ලංකාවේ සතුට වැඩි වෙලා

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ

    ලෝකයේ සතුටින්ම සිටින රටවල් අතර ලංකාව ඉදිරියට…


    ලොව සතුටින්ම සිටින ජනතාව අතර ඇති රට තෝරණ ලෝක සතුට දර්ශකයේ රටවල් 146ක් අතරින් පියවර දෙකක් ඉදිරියට පැමිණෙමින් මෙවර ශ්‍රී ලංකාව 127 වන ස්ථානය හිමිකරගෙන ඇත.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර සංවර්ධන විසඳුම් ජාලයේ මෙහෙයවී‍මෙන් ‘‘සතුට දර්ශකය’’ නිර්මාණය කරන අතර ඉකුත් 2021 වසරේදී ශ්‍රී ලංකාව 129 ස්ථානයට ශ්‍රේණිගත කර තිබිණි. ඒ අනුව ශ්‍රී ලංකාව 2022 සතුට දර්ශකයේ ස්ථාන 02ක් ඉදිරියට පැමිණ ඇත.

    නවතම ලෝක සතුට දර්ශකයේ පළමු ස්ථානයට ෆින්ලන්තයද, දෙවැනි ස්ථානයට ඩෙන්මාර්කයද, තෙවැනි ස්ථානයට අයිස්ලන්තය ද පත්ව තිබේ. එම දර්ශකයේ අවසන් ස්ථානය ඇෆ්ඝනිස්තානය පත්ව ඇත.

    මෙම දර්ශකයට අනුව ඉන්දියාව 136 වැනි ස්ථානයද, පකිස්තානය 121 වැනි ස්ථානයටද , නේපාලය 84 වැනි ස්ථානයටද, බංග්ලාදේශය 94 වැනි ස්ථානයටද පත්ව තිබේ.

    ජනතාවගේ සතුට පිළිබඳ ඔවුන්ගේම තක්සේරුව මෙන්ම, ආර්ථික හා සමාජ දත්ත මත පදනම්ව ලෝක සතුටු දර්ශකය සකස් කර තිබේ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,438
    36,358
    113
    මැදමහනුවර
    SATHUTA.jpg