිබුණා. එ ම රබර් බුෂ් ඒකක 81ක් ගබඩා කර පවතින අවස්ථාවකදී එම තොගය ශුන්‍ය බව පවසමින් තවත් රබර් බුෂ් ඒකක 200ක තොගයක් ආනයනය කිරීමට සමාගම පියවර ගෙන ඇති බව විගණන වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා. එහිදී දේශීයව රුපියල් 350කට මිලට ගැනීමට හැකිව තිබූ රබර් බුෂ් ඒකකයක් මෙම ආනයන ක්‍රියාවලියේදී රුපියල් 79,082ක් වැනි අධික මුදලකට මිලදී ගෙන ඇති බව විගණන වාර්තාවේ සඳහන්. පෙර පැවති මිලට මෙම රබර් බුෂ් ඒකක 200ක්ම රුපියල් 70,000කට මිලට ගත හැකිව තිබූ නමුත් නව ක්‍රමවේදය යටතේ ලබාගත් රබර් බුෂ් ඒකක 200 සඳහා රුපියල් 15,816,482 ක් වැනි අධික මුදලක් වැය වී ඇති බව විගණන වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා. ඒ අනුව මෙම ආනයන ක්‍රියාවලිය තුළින් අදාළ සමාගමට රුපියල් 15,746,482ක අලාභයක් සිදුව තිබෙන බව විගණන වාර්තාවේ සඳහන්. එලෙස සමාගමට පාඩු ගෙන දෙමින් මිලදී ගත් රබර් බුෂ් තොගය 2024 අපේල් මස 1 වනදා වන විටත් භාවිතයට ගෙන නොතිබූ බව ද විගණන වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.


      අනේ අපේ බදු සල්ලි

    4. වසර 17ක් තිස්සේ අක්‍රීයව පැවති නාඋල ඔරලෝසු කණුව අළුත් වැඩියාකර එයට CCTV කැමරා පද්ධතියක් ද යොදා යළි විවෘත කර තිබෙනවා. ඒ සඳහා වූ චාම් උත්සවයක් පසුගිය දා (30) පස්වරුවේ නාඋල නගරයේ දී පැවැත්වුණා. නාඋල එක්සත් වෙළද සංගමයේ පුර්ණ ධන පරිත්‍යාගයෙනුයි මෙම ඔරලෝසු කණුවේ අළුත් වැඩියාවන් සිදුකර CCTV කැමරා පද්ධතිය සවිකර ඇත්තේ. නාඋල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටිරෝන් රත්නායකගේ යෝජනාවකට අනුවයි මෙම කටයුත්ත සිදුකර තිබෙන්නේ. මෙම අවස්ථාවට මහා සංඝරත්නය,නාඋල ප්‍රාදේශිය ලේකම් එස්.විජයකුමාර්, නාඋල එක්සත් වෙළද සංගමයේ සාමාජිකයින් සමග පොලිසිය මෙන්ම නගර වාසින් රැසක් ද එක්ව සිටියා.

      අඩෝ අර සුහද කොකා එකේ ඔරලෝසු කනුව එකේ සිද්දිය මතක් උනේ මේක කියවද්දී. මේ ලංකාව පට්ට ආතල් උට්ටො. මුන්ට පඩි ගෙවන්නේ අපි නේද?


    5. ප්‍රමිතියෙන් තොර බව පවසමින් භාවිතයෙන් ඉවත් කළ ඉමියුනොග්ලොබියුලින් ඖෂධවලින් කොටසක් යළි භාවිතයට ගන්නා ලෙස වෛද්‍ය සැපයුම් ඒකකය රෝහල්වලට දැනුම් දී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව චෝදනා කරනවා. ඔහු මෙම චෝදනාව එල්ල කළේ අඩු මිලට ඖෂධ ගෙන්විය හැකි සැපයුම්කරුවන් ඖෂධ නියාමන අධිකාරිය තුළ ලියාපදිංචි කිරීම ප්‍රමාද කරමින් මිල වැඩි ලංසු තබන සමාගම්වලින් ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පැමිණිල්ලක් කිරීමට පැමිණි අවස්ථාවේදීයි. එහෙත් ඖෂධයේ තත්ත්වය පිළිබඳ කිසිදු සැකයක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවත්, එම ඖෂධය නැවත භාවිත කළ හැකි බවට නිර්දේශ කර ඇති බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් අද සඳහන් කළා. ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ලද ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත මෙරට භාවිතයේදී ඇති වූ ආසාත්මිකතා සහ සංකූලතා හේතුවෙන් එම ඖෂධය සම්බන්ධයෙන් ප්‍රශ්න සහගත තත්ත්වයක් හටගත්තා. ඒ සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලටද චෝදනා එල්ල වූ අතර ඔහුට රක්ෂිත බන්ධනාගාරගතවීමටද සිදුවුණා. එවන් පසුබිමකයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මෙම චෝදනාව සිදු කරන්නේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය පැවසුවේ, ඉමියුනොග්ලොබීන් නමැති මෙම ඖෂධයට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ලියාපදිංචිය ලබාදී ඇත්තේ 2023 වසරේදි බවයි. භාවිතයේදි ඇති වු ගැටලු‍ කිහිපයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලිවලට අනුව කරන ලද පර්යේෂණයකින් එම ඖෂධයේ තත්ත්වය පිළිබඳ ගැටලු‍කාරි තත්ත්වයක් හටගත් බැවින්, ආරක්ෂාව හා අවධානම් ඇගයීම් උපකමිටුව මගින් ඖෂධය භාවිතයෙන් ඉවත්කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය වෙත දැනුම් දුන් බවද එහි සදහන්. ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරන ලද පර්යේෂණවලින් එම ඖෂධය නිසි ප්‍රමිතියෙන් යුතු බවට පෙනී ගිය අතර, ඉන්දියාවේ මධ්‍යම ඖෂධ තත්ත්ව පාලන ආයතනය මගින් කරන ලද පර්යේෂණවලින් ද ඒ බව තහවුරු වු බව එහි වැඩිදුරටත් දැක්වෙනවා. එම වාර්තා සැලකිල්ලට ගනිමින් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ආරක්ෂාව සහ අවධානම් ඇගයීම් උපකමිටුව මගින් එම ඖෂධය තවදුරටත් භාවිත කළ හැකි බවට තීරණය කර තිබෙනවා. ඖෂධයේ තත්ත්වය පිළිබඳ කිසිදු සැකයක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවත්, එම ඖෂධය නැවත භාවිත කළ හැකි බවට නිර්දේශ කර ඇති බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

      මේක තමා මම කියවපු දරුණුම සහ බිහිසුනුම නිව්ස් එක.
      මම මෙඩිසින් ගිහින් නම් නැහැ මචන්. හැබැයි දන්නා විදියට ලංකාවේ ලස්සන පොඩි කෙල්ලෙක් ඇතුළු කීප දෙනෙක්ම මරුන මේ බෙහෙත් එක නිසා. ලංකාවේ වගකිව යුතු ආයතන වලින් සහතික කළා මේකේ කිසිම බෙහෙතක් නැහැ කියල. තව මේක සප්ලයි කරපු දැනට හිරේ ඉන්න සපලයර් උසාවියේදී පිළිගත්තා රටින් ගේනවා කිව්වට සිදුව පැත්තේ ගෙදරක තියාගෙන කුප්පි වලට පිරෙව්වා කියල . එහෙම තියෙද්දී මුන් ආයේ මිනිස්සුන්ට ගහන්න අනුමත කරලා.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    පුනරුද යුගය කියන්නේ ඕකට තමයි :lol:
     

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    730
    720
    93
    මේ රට ජීවිතෙට හැදෙන රටක් නෙමේ බන්
    රට බංකොලොත් නොවී, තෙල්, ගෑස් ටික තිබ්බොත් ඒ ඇති
    මොනවා වුනත් ඉතින් ලක්ෂ 30කට ඉන්දියන් ALTO ලඩියක් හරි ගන්න පුළුවන් නේ
    ලංකාවේ වාහන ගිනි ගණන් වුනාට ඉතින් ලෑන්ඩ්, රෙන්ට් එහෙම ලාබයි නේ අනික
     
    • Like
    Reactions: War Fighter

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,106
    2,610
    113
    TL;DR
    kanawatawath O/L sinhala paper eke saranshakaranaya karala nathi oba nisa duk widina apa
    මම සමරයිස් කලේ මගේ කතාව, නිව්ස් එක එහෙමම දැම්මේ. උබ මුලින් සිංහල ටයිප් කරන්න ඉගෙන ගත්තොත් නරකද? මේක තේරුම් ගන්න මට පැයක් විතර ගියා උට්ටො