ලංකාවේ_අංක_එකේ CID

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    ලංකාවේ_අංක_එකේ CID

    ලංකාවේ අංක එකේ රහස් පරීක්ෂකගේ වතගොත මෙන්න



    hemantha-warnakulasuriya.jpg


    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින නොම්බර එකේ රහස් පරීක්ෂකවරයා ලෙස ගරු සම්භාවනාවට පාත්‍රව සිටින ඔහු මෙකල රටේ නිතර කියැවෙන නමකි. ‍පොලීසියේ, පත්තරවල පමණක් නොව දේශපාලන වේදිකාවේද ඔහුගේ නම දැන් කියැවෙන්නට පටන් ගෙන තිබේ.


    මෑත ඉතිහාසයේ ආන්දෝලනයට තුඩුදුන් යම් අපරාධයක් වෙතොත් ඒ සියලු අපරාධ විමර්ශනයන්ට නායකත්වය දී ඇත්තේද ශානි අබේසේකරය.



    ඒ සෑම අපරාධකරුවෙක්ම ගියේ එල්ලුම්ගහටය. සහකාර රේගු අධිකාරී සුජිත් ප්‍රසන්න ඝාතනය, රෝයල්පාක් හි සුරූපී තරුණියගේ ඝාතනය, අඟුලාන ඝාතනය, සියාම් ඝාතනය, හසිත මඩවල ඝාතනය, චන්ද්‍රිකා ජනාධිපතිනියට පුරහල් භූමියේදී එල්ලවුණූ මරාගෙන මැරෙන ප්‍රහාරය, හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පිත්තල හන්දියේදී එල්ලවුණු මරාගෙන මැරෙන ප්‍රහාරය, කැලණි තිස්ස විදුලිබලාගාරයට එල්ලවුණු ප්‍රහාරය, ආදී රටේ මහත් ආන්දෝලනයට තුඩුදුන් ඝාතන සහ අපරාධ රැසකම විමර්ශන නිලධාරියා වූයේ ශානි අබේසේකරය.



    අඟුලාන ඝාතනයේ චෝදනා එල්ලවන්නේ ‍පොලිස් ස්ථානාධිපතිවරයෙක් ඇතුළු ‍පොලිස් කණ්ඩායමකටය. සියාම් ඝාතනයේ චෝදනා එල්ලවන්නේ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු ‍පොලිස් කණ්ඩායමකටය. තමාගේ උසස් නිලධාරීන් පවා ‍පෝරකයට යැවීමට පාර කැපුවේ ඔහුය.



    නීතිය නිසි ලෙස නීතියට අනුකූලව ඉටුකිරීම ඔහුගේ ප්‍රතිපත්තියයි. ‍පොලිස් නිලධාරියෙක් ලෙස ඔහු තමන්ට පැවරුණු රාජකාරිය ඉටුකරන්නේ දේවකාරියකටත් වඩා උසස් කාර්යක් සේ සලකාය. ඒ බව කියන්නේ අප පමණක් නොව. ‍පොලිස් දෙපාර්තමේන්තුවේ බහුතරයකගේ අදහසය. යම් විමර්ශනයක් ශානි අබේසේකරට දුන් විට ඒ අය සඳහන් කරන්නේ වැඩේ හරියට කෙරේවි යැයි කියාය.



    ඒ තරමට ශානි ගැන ඇත්තේ දැඩි විශ්වාසයකි.ශානි අබේසේකර නම් මෙම ‍පොලිස් නිලධාරියා ගැන මෙවන් සටහනක් තැබිමට සිදුවන්නේ ඔහු පිළිබඳ හටගෙන ඇති ආන්දෝලනය නිසාය.


    එසේ ශානි අබේසේකර නම් වූ මේ නිලධාරියා ආන්දෝලනයට ලක්වන්නේ වෙන කිසිවක් නිසා නොව. නිදහස් මාධ්‍යවේදියෙක් ලෙස කටයුතුකරමින් සිටි ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමට අදාළව කෙරෙන විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සැකපිට හමුදාවේ බුද්ධිඅංශ සාමාජිකයන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීම නිසාය.

    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන්වීම මෛත්‍රි ආණ්ඩුව බලයට පත්වන තුරුම පැවැතියේ අභිරහසක් ලෙසිනි. එකල නීතිපතිවරයෙක් මෙන්ම පසුකලක අගවිනිසුරු වූ මොහාන් පීරිස් ජිනීවා මානව හිමිකම් කවුන්සලයේදී පවා පවසා තිබුණේ ප්‍රගීත් පිටරටක ජීවත්ව සිටින බවට තොරතුරු ඇති බවය. ඔහු එදා ඒ කීවේ තම මතය නොව එකල රජයේ ප්‍රකාශයකි.



    ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් එදා ඒ කී දෑ සියල්ලක්ම අතේ රෝල් බවට පත්වන්නේ මෛත්‍රී ආණ්ඩුව ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන්වීම මෙන්ම ආන්දෝලනයට තුඩුදුන් ඝාතන ගොන්නකම විමර්ශන නැවත මුලසිට පටන් ගැනීමත් සමගය. පැහැර ගැනීමක් සිදුවුණු බවට රඟපෑමක්කර ප්‍රගීත් එක්නැලිගොඩ රටින් පැනගත් බවට එකල ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයන් මෙන්ම ආරක්ෂක අංශයේ ඇතැම් පිරිස් රටේ ජනතාව අතර මැවූ චිත්‍රය බොඳවන්නට පටන් ගන්නේ ඒ සමගය.



    ප්‍රගීත් රටින් පලානොගිය බවත් ඔහුව යුද හමුදාවේ සන්නද්ධ බුද්ධි අංශ කණ්ඩායමක් විසින් පැහැරගත් බවත් පසුව ඔහුව අතුරුදන්කර ඇති බවත් දැන් පැහැදිලිවම සාක්ෂි සහිතව අනාවරණය වී හමාරය. එකී විමර්ශන හරහා ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන්වීම පමණක් නොව. දෙහිවලදී ඝාතනය වූ නිදහස් මාධ්‍යවේදී සම්පත් ලක්මාල්ගේ ඝාතනයේ අභිරහසද විසඳෙමින් තිබීම විශේෂිතය.



    දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් නාරාහේන්පිටදී වෙඩි තබා ඝාතනය කිරීමේ විමර්ශනයන්ද නැවත ඇරඹෙන්නේ ද ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ විමර්ශනයන්ට සමගාමීවය.



    එසේම එකල මහත් ආන්දෝලනයට තුඩුදුන් තවත් ඝාතනයක් වූයේ දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් මන්ත්‍රීවරයාගේ ඝාතනයයි. නත්තල් දේව මෙහෙයට සහභාගිවෙමින් සිටියදී ඔහුව ඝාතනය කෙරෙන්නේ දේවස්ථානය තුළදීමය.



    මෙතෙක් කලක් අභිරහස් ඝාතන ලෙස සටහන්ව තිබුණු මෙම ඝාතන මෙන්ම ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ විමර්ශන ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගයෙන් ‍පොලිස්පති එන්.කේ. ඉලංගකොන් විසින් පවරනු ලබන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය.


    එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බලධාරීන් එකී විමර්ශන කටයුතුවල ප්‍රධානියා ලෙස පත්කරන්නේ සහකාර ‍පොලිස් අධිකාරී ශානි අබේසේකරය. ශානි අබේසේකරට පහර පිට පහර ගසන්නට පටන් ගැනෙන්නේ කිසිදිනක විසඳිය නොහැකි බවට සිතාගෙන සිටි එම අභිරහස් ඝාතන ඔහුගේ නායකත්වයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම සාක්ෂිද සහිතව අනාවරණය කරගනිමින් ඒවාට වගකිව යුත්තන් එකිනෙකා අත්අඩංගුවට ගැනීමට පටන් ගැනීමත් සමගය.



    ඒ අනුව රවිරාජ් මන්ත්‍රීවරයාගේ ඝාතනය ජෝෂප් පරරාජසිංහම් මන්ත්‍රී වරයාගේ ඝාතනයට ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්කිරීමට සම්බන්ධවූවන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්ව හමාරය.


    එකී ඝාතන සහ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට පත්ව සිටින සහ චෝදනා එල්ලවන සියලුදෙනාම පාහේ හමුදා බුද්ධි අංශයේ සාමාජිකයන්ය. ඒ අය අතර හමුදා බුද්ධි අංශයට එක්වූ එල්.ටී.ටී.ඊයෙන් කැඩි වෙන්වූ කරුණා පාර්ශ්වයේ මෙන්ම පිල්ලෙයාන් පාර්ශ්වයේ අයද නැතුවා නොවේ.


    නැගෙනහිර පළාත් මහ ඇමැතිවරයාව සිටි පිල්ලෙයාන්ද ඇත්තේ එසේ අත්අඩංගුවට පත්වූවෙක් ලෙසිනි. ඔහු සහ ඔහුගේ ගෝලබාලයන්ට එල්ලවී ඇති චෝදනාව වන්නේ ජෝසප් පරරාජසිංහම් ඝාතනයයි. එකී ඝාතනයට හමුදා බුද්ධි අංශයේ සම්බන්ධයක් පවා හෙළිවී ඇති අතර ඝාතනයට යොදා ගත් ආයුධය සම්බන්ධයෙන්ද චෝදනාව ඇත්තේ යුද හමුදා බුද්ධි අංශය වෙතය.



    විමර්ශන වලින් අනාවරණය වී ඇති ආකාරයට අනුව ජෝෂප් පරරාජසිංහම් මන්ත්‍රීවරයා ඝාතනය වන්නේත් ඔහුව මරා දැමීමට සැලසුම්කර ඇත්තේත් ඔහු ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ පුද්ගලයෙක් ලෙස ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගන්නා තීරණයක් නිසා නොවේ. විමර්ශනවලින් අනාවරණය වී ඇති ආකාරයට අනුව එය හුදෙක් දේශපාලනික අවශ්‍යතාවක් මත සිදුවූවකි. ඒ සම්බන්ධයෙන් බොහෝ කරුණු කාරණා ඉදිරියේදි අධිකරණයේදී දිග හැරෙනු ඇත.



    එසේම කොළඹ නාරාහේන්පිටදී නඩරාජා රවිරාජ් මන්ත්‍රීවරයාව මරා දැමීම මුළු මනින්ම සැලසුම් කළායැයි අනාවරණය වන්නේ හමුදා බුද්ධි අංශයේ සැලසුමකට අනුවය.


    ඒ අතරද කරුණා සහ පිල්ලෙයාන් කණ්ඩායම් සහ සාමාජිකයන් සහ හමුදා බුද්ධි අංශ සමග එක්ව සිටි කිහිප දෙනෙක්ම මෙන්ම ‍පොලීසියේ අයද සිටීම විශේෂිතය. ඒ අයද දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොටුවී හමාරය. එකී ඝාතන විමර්ශනයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස කොළඹදී ව්‍යාපාරිකයන්ගේ දරුවන් පැහැරගෙන ගොස් කප්පම් ලබාගෙන එම දරුවන් ඝාතනය කර මළ සිරුරු මුහුදේ ගිල්ලා අතුරුදන් කිරීම්ද අනාවරණය වෙමින් පැවතීම විශේෂිතය.


    මේ වන විට රවිරාජ් මන්ත්‍රීවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අධිකරණයේ සාක්ෂි විභාගය ආරම්භවී ඇති අතර ළඟදීම සෙසු ඝාතන සම්බන්ධයෙන්ද සාක්ෂි විභාගවනු ඇත. එකී ඝාතනයන් සිදුකරනු ලැබුවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන්ද නැතිනම් වෙනත් කාගේ උවමනාවකටදැයි දැනට අත්අඩංගුවේ පසුවන හමුදා බුද්ධි අංශ සාමාජිකයන් මෙන්ම කරුණා සහ පිල්ලෙයාන් පාර්ශ්වයන්ට සම්බන්ධවූවෝ හෙළිකරනු ඇත.



    මේවා අතරින් ශානි අබේසේකරට එරෙහිව දැඩිව ප්‍රහාර එල්ලවන්නේ ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතන විමර්ශනයට අදාළවය. මේ වන විට ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීමේ සිට අතුරුදන් කරවීම දක්වා වූ ඒ සෑම කටයුත්තකටම සම්බන්ධවූවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන හමාරය. හමුදා බුද්ධි අංශයේ පමණක් හය දෙනෙක් ඒ අතර සිටිති. පැහැර ගැනීම සැලසුම් කිරීමේ අවස්ථාවේ සිට අතුරුදන් කිරීම දක්වා ඒ අය සම්බන්ධවන ආකාරය ගැන විද්‍යාත්මක සාක්ෂිද අඩුවක් නොමැතිව රැස්කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත.



    එක්නැලිගොඩව පැහැර ගන්නේ ඔහු එල්.ටී.ටී.ඊ.ය සමග සම්බන්ධකම් පැවැත්වීම හේතුවෙන් බව එකී බුද්ධි අංශ සාමාජිකයන් ප්‍රශ්න කිරීම් හමුවේ සඳහන් කර ඇතත් පසුව ඒ අයගේම සාක්ෂි සහ ප්‍රකාශවලින් තහවුරුවී ඇත්තේ යැයි සඳහන් වන්නේ එවකට පැවැති මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව ඔහු විසින් ලියන ලද ‍පොතක් හා එකල ජනාධිපති අපේක්ෂකයෙක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට සහයක් ලෙස ලියූ පැවැති ආණ්ඩුව විවේචනය කර සකස් කළාවූ විරිඳු තැටියක් ගැනය. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්න කිරීමක් හෝ ඔහු සහ එල්.ටී.ටී.ඊ.ය අතර තිබුණේ යැයි සඳහන් සම්බන්ධකම් ගැන ප්‍රශ්න කළ බව කිසිවක් අනාවරණය වන්නේ නැත.
    (උපුටා ගැනීම ලක්බිම /කුමාර කරුණාරත්න)
    - See more at: http://offair.nethfm.com/article/32641#sthash.ZF2tQLNg.dpuf
     
    • Like
    Reactions: djnick

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    ප්‍රගීත් එක්නැගිගොඩගෙ ඊනිවුස් වෙබ් සයිට් එක 2006-2010 අතර කාලය තුල හැසිරිච්ච හැටි ඒකාලෙ ඉන්ටර්නෙට් පාවිච්චි කරපු අයට මතකයි. ඒ වගේම තමයි ලසන්ත වික්‍රමතුංගගෙ සන්ඩේ ලීඩර් පත්තරෙයි, ඉරුදින පත්තරෙයි. බලනකොට දැන් මේ අය ජාතික වීරයො වෙලානෙ.:eek:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේවා අතරින් ශානි අබේසේකරට එරෙහිව දැඩිව ප්‍රහාර එල්ලවන්නේ ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතන විමර්ශනයට අදාළවය. මේ වන විට ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීමේ සිට අතුරුදන් කරවීම දක්වා වූ ඒ සෑම කටයුත්තකටම සම්බන්ධවූවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන හමාරය. හමුදා බුද්ධි අංශයේ පමණක් හය දෙනෙක් ඒ අතර සිටිති. පැහැර ගැනීම සැලසුම් කිරීමේ අවස්ථාවේ සිට අතුරුදන් කිරීම දක්වා ඒ අය සම්බන්ධවන ආකාරය ගැන විද්‍යාත්මක සාක්ෂිද අඩුවක් නොමැතිව රැස්කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත.

    awula thiyenne oya eka sakshiyakwath ada wenakan usaiyata idiripath karala naha
    e wagema anthimata usawi thibba dawaseth kiwuwe ilaga ekedi sakshi idiripath karanna kiyala
    DIG vassge naduwedi rajaye sakshi karayo karanne siyamwa maranna order eka dipu muslim ekai,ekata sambanda sinahala ekkenai
    dan e denna nidahas
     
    Last edited:

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    ප්‍රගීත් එක්නැගිගොඩගෙ ඊනිවුස් වෙබ් සයිට් එක 2006-2010 අතර කාලය තුල හැසිරිච්ච හැටි ඒකාලෙ ඉන්ටර්නෙට් පාවිච්චි කරපු අයට මතකයි. ඒ වගේම තමයි ලසන්ත වික්‍රමතුංගගෙ සන්ඩේ ලීඩර් පත්තරෙයි, ඉරුදින පත්තරෙයි. බලනකොට දැන් මේ අය ජාතික වීරයො වෙලානෙ.:eek:

    සින්හල මිනිස්සුන්ට ඔවා මතක නෑ බන්
    එක්නැල්ගොඩ තමයි අපේ ජාතික වීරයා :frown:
     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    ekanaligoda karapu deya sadharana asakin balanwa nam waradi naha...ohu LTTE ekanata nemei support kale....samastha demala janathawa wenuwen peni htiya..mokada a awasathawe kawuruwath hitiye na owun wenuwen...sinhala demala api kawuruth minissu
     
    • Like
    Reactions: neyohk

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    ප්‍රගීත් එක්නැගිගොඩගෙ ඊනිවුස් වෙබ් සයිට් එක 2006-2010 අතර කාලය තුල හැසිරිච්ච හැටි ඒකාලෙ ඉන්ටර්නෙට් පාවිච්චි කරපු අයට මතකයි. ඒ වගේම තමයි ලසන්ත වික්‍රමතුංගගෙ සන්ඩේ ලීඩර් පත්තරෙයි, ඉරුදින පත්තරෙයි. බලනකොට දැන් මේ අය ජාතික වීරයො වෙලානෙ.:eek:

    දවසේ කියමන! දැන් ඉන්න හුජ්ජ කොල්ලො ඔව දන්නෙ නෑ බං