ලංකාව චන්ද්‍රිකාවක් ගුවන් ගත කර නෑ

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ලංකාව චන්ද්‍රිකාවක් ගුවන් ගත කර නෑ

පසුගිය වසරේදී ශ‍්‍රී ලංකා රජය චීන සමාගමක් හා එක්ව චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කලේ යයි පැවසුවද එවැනි චන්ද්‍රිකාවක් ශ‍්‍රී ලංකාව අභ්‍යවකාශ ගත කර නැතැයි විද්‍යාත්මක කටයුතු පිළිබඳ ඇමති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් සී පෙරේරා විසින් අසන ලද ප‍්‍රශ්ණයකට පිළිතුරු ලෙසය.


අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී සඳහන් කර ඇත්තේ චීනයේ හා ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික සමාගම් දෙකක් එවැනි කටයුත්තක් ක‍්‍රියාත්මක කර ඇති බවයි.


2012 නොවැම්බර් 27 දා සවස චීන වේලාවෙන් 6.13 ට චීනයේ සීචුඇන් ප‍්‍රදේශයේ ඇති සිචැන්ග් චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේ සිට චයිනාසැට්-12 නම් මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කළ බවද, එය නිවැරදි කක්ෂයට ළඟා වූ බව සහ චන්ද්‍රිකාව නිවැරදිව කි‍්‍රයාක්මක වන බවද චීන නිල ප‍්‍රවෘත්ති සේවය වන සිනිහුවා ප‍්‍රවෘත්ති සේවය පසුදා වාර්තා කළේය.


එය චයිනා සැටලයිට් කොමියුනිකේෂන් සමාගමේ 13 වැනි වානිජ චන්ද්‍රිකාව වන අතර ආසියාව, අපි‍්‍රකාව සහ යුරෝපයේ සේවාදායකයන්ට මෙයින් සේවා ලබා ගත හැකි බවද පැවසිණ.


ප‍්‍රංශයේ තේල්ස් ඇලීනියා ස්පේස් ආයතනය නිෂ්පාදනය කළ චන්ද්‍රිකාව ලෝන්ග් මාර්ච්-3ඊ නම් ප‍්‍රවාහන රොකට්ටුව ආධාරයෙන් අභ්‍යාවකාශගත කර තිබිණ. එය ලෝන්ග් මිර්ච් ප‍්‍රවාහන රොකට් මාලාවේ 173 වැනි ගුවන්ගත කිරීම වෙයි.


මෙය ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකාවක් බව ආණ්ඩුවේ මාධ්‍ය වාර්තා කර තිබුනද, මෙම චන්ද්‍රිකාව සහ ශී‍්‍ර ලංකාව සම්බන්ධයක් පිළිබඳව චීනය නිකුත් කළ පුවත් වාර්තාවේ සඳහන් නොවින.



:oo::oo::oo::oo::oo: රොකට් රෝහිතගේ වන්දිකාව නේද මේක :lol::lol::lol::lol:
 
  • Like
Reactions: hector@troy

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,610
    16,491
    113
    ඕවා ඉතින් විශ්වාස කරන මෝඩයොත් ලංකාවේ ඉන්නවනේ..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,491
    113
    දැන් ඉතින් උඩ බලන් හිටපල්ලා...







    :lol::lol::lol:
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    මුන් සැටලයිට් එකක් යැවුවොත්,
    ඒකත් නම් කරයි "මහින්ද රාජපක්ෂ චන්ද්‍රිකා යන්ත්‍රය" කියලා! :lol: