ලංකාවේ සිට ක්‍රියාත්මක ISIS

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ලංකාවේ සිට ක්‍රියාත්මක ISIS

    ලංකාවේ සිට ක්‍රියාත්මක ISIS ත්‍රස්තයෙක් ගැන ඉන්දීය බුද්ධි අංශ හෙළිකරයි !



    කුහුල්ලා වනායි නමැති අයිසීස්‌ ත්‍රස්‌ත ක්‍රියාකාරිකයකු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බව ඉන්දීය ආරක්‍ෂක බලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.

    මොහු ගැන තොරතුරු හෙළිවී ඇත්තේ ඉන්දියාවේ ත්‍රිපුර් ප්‍රදේශයේ වෙළෙඳසලක්‌ පවත්වාගෙන ගිය ටෝෂි හෙවත් මඡ්නු නමැති අයිසීස්‌ අනුගාමිකයකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව බවද වාර්තා වේ.

    බංග්ලාදේශයේ ජමාත් මුජෙහිදීන් සංවිධානයේ ක්‍රියාකාරිකයකු වූ මඡ්නු ශ්‍රී ලංකාවේ අයිසීස්‌ ක්‍රියාකාරීන් සමග සබඳකම් පවත්වන බවද තවදුරටත් අනාවරණය වී ඇත.

    එම විමර්ශනයේදී හෙළිවී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිටින එම අයිසීස්‌ ත්‍රස්‌ත අනුගාමිකයන් අතර කුහුල්ලා බහායි නමැත්තකුද සිටින බවයි.

    තමිල්නාඩු ආරක්‍ෂක බලධාරීන් තවදුරටත් දක්‌වා ඇත්තේ මඡ්නු නමැත්තාගේ ශ්‍රී ලංකා මුස්‌ලිම් සබඳතාව ගැන විමර්ශනය කරන බවයි.

    – කීර්ති වර්ණකුලසූරිය

    ශ්‍රී ලංකාව හා ISIS සබදතා පිළිබදව ඉන්දීය රාජ්‍ය බුද්ධි අංශ මීට පෙර අවස්ථා කිහිපයකදීම හෙළිදරව් කර සිටි නමුත් ශ්‍රී ලංකා පොලීසිය එම වාර්තා ප්‍රතික්ශේප කරමින් ප්‍රකාශ කර තිබුනේ මරට ISIS ක්‍රියාකාරකම් සිදුවන බවට තමන්ට වාර්තා වී නොමැති බවයි. පොලිසිය භාර ඇමති සාගල රත්නායකද ඒ බව පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර තිබිණි.

    Abu-dujana-seilani.jpg

    තජුඩීන් තස්කීර් අහමඩ් (අබු දුජානා සෙයිලානි) සිරියාවේදි අයි එස් ත්‍රස්තයන් සමග


    ගලේවෙල ප්‍රදේශයේ ෂෆ්රාස් නීලම් මුෂීන් (අබු සුරෙයියාහ් සෙයිලානි) නමැත්තෙකු සිරියාවේදී අයි එස් ත්‍රස්තයන්ට එකතුවී ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් මියගිය බවට මිට පෙර වාර්තා විය. ඔහුගේ මස්සිනා බව කියවෙන තජුඩීන් තස්කීර් අහමඩ් (අබු දුජානා සෙයිලානි) නමැත්තා මේ මොහොත වන විටත් සිරියාවේ අයි එස් ත්‍රස්තයන් සමග ක්‍රියාත්මව සිටින අතර පසුගිය ජූලි 8 වනදා සමාජ ජාලා වෙත ඒ බව දැක්වෙන ඡායාරූපයක්ද ඔහු විසින් නිකුත් කර තිබිණි. පළමු ශ්‍රී ලාංකික අයි එස් ත්‍රස්තයා ලෙස සැළකෙන ෂෆ්රාස් නීලම් මුෂීන් සමස්ථ ලංකා ජමියාතුල් උලෙමා සංවිධානය සමග සමිප සබදතා පවත්වා ඇති බවට හෙළිදරව්වී ඇතත් මේ දක්වා ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට මෙරට ආරක්ෂක අංශ ක්‍රියා කර නැත.

