ලංකාවේ_ක්‍ෂිතිමය_පරම්පරාව_නියෝජනය_කල_දොස

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ලංකාවේ_ක්‍ෂිතිමය_පරම්පරාව_නියෝජනය_කල_දොස

    ලංකාවේ ක්‍ෂිතිමය පරම්පරාව නියෝජනය කල දොස්තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු.​



    VA208IU.jpg



    ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ බිරිය වන චිත්‍රාංගනී විජේවීර මහත්මියගේ සොහොයුරා වූ ‍දොස්තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු මහතා වනවාසල තෙලඟපාත දුම්රිය හරස් මාර්ගයේදී කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රියට පැන සියදිවි හානි කරගෙන ඇත.

    වෛද්‍ය සුභාෂ් චන්ද්‍රා ප්‍රනාන්දු 71 කැරැල්ලේදී හා ඉන් පසුව දීර්ඝ වදබන්ධන වලට ලක් වූ වින්දිතයෙකි. 1971 වසරේ දිනක දිනක්‌ රාත්‍රියේදී පණ පිටින් පුළුස්‌සා මැරීම සඳහා ඔහුගේ සිරුරට පෙට්‍රල් වත් කරනු ලැබේ. එහෙත් රත්නපුර රෝහලේ ටෙනිස්‌ පිටියේදී ඔහු සමග ටෙනිස්‌ ගැසූ පැරණි මිතුරකු වූ සහකාර පොලිස්‌ අධිකාරි නීල් වීරසිංහ ඔහු හඳුනාගෙන ඔහුගේ සිරුරට ගිනි තැබීම වළක්‌වයි. 1989 දී ගම්පහ රෝහලේ වෛද්‍යවරයකුට පහර දීම නිසා යළි පොලිස්‌ කූඩුවට දමනු ලැබේ. ඊට දින කිහිපයකට පසු ගම්පහ පිහිටි "වයිට්‌ හවුස්‌" නමැති ඔහුගේ නිවස ජ.වි.පෙ. සාමාජිකයෝ ගිනි තබති. මේ වන විට ඔහු හත් වතාවක්‌ හිරේ ගොස්‌ ඇත. සිය වතාවකට වඩා පොලිස්‌ අත්අඩංගුවට පත්ව ඇත. (කාලයෙන් කාලයට රට කළඹන විජේවීරගේ දොස්‌තර මස්‌සිනා -අනුර සොලමන්ස්‌)

    ඔහුගේ ක්ලමථකාරී හැසිරීම් රටාව මාධ්‍ය විසින් වාර්ථා කල තිබුණි. වරක් අධිකරණය ඉදිරිපිටදී කැත්තක් රැගෙන කළහකාරි ලෙස හැසිරුණු වෛද්‍ය සුභාෂ් චන්ද්‍රා ප්‍රනාන්දු මහතා කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුනි. ඉන්පසු කොළඹ අළුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අණතුරුව වෛද්‍ය සුභාෂ් පිළිබඳව මානසික තත්ව වාර්තාවක් ලබා දෙන ලෙස නියෝග කිරීමෙන් පසුව ඔහුව අංගොඩ මානසික රෝහලට යොමු කරන ලදි.

    වධ බන්ධනයට ලක් වීමත් හිසට සිදු කරන ලද පහර දීම් නිසාත් දොස්‌තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමථාවයෙන් මෙන්ම TBI (Traumatic Brain Injury) තත්වය නිසා හටගත් පෞරුෂ වෙනස් වීම් වලින් ද පෙලෙන බවට අනුමාන කිරීමේ සාධක තිබේ. මේ පිලිබඳව මම වරක් ලිපියක්ද ලියූවෙමි. වෛද්‍ය ‍ සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු මෙවැනි කුරිරු ලෙස තම ජීවිතය අවසන් කර ගැනීම සඳහා ඔහු ලද ක්‍ෂිතිමය ජීවන අත්දැකීම්ද හේතු කාරකයන් වන්නට ඇත​. සියදිවි නසා ගැනීම අනුමත නොකරන මුත් දිවි නසා ගැනීම සඳහා ඔහුට තම වෛද්‍ය දැණුම උපයෝගී කර ගෙන මාරක නමුදු සෞම්‍ය ක්‍රමවේදයක් උපයෝගී කර ගැනීමේ හැකියාව තිබුන නමුදු ඔහු තෝරා ගත්තේ ඉතා සාහසික මෙන්ම දරුණු ක්‍රමවේදයකි. මෙයද ඔහු පෙළූ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමථාව හේතු කාරකයක් වන්නට ඇත​. දොස්‌තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු යනු 1971 / 1988-89 යුග වල අන්තවාදී ප්‍රචණ්ඩ දේශපාලනයේ මෙන්ම රාජ හිංසනයේ කොටස්කරුවෙකු මෙන්ම ගොදුරකි. ඔහු නියෝජනය කලේ ලංකාවේ ක්‍ෂිතිමය පරම්පරාවය.

    වෛද්‍ය රුවන් එම් ජයතුංග


    මහාචාර්ය සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු මහතා මිය යන විට 73 වැනි වියේ පසුවී ඇති අතර දරුණු වකුගඩු රෝගයකින් පීඩා විඳිමින් සිට ඇත. ඔහුගේ වකුගඩු දෙකම නරක් වීම හේතුවෙන් අධික ශාරීරික පීඩාවකින් පෙළීම නිසා කල කිරීමට පත්ව සිටියේ යැයි සොහොයුරිය වූ ශිරානි මල්ලිකා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය. වසර තුනක පමණ කාලයක සිට වනවාසල පාරමිතා වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි ඒ මහතා 05 වැනිදා උදෑසන නේවාසික කාමරයෙන් පිටතට පැමිණ දිවි හානි කරගෙන ඇත. මිය යෑමට සතියකට පෙර සිය නැඟණිය වූ ශිරානි මහත්මියට ඔහු සතුව ඇති සියලු දේපළවලට හිමිකම පවරා දී ඇති අතර ඔහුට හිමිව තිබූ මෝටර් රථයද ඇගේ නමට පවරා දී ඇත. මෙලෙස කිරීමට හේතුව විමසූ විට මගේ ජීවිතය කොයි මොහොතේදැයි විශ්වාස නෑ. වකුගඩු බද්ධ කිරීමටත් දැන් බැහැ. එනිසා මේවා එකලස් කර තැබීම මගේ යුතුකමක් යැයි සොහොයුරා ඇයට පැවසූ බව ශිරානි මහත්මිය "මව්බිම"ට පැවසුවාය.

    සියදිවි හානිකර ගැනීමට පෙර සිය කලිසම් සාක්කුව තුළ පාරමිතා වැඩිහිටි නිවාසය භාර ස්වාමීන් වහන්සේගේ නම සහ දුරකථන අංකය දමාගෙන සිට ඇති අතර නිවෙසේ ලිපිනය, සිය නිදන කාමරයේ කොට්ටය යට තිබියදී හමුවී ඇත.

    දුම්රිය අනතුරින් මියගිය චන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ දේහය අනතුරට පත් දුම්රියෙන් හුණුපිටිය දුම්රිය ස්ථානයට භාරදී ඇති අතර ශිරානි මල්ලිකා ප්‍රනාන්දු නැඟණිය පැමිණ සහෝදරයාගේ සිරුර හඳුනාගෙන ඇත.

    පොලිස් මෘත ශරීරාගාරයට රැගෙන ගොස් ඇති මළ සිරුර මරණ පරීක්ෂණ වාර්තාවලින් පසුව අවසන් ගෞරව දැක්වීමට පිණිස බොරැල්ල ජයරත්න මල්ශාලාවේ වී.අයි.පී. ශාලාවේ තැන්පත් කර ඇත.
    දේහය පිළිබඳ අවසන් කටයුතු 07 වැනිදා (අද) සවස 4.00ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.

    මොළයට, උදරයට, පපුවට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුවී ඇතැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී රාහුල් හක් මහතා මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇත.

    දුම්රිය රියැදුරුට 13 වැනිදා පෑලියගොඩ මරණ පරීක්ෂක ඩබ්ලිව්.ඩී.පත්මසිරි මහතා හමුවට උදේ 10.00ට පැමිණ කටඋත්තරයක් ලබාදෙන ලෙස පොලිසිය දැනුම්දී ඇත. මෙම මරණය පිළිබඳව විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත්කර ඇත.

    නීලා ඩුල් මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ චන්ද්‍ර ප්‍රනාන්දු මහතා පුතුන් දෙදෙනකුගේ පියෙකි. එක් පුතෙක් වෛද්‍යවරයකු බවත් දැනට එංගලන්තයේ පදිංචිව සිටින බවත් පවුලේ ඥාතීහු පැවසූහ.

    මෙම මරණය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පෑලියගොඩ පොලිසියේ විවිධ පැමිණිලි අංශය මඟින් සිදුකර ඇති අතර විවිධ පැමිණිලි අංශයේ පොලිස් කොස්තාපල් ටී.එම්. කුමාර රත්නායක (37022) මහතා පරීක්ෂණ පවත්වා පවුලේ ඥාතීන් වෙත දන්වා ඇත.

    මියගිය චන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ අභාවය පිළිබඳව ශෝක වන්නන් අතර කැලණිය වනවාසල පාරමිතා වැඩිහිටි නිවාසයේ භාරකාර කොස්ගොඩ ඥානසිරි ස්වාමීන් වහන්සේ පැවසුවේ මෙම මරණය සමස්ත වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන්ටම දරාගත නොහැකි පාඩුවක් ලෙස සැලකිය හැකි බවය. නිවාසයේ රෝගීන් වෙනුවෙන් අප්‍රමාණ සේවාවක් මෙම වෛද්‍යවරයා සිදුකළ බවත් රෝගීන් වෙත ගොස් කාරුණිකව ප්‍රතිකාර කරමින් රෝහල් වෙතද යොමු කළ බවත් උන්වහන්සේ පැවසූහ.




    source

    source