ලංකාව චයිනිස් කොලනියක් උන හැටි

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    ලංකාව චයිනිස් කොලනියක් උන හැටි

    43298244_2689496721275379_7205002080799424512_n.png

     

    logo

    Junior member
  • Feb 16, 2015
    132
    23
    18
    රටත් ජනතාවත් උගසට තබා සංවර්ධනය යන ප්‍රෝඩාව ඔස්සේ තම හත්මුතු පරම්පරාව හදාගත් රාජපක්ෂ පැටිකිරිය මේ දිග හරින්නේ අමෙරිකාවේ උප ජනපති මයික් පෙන්ස් ය. , දෙපිරිසම හිතමිතුරු දේශපාලනයේ යෙදෙමින් රටට කෙතරම් බේගල් ඇද බෑවද රටට දැන් කෙලවී අවසන් . නිදියන මොහොත තෙක් දේශපාලුවන්ගේ කයිවාරු වලට සවන් දෙන ඔබ , සුළු වේලාවක් මේ වීඩියෝව වෙත නෙත් යොමන්න . ඇමෙරිකානු උප ජනපති මේ කියන්නේ ලාංකිකයින්ට තවම ඇස් දෙකට දැකිය නොහැකි කටුක යතාර්තයකි. හෙට දින එය ඒකාන්තයෙන්ම ඉටු වනු ඇත. එදිනට ජාතියේ අප්පච්චිලාට ඔබ නමස්කාර කරන්නේ කෙසේද ?`ආසියාවේ ආශ්චර්යට ඔබ කැඳවා ගෙන ගිය සේද මාවතේ දැන් ගමන් කරන්නේ රාජපක්ෂ පවුල පමණි. මහින්ද රට මා හින්ද රට බවට පත් කලේ චීනුන් සමගය. එහි ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවන්නේ උප නුපන් සැම දෙනාටමය

    මයික් පෙන්ස් දක්වන අදහස්...
    " චීනය වෙනත් රාජ්‍යයන්ට බලපෑම් කරන්නේ ණය දීලා. ඔවුන් බිලියන ගණනින් රටවල් වලට මුදල් ණයට දෙනවා. වාණිජ වටිනාකමක් නැති වරායක් හදන්න චීනය ලංකාවට ණය මුදල් දුන්නා එම ණය ගෙවන්න බැරි උනාම හම්බන්තොට වරාය චීනය අයිති කරගත්තා . එය ඉතා නුදුරේදීම චීන නාවික කඳවුරක් වෙනවා. "
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ත්මන් රජය ගතවූ වසර දෙකහමාරක කාලය තුළ ලබාගෙන ඇති විදේශ ණය ප‍්‍රමාණය මෙරට ඉතිහාසයේ දැවැන්තම විදේශීය ණය ප‍්‍රමාණය බව පෙනී යයි. 2015 වසරේදී රජය සංවර්ධන බැඳුම්කර මගින් ඩොලර් මිලියන 2491.4 ක ණයක් ලබා ගත්තේය. 2016 වසරේදී සