ලංකාවේ Export බිස්නස් කරන්න හොදම රටක් කිව්ව අය එන්න..

Thoththa_Baba

Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113

    ඇමැතිගේ මැරයන්ගෙන් පහර කෑ විදෙස් ආයෝජකයා ලංකාවෙන් යන්න යයි…?


    කටාන බඩල්ගම පිහිටි සිය කර්මාන්ත ශාලාවට කඩාවැදී තමාට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්‍ෂණයක් පැවැත්වීමට කටයුතු නොකළහොත් මෙරට ආයෝජන කටයුතු නවතා දමා රටින් පිටව යෑමට එම කර්මාන්ත ශාලාවේ හිමිකරු වන ඕමාන ජාතිකයා තීරණය කර ඇත.

    ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයකුගේ මැරයන් පිරිසක් විසින් සිදුකරනු ලැබූ මෙම පහරදීම සම්බන්ධයෙන් මේ වනතුරු විධිමත් සාධාරණ පරීක්‍ෂණයක් පවත්වා නොමැති බව එම ව්‍යාපාරිකයා පවසයි.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකදී විදේශ කටයුතු පිළිබඳ ඇමැති අලි සබ්රි මහතා කියා සිටියේ මේ පිළිබඳව ඕමාන් තානාපතිවරයා තමන්ට කරුණු දැක්වූ බවත්, ඒ අනුව තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමට කටයුතු කළ බවත් ය.

    මෙම සිද්ධියට මුහුණ පෑ ආයෝජකයාට ආරක්‍ෂාවක් ලබාදීම සහ ඔහුට සාධාරණය ඉටු කිරීමට පියවර ගන්නා බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව ද අලි සබ්රි මහතා කියා සිටියේය.

    කුලී පදනම මත එම ආයතනයට වාහනයක් ඇතුළු කිරීමට කළ උත්සාහයක් ව්‍යර්ථ වීමෙන් පසු කෝපයට පත් වූ මෙම රාජ්‍ය ඇමැතිවරයාගේ මැරයන් ඕමාන් ජාතික ව්‍යාපාරිකයාට සහ ආරක්‍ෂක නිලධාරියාට අමානුෂික ලෙස පහර දී තිබිණි. මැරයන් මෙම ප්‍රහාරය එල්ල කර තිබුණේ රාජ්‍ය ඇමැතිවරයාගේ ද අනුදැනුම මත බව විමර්ශනවලින් හෙළි වී තිබිණි.

    ප්‍රහාරය සඳහා මැරයන් 5 දෙනකු පැමිණ සිටි අතර ඉන් සිව්දෙනකු බඩල්ගම පොලිසිය මගින් පසුව අත්අඩංගුවට ගන්නා ලදි.

    අත්අඩංගුවට පත්වූවන්ගෙන් තිදෙනකු මෙම සිද්ධියට සම්බන්ධ අය නොවන අතර ඔවුන් බලහත්කාරයෙන්ම ඒ සඳහා ඉදිරිපත් වූවන් බව පසුව හෙළිවිය.

    අධිකරණය විසින් මෙම සැකකරුවන් අතරින් එක් අයෙකු පමණක් බන්ධනාගාරගත කර බලෙන් ඉදිරිපත් වු තිදෙනා මුදාහැර තිබිණි.

    ඕමාන් ජාතික ව්‍යාපාරිකයාට පහරදීම සම්බන්ධ වූ රාජ්‍ය ඇමැතිවරයාගේ මැරයන් සිව්දෙනා මේ වනතුරුත් අත්අඩංගුවට ගෙන නැත.

    සිද්ධියෙන් පසු ඕමාන් ජාතික ව්‍යාපාරිකයා මේ සම්බන්ධයෙන් ඕමාන් තානාපති කාර්යාලය දැනුවත්කර තිබිණි. ඒ අනුව තානාපතිවරයා විසින් විදේශ ඇමැති, මහජන ආරක්‍ෂක ඇමැති සහ පොලිස්පතිවරයා දැනුවත් කිරීමට කටයුතු කර තිබුණේ ව්‍යාපාරිකයාට සාධාරණයක් ලබා ගැනීමටය.

    එහෙත් මේ වන තුරුත් ඕමාන් ව්‍යාපාරිකයාට කිසිදු සාධාරණයක් ඉටු වී නැති බවත්, ඔහු තවමත් සිටින්නේ දැඩි භීතියකින් සහ පීඩනයකින් බවත් එම කර්මාන්ත ශාලාවෙන් ලැබෙන ආරංචිමාර්ග පැවසීය.

    බඩල්ගම පිහිටි ඕමාන් ජාතිකයාට අයත් මෙම කර්මාන්ත ශාලාවේ කටාන බඩල්ගම ඇතුළු ප්‍රදේශ රැසක කාන්තා පිරිමි දෙපාර්ශ්වයේම විශාල පිරිසක් සේවය කරති.

    ඕමාන් ජාතිකයා කර්මාන්ත ශාලාව වසාදමා රටින් පිටවුවහොත් තම රැකියාවන් අහිමි වන බව එහි සේවකයෝ කියා සිටිති.

    රාජ්‍ය ඇමැතිවරයාගේ මැරයන් කළ මෙම ක්‍රියාව නිසා සේවකයෝ දැඩි කලකිරීමටත් කෝපයටත් පත්ව සිටිති.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රාජ්‍ය ඇමැතිවරයාගෙන් මේ වනතුරුත් ප්‍රකාශයක් ලබාගැනීමට පොලිසිය කටයුතු කර නැත.

    කෝ මේ @raman2, @HAneo
     
    • Sad
    Reactions: Asmodeus

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,103
    113
    ඔය දේශපාලන හොරු එක්ක ජල්තරයකට invest කරපු ඕමාන් කාරයක්. :rofl:

    ලංකාව export business කරන්න හොඳම රට කියල කව්රුත් කියල නැතුව ඇති...
    අසල්වැසි ඉන්දියාවේත් අපිට වඩා production cost අඩුය් :rofl: හැබය් business එකක් දියුණු කරනවා කියන්නේ තමන්ගේ දක්ෂකම..

    අනුන්ට ඉරිසියා කරලා වැඩක් නැහැ බන්, උඹට business බැරිනම් රට ගිහින් හරි වැඩි පඩියක් ගන්න බලපන්..
     
    • Haha
    Reactions: Thoththa_Baba