ලංකාවේ ලොකුම පොහොසතා

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    ලංකාවේ ලොකුම පොහොසතා

    ලංකාවේ ලොකුම පොහොසතා

    ශි‍්‍ර ලංකාවේ දැනට සිටින ධනවත්ම පුද්ගලයා ධම්මික පෙරේරා (45) බව ලෝ ප‍්‍රකට ෆෝබ්ස් සගරාව හෙළි කර තිබේ. වාසනාව නිසා නොව ඔහු පොහොසතෙකු වූයේ දක්ෂතාවය නිසා බව සාර්ථකත්වයේ රහස් හෙළි කරමින් ඔහු ෆෝබ්ස් සගරාවට පවසා ඇත.
    1999 දී මාර්ගෝපදේශකයෙකු සමග එක්වී 20 අවුරුදු සැලැස්මක් සකස් කර ඇත. ඒ අනුව 2019 වසරේදී ශී‍්‍ර ලංකාවේ ව්‍යාපාරික අංශ 12 ක ප‍්‍රමුඛයා වීම ඔහුගේ අරමුණ විය. මේ වන විට ඔහු සංචාරක, බැංකු, ඇගළුම් ආදී අංශ 9 ක ප‍්‍රමුඛයා ලෙස කටයුතු කරයි.
    ජෝන් කීල්ස් සමාගමේ සෝහිලි කැප්ටන්(80) සහ රුසි කැප්ටන් (48) ,ස්ටැන්සන් සමුහ ව්‍යාපාරයේ හැරී ජයවර්ධන (71), කාසන් කම්බබැච්, සිලෝන් බෙවරේජ්ස් ඇතුළු සමාගම් කිහිපයක හිමිකරු ලෙස හැරී සෙල්වනාදන් (64) හා මනෝ සෙල්වනාදන් (66) සොහොයුරෝද, ධනවත්තු ලෙස ෆෝබ්ස් ඒෂියා සඟරාව හදුන්වයි.
    ධම්මික පෙරේරාගේ ලයිස්තුගත ව්‍යාපාර වටිනාකට ඇමෙරිකා ඩොලර් කෝටි 55 කි.(රුපියල් කෝටි 7260 ) සෝහිලි කැප්ටන් හා රුසී කැප්ටන් ගේ කොටස් වෙළද පොළෙහි වටිනාකම ඇමෙරිකා ඩොලර් කෝටී 18.5 (රුපියල් කෝටි 2442) කි.

    11(19).gif


    ධම්මික පෙරේරා

    12(20).gif


    හැරී සෙල්වනාදන් සහ මනෝ සෙල්වනාදන් සොහොයුරෝ

    14(14).gif


    සෝහිලි කැප්ටන් සහ රුසී කැප්ටන්

    13(13).gif


    හැරී ජයවර්ධන

    Source : Lankadeepa