    මේ අතර ශ්‍රී ලංකාවේ ඉස්ලාම් ත්‍රස්ත සංවිධාන පිළිබදව විමර්ෂණය කිරීම සදහා යුද හමුදා බුද්ධි අංශයේ මුස්ලිම් නිලධාරීන් යොදවා තිබීම පිළිබදව ඉන්දිය සහ ඇමරිකානු තානාපති නිලධාරීන් අතර සිදුවූ සාකච්ඡාවකදී කතාබහට ලක්ව ඇති අතර ඒ පිළිබදව ඔවුන් පුදුමය පළකර ඇත. ආගම පිළිබදව පවතින අන්ධ භක්තිය හේතුවෙන් එම බුද්ධි අංශ නිලධාරීන් ඉස්ලාම් ත්‍රස්ත ජාල සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු වසන් කරන බවටත්, ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක අංශ මෙරට අයි එස් ක්‍රියාකාරකම් පිළිබදව නිසි පරිදි දැනුවත් නොවීමටත් එය හේතුවක් වී ඇති බවට එහිදි කතා බහට ලක්ව ඇති අතර ආරක්ෂක අමාත්‍යාංශයේ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත දැඩි විවේචනයට ලක්ව ඇත
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    කතාව ඇත්තනම් වැඩේ අත ලගයි වගේ.. කොහොම වෙතත් වාර්තාව කියවගෙන ඇවිත් අන්තිමට කීර්ති වර්නකුල කියලා දැක්කම ෆෙඩප් උනා..
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    කොහොම උනත් ඉන්දියාවෙයි ඇමෙරිකාවේ උවමනාවට නිකන් නිදාගෙන ඉන්න යක්කු ඇහැරවගන්න ආන්ඩුව නොයන එකනම් හොදයි.. අන්තිමට ඇමෙරිකාවත් නැ ඉන්දියාවත් නැ ඔකුන් අත් අඩන්ගුවට ගත්තම ලන්කා හමුදාවෙන්.. මතකනේ බ්‍රසල්ස් වල උන දේ.. බොම්බා ගැහුවේ ප්‍රන්ශෙට, ඇල්ලුවේ බෙල්ජියම් පොලිසියෙන්. අන්තිමට අයි එස් උන් ගේම දුන්නේ බ්‍රසල්ස් උන්ට.. ඒ වගේ, අරූ මූ කියන නිසා නිකන් අහක යන නයි රෙද්දේ දා නොගෙන උන්ගේ යුද්ද උන්ට කරගන්න දීලා නිකන් ඉන්න එක නම් හොදයි..
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කොහොම උනත් ඉන්දියාවෙයි ඇමෙරිකාවේ උවමනාවට නිකන් නිදාගෙන ඉන්න යක්කු ඇහැරවගන්න ආන්ඩුව නොයන එකනම් හොදයි.. අන්තිමට ඇමෙරිකාවත් නැ ඉන්දියාවත් නැ ඔකුන් අත් අඩන්ගුවට ගත්තම ලන්කා හමුදාවෙන්.. මතකනේ බ්‍රසල්ස් වල උන දේ.. බොම්බා ගැහුවේ ප්‍රන්ශෙට, ඇල්ලුවේ බෙල්ජියම් පොලිසියෙන්. අන්තිමට අයි එස් උන් ගේම දුන්නේ බ්‍රසල්ස් උන්ට.. ඒ වගේ, අරූ මූ කියන නිසා නිකන් අහක යන නයි රෙද්දේ දා නොගෙන උන්ගේ යුද්ද උන්ට කරගන්න දීලා නිකන් ඉන්න එක නම් හොදයි..

    kathawe aththak thiyenawa :yes: