ලංකාවේ Off-Road යන්න හොඳම වාහන මෙන්න මේවායි

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    ලංකාවේ Off-Road යන්න හොඳම වාහන මෙන්න මේවායි

    1. Mitsubishi Pajero

    Offroad-Vehicles-aniwa-01.jpg



    Pajero බොහොම ජව සම්පන්න රථ. ඒවගේම ගමන් කරන්නාගේ සුවපහසුව ගැනත් හොඳින්ම හිතලා තිබෙන ජීප් රථ මොඩලයක්. Pajero සියල්ලම පාහේ 4X4 උනාට අපි කතා කරන්න යන්නේ එක මොඩලයක් ගැන. ඒ තමයි අප කවුරුත් පළාත් සභා මොඩ්ල් කියා හඳුන්වන අපුරු Pajero රථය. තවමත් නිතර මහමග දකින මේ රථ තවමත් off-road ලෝලීන් අතර හොඳින්ම ජනප්‍රියයි. ඒ වගේම වසර 40කට වඩා වැඩි ඉතිහාසෙකට හිමිකම් කියන මේ රථවල දෙවෙනි පෙළ වෙළඳපොළ තුල ඉතා හොඳ ලන්සු පවතිනවා.


    2. Toyota Hilux Pick-up Truck

    Offroad-Vehicles-aniwa-02.jpg



    ලංකාවට පැමිණි විවිධ සමාගම් වලින් ඉදිරිපත් කල pick-up රථ අතරින් වඩාත් ඉහල අලෙවියක් සහිත වූ පිකප් රථයක් වන Toyota Hilux Pick-up Truck එක කලෙක මහමග ආක්‍රමණය කල රථයක් බවට පත් වෙනවා. ඒ වගේම වැඩිපුරම වැවිලි කර්මාන්ත කරන පිරිස් වල ප්‍රියතම රථය වෙන මේ hilux රථ වලිනුත් 90 දශකයේදී මෙරටට ආපු පළලින් වැඩි Pickup 4WD Wide Double cab රථය වඩා ජනප්‍රිය වුනා.
    එකල ජනතාවට දරන්නට හැකි මුදලකට ආපු මේ අපුරු Double cab රථ පසුව බදු මිල ඉහල යාම නිසා මිලියන 6කට එපිට මිලකට අලෙවි වෙන්නට වුනා.


    3. Land Rover Defender

    Offroad-Vehicles-aniwa-03.jpg



    ඔබ off-road ගමන් ගැන සිහින මවනවා නම් අනිවා Land Rover Defender ගැන දැනගන්නම උවමනා වෙනවා. 3.0 ලීටර් ටර්බෝ ඩීසල් එන්ජිමකින් සමන්විතවෙලා පැමිණෙන මේ අපුරු ජීප් රථය අතීතයේ සිටම මේ දක්වාම මිලේ කිසි අඩුවන් නැතිව පවතින්නේ එයට ඇති ජනතා ප්‍රසාදය නිසා කියන එකනම් සත්‍යයක්.
    ඒ වගේම ඩිෆෙන්ඩර් රථ පෙළ ආරම්භයේ සිට මෑතකදී නිෂ්පාදනය නවත්වන තුරුම නිෂ්පාදනය කල රථ වලින් 70% කට වඩා තවමත් ධාවනයේ පැවතීම මේ රථ වල කල් පැවැත්ම ගැන හොඳ සහතිකයක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන්.
    ඒ වගේම අලුතින් එක්වන යාවකාලින කිරීම් පැරණි රථයට කිසිම වෙනස්කමක් නොකර එකතු කරන්නට ඇති හැකියාවම මේ රථයට ඇති ඉල්ලුමට එක ප්‍රධාන හේතුවක් වෙන බව නම් කියන්නට පුළුවන්.


    4. Isuzu Bighorn trooper



    Offroad-Vehicles-aniwa-04.jpg



    80 දශකයේ ඉපදිලා අපේ රටට ආපු, ඒ වගේම බොහොම ජනප්‍රියත්වය දිනාගත්තු 4X4 රථයක් තමයි Isuzu Bighorn trooper කියන්නේ. Bighorn trooper පෙලේ පළමු පරම්පරාවේ රථ වන මේවා ඉන්ටර්කුලර් ටර්බෝ චාර්ජ්ඩ් 2.8 ලීටර් ඩීසල් එන්ජිමක් සහිතවයි පැමිණියේ.
    එක කාලයක් තිබුනා මේ රථ Modify කරන එක ෆැෂන් එකක් වෙච්චි කාලයක්. ඉස්සර Isuzu trooper වලට ආදරේ කරපු අය තවමත් එයින් පිට විකල්පයක් සොයන්නට කම්මැලියි.


    5. Nissan Patrol



    Offroad-Vehicles-aniwa-05.jpg



    නිසාන් පෙට්‍රල් මොඩලයේ වැඩියෙන් ම ජනප්‍රිය වුනු මොඩලය විදියට 1987 – 1997 කාලය ඇතුලේ නිර්මාණය කල Y60 මොඩලය හඳුන්වන්නට පුළුවන්. බොහොම පළල ජීප් රථයක් වෙන නිසාන් පෙට්‍රල් ලෙහෙසියෙන් පෙරලීමකට ලිස්සායාමකට ලක් නොවෙන්නේ එහි පවතින වැඩි පළලත්, රෝද වල පවතින විශාලත්වයත් නිසාමයි.
    මිල සම්බන්ධයෙන් තවම ඉහල ලංසුවකට තරඟකාරීව මිල ගණන් කියවෙන වාහනයක් වෙන මෙය දැනට නම් ජනප්‍රිය වෙලා තිබෙන්නේ off road වාහන ලෝලීන් අතර තමයි.


    6. Jeep Wrangler

    Offroad-Vehicles-aniwa-06.jpg





    වාහන වලට ආදරේ කරන කෙනෙකුට මිල කියන්නේ තවත් එක සාධකයක් විතරයි කියලා හිතෙන වාහනයක් තමයි මේ. ජෙනරල් මෝටර්ස් ආයතනයෙන් නිෂ්පාදනය කරනු ලබන ජීප් රැන්ග්ලර් ලංකාවට වඩාත් ඔබින වාහනයක් වුනත් එහි පවතින අධික මිල නිසා මේවා මිලදී ගන්නේ ජීප් වලට ඇත්තටම ආදරේ කරන අය තමයි.
    ලීටර් 2.8ක කොමන් රේල් ටර්බෝ ඩිසල් එන්ජිමකින් සමන්විත වෙන මේ ජීප් රථය 4X4 පහසුකමින් සමන්විත වෙන්නේ පෙරනිමියෙන්මයි. 6 දෙනෙකුට පහසුවෙන් ගමන් කරන්න පුළුවන් මේ රථය එහි ඇති විශේෂිත පෙනුම නිසා ගොඩ දෙනෙකුට හුරුපුරුදු වාහනයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.
    ඩිමෝ ලංකා ආයතනයෙන් ලංකාවට ගෙන්වන මේ ජීප් රථය මිලෙන් රුපියල් මිලියන 12ක් පමණ වෙන බව සඳහන්.


    source:aniwa