ලංකාවේ විනිමය අනුපාතය - 1968
ඕකේ සුද්ද ඉන්ගිරිසියෙන්ම දාලා තියනවා "before devaluation ". විවෘත ආර්ථිකයට කලින් අපි විනිමය අනුපාත හැදුවේ ඉල්ලුම සැපයුම මත නෙමෙයි මහ බැංකුවේ ප්‍රකාශිත අගයක්. ඕක වෙලදපොල අනුව ගනනය වෙන්න දුන්න ගමන්ම දෙගුනයක් වගේ උනා. ඒ නිසා අපි 1968 හොඳට හිටියා කියන්න අමාරුයි. ඒ කාලෙත් මිනිස්සු දුප්පත් අදත් එහෙමයි. ලංකාවේ තියෙන්නේ ආදායම් බෙදීයාමේ ගැටලුවක්. ඊට අමතරව ජනගහනයන්/ භූමියෙන් වැඩි කොටසක් කෘශිකර්මයට යොදවනවා නමුත් ආර්ථිකයට දායකත්වය අඩුයි. ලංකාවේ දුප්පත්ම පැති තමා කෘශිකර්මය කරන පලාත්. අපිට ඇත්තටම වෙන රටවලින් අඩුවට හාල් එළවළු ගෙන්න පුලුවන්. නමුත් ගෙන්නේ නෑ මෙහෙ ගොවියට කෙල වෙන නිසා. මොකෝ උන්ට පෝරත් දීලා, ණයත් දීලා, ණය කපා හැරලා, අවම මිලවල් දාල ඔක්කොම තොයිල් නටලත් ගොවියට පාඩුයිලු, අපිටත් මිල වැඩී. ඔතන තම ගැටලුව තියෙන්නේ. රටවල් සාම්ප්‍රදායික කෘශිකර්මයෙන් දියුනු වෙන්නේ නෑ. පිටරටවල සාම්ප්‍රදායික ගොවි බිම් වල වැඩ කරන්නේ 3-5. ඔක්කොම යන්ත්‍රානිසාරයෙන් වැඩේ වෙන්නේ. අනික ලොකු ගොවි පොළවල්. අපේ තියෙන්න පොඩි ගොඩක්. උන්ගේ ලොකු පොඩ්ඩක්. ඕකේ අර්ථික ලාභය වෙනස්.
අපි කරන්න ඕනේ අගය වැඩි භාන්ඩ සහ සේවා හැදීම සහ අපනයනය. අපිට ලාභදායී නැති ඒවා අපනයනය කරන්න ඕනේ. ඔය ස්වයංපොශිත බොරුව කිව්ව උන් තමා රට කෑවේ.