ලංකාවේ Linux ප්‍රචලිත නොවන්නේ ඇයි

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
ලංකාවේ Linux ප්‍රචලිත නොවන්නේ ඇයි

ලංකාවේ Linux ප්‍රචලිත නොවන්නේ ඇයි…

Posted on 16. අගෝ, 2009 by ගයන්ත in තොරතුරු තාක්ෂණය
[මෙය FOSS ගැන කියවෙන ලිපියක් නොව, Ubuntu-Fedora-SuSE-RedHat වැනි Linux මෙහෙයුම් පද්ධති වලට පමණක් සීමා කිරීමට උත්සහ දරා ඇත]​
Tux-G2.jpg

ලෝකයේ Linux භාවිතා කරන ප්‍රතිශතය එන්න එන්න වැඩි වෙනවලු, Windows භාවිතය අත හරිනව ලු,​
ඒත් ලංකාවේ නම් බැලූ බැල්මට එහෙම දෙයක් පේන්න නෑ‍. තාමත් Ubuntu කියන්නෙ VirtualBox, VMWare වලට සීමා වෙච්ච දෙයක්. ඒකත් 10%ක් වත් නැතුව ඇති.. ( 100%ක්ම ලිනක්ස් උඩ දුවන මිනිස්සුත් නැතුවම නෙමේ..
emoticon-0105-wink.gif
)​
කොහොම උනත් මේකට හේතු විදිහට මම දකින දේවල් තමයි මේවා,​

  1. මිල
    සරලව ලිනක්ස් දෙස බලද්දි අනෙකුත් වාණිජමය මෙහෙයුම් පද්ධති එක්ක පේන ලොකුම වෙනස තමයි මිල. ඒත් ලංකාවෙ අයට මිල කියන්නෙ එච්චර දෙයක් නෙමෙයි. (රු 100කට හරි, යාළුවෙක්ගෙන් නො‍මිලේ හරි XP එකක් හොයාගන්න එක එච්චර අමාරු නෑ). එහෙම තත්වයක් උඩ කෙනෙත්ට නිකං උබුන්ටු CD එකක් දුන්නා කියලා ඒකෙ වටිනාකමක් තේරෙන්නෙ නෑ.
    ..
  2. පරිශිලක සහය
    මේ අදහස් කරන්නෙ අදාල සමාගමෙන් හම්බ වෙන සහය නෙමෙයි, හොර කොපි වලට කොහෙන්ද සමාගමේ සහය? o_O මේ කියන්නෙ, මොකක් හරි අවුලක් ගියොත් උදවුවක් ගන්න ඉන්න පිරිස සීමිත වීම. ලිනක්ස් පාවිච්චි කරන අය දෙන්නා, තුන්දෙනා තැන් තැන්වලට වෙලා ඉඳන් අපි නම් ලිනක්ස් කිය කිය ඉන්නවා මිසක් ප්‍රශ්නයක් අහන්න කෙනෙක්/තැනක් නෑ. කොහොම හරි හෙන ගේමක් දීල මොකෙක් හරි අල්ලගත්ත කියමුකො, “අනේ ඒක නම් දන්නෙ නෑ බං, මම පාවිච්චි කරන්නෙ XXXX Distro එක නෙ, සොරි” වගේ උත්තර හම්බවෙන්නෙ‍‍.
    emoticon-0101-sadsmile.gif
    .
    .
  3. Distribution එකක් තෝරාගැනීම අපහසු වීම
    තවත් කාරණාවක් තමයි ගණන් කරගන්න බැරි තරම් Distributions ගොඩ සහ වර්තමාන ලිනක්ස් පරිශීලකයන් එකිනෙකට වෙනස් Distros භාවිතා කිරීම හා ඒවා නිර්දේශ කිරීම..
    මම ලිනක්ස් දැම්මා..!“….
    මො‍න ලිනක්ස් එක ද දැම්මෙ?“…..
    xxxx Distro එක” ….
    අපෝ ඒක වැඩක් නෑ, මේක දාපං“…..
    *_*(&)_&(*^*(^%^$%* “….
    .
  4. ලං‍කාවේ අන්තර්ජාල ව්‍යාප්තිය අඩු වීම
    Ubuntu වගේ පද්ධතියක් ස්ථාපනය කලොත් ස්ථාපනය කලා වගේ තව ප්‍රමාණයක් Download කරන්න තියෙනවා. Unlimited Braodband සම්බන්ධතාවයක් නැති කෙනෙක්ට මේක කරන එක සෑහෙන්න අමාරු දෙයක්. තව Linux වලට සහයක් ගන්න පුළුවන් Forum වගේ දේවල් අන්තර්ජාලයෙ තිබුනත් ඒවයින් වැඩක් ගන්න අන්තර්ජාල‍ය ව්‍යාප්ත වෙලා නැති එක බලපානවා
මේ මම අහපු / දැකපු කරුණු වලින් කීපයක්, Linux වලින් කරන්න බැරි දේවල් Windows වලින් කරන්න පුළුවන්, Windows වලට බැරි දේවල Linux වලට පුළුවන් කතා මෙතෙන්ට අදාල කරගෙන නෑ.. සරලවම ලංකාවෙ සාමාන්‍ය පරිගණක පරිශිලකයෙක්, ලිනක්ස් වලට නොයන්න හේතු විදිහට මම දකින දේවල් පමණයි මෙහි සඳහන් කර ඇත්තේ..
emoticon-0100-smile.gif



Comments on that Page.


1st One

අහ්හ් අපේ මලයා මගේ උබුන්ටු වියාපාරෙට උදැල්ල දැම්මේ අර මෝස්ට් වෝන්ටඩ් (NFS Most Wanted )ගේම් එක ගහන්න බෑ කියලා. කොහේදෝ ෆෝරම් එකක දැක්කා වයින් එක්ක මෝස්ට් වෝන්ටඩ් ඉන්ස්ටෝල් කරන විදිය. එදා ඉඳලා මගේ කුණු කුණුව අහගෙන ඉන්න බැරිම හින්දාද කොහෙද දැන් කියනවා විභාගෙන් පස්සේ උබුන්ටු දාමුලු. බලමුකෝ විභාගේ ඉවර උනාම මොනවද වෙන්නේ කියලා. ගෑණු ළමයින්ට නම් තියන ප්‍රශ්නේ ඔය එකක්වත් නෙවේ, ගෙදර ඉන්න මල්ලිලා, අයියලාගේ ලොකු කම් බලන්න වෙන එක. එයාල කැමති නැත්තම් නෑම තමා. ශික් කොල්ලෙක් වෙලා ඉපදුනා නම්




2ND One

අහල තියනවද අර අමුතු විදියට කෑම උයන නෝනගෙ කතාච?
හරි සතුටෙන් ජීවත් උන යුවලක් හිටියා. නෝනාට හරි රහට කෑම උයන්න පුලුවන්. මහත්තය ජීවිතේට කුස්සිය පැත්ත පලාතෙ ගිහින් නෑ. ඔන්න දවසක් පොර අහම්බෙන කුස්සියට යනව. එතන එකම සීන් එකයි. බත් මුට්ටි තුනයි, වැංජන ඈතිලිත් තුන ගානෙ. පොරට උඬ යට නෑ. පොර ඉතින් හිමීට නෝනගෙ හිත රිද්දන්නෙ නැතුව අහනව ‘මොකද අනේ ඔයා හැම දේම භාජන තුනක උයන්නෙ’ කියලා. ආහ්… අපේ අම්ම උයන්නෙ එහෙමනෙ.. බුවා ඊලග සති අන්තෙම යනව නැන්දම්මව බලන්න. බටර් පොඬ්ඬක් ගාලා සුපුරුදු ප්‍රශ්නෙ අහනවා. ‘අපේ අම්ම උයන්නෙ එහෙමනෙ..’ සුපුරුදු උත්තරන් අඤ්ඤකොරොස් වෙච්ච බුවා නැන්දම්මා අම්මව (ඉහල තැන) හොයන් යනවා. සුපුරුදු උත්තරේ. පොරගෙ වාසනාවට අර නැන්දම්මගෙ අම්මගෙ අම්මත් තාම ජීවත් වෙනවා. සුපුරුදු ප්‍රශ්නෙ අහපුවම ආච්චිට පන යන්න හිනා. ‘මට දරුවො 21 දෙනෙක් ඉන්නවා, මායි මහත්තයයි එක්ක 23 දෙනෙක්ට උයන්න තමයි භාජන 3 ගානෙ පාවිච්චි කරන්න උන්..
emoticon-0124-worried.gif

අපේ OS පාවිච්විත් ඔහොමයි නේද?
අපි අතරේ බොහොම දක්ශ, කෙනෙක්ට තේරන්න දෙයක් කියාදෙන්න පුලුවන් linx පරිශීලකයො කොච්චර ඉන්නවද? කරන්නන් වාලෙ හොර බඬු පාවිච්චි කරගෙන යන්නෙ නැතුව linux පාවිච්චි කරන අයට උදව් වෙන්න community එකක් හදාගත්තොත් මොකද? (මම කොහෙවත් දැක්කෙ නම් නෑ එහම එකක් තියනවද කියලා)තියනවනම් ඒක promote කරල ගමු.




Reference

http://blog.gnslk.com/2009/08/linux/
 

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    oka kramakkramayen patan ganna ona deyak. issellama ape school walatai, rajaye ha privat pariganaka puhunu ayathana wala linux OS run wennama wenawa. ekai 1st step. eth eka thawama wela ne. ithin oya rajaya kattiya kiyawa kiyawa hitiyata wedak ne. karannai ona.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    matanam hethu keepayak thiyenawa


    1. Windows nikan wage thiyenakota mokatada linux daanne?
    2. mage adsl modem eka linux wala wada karanne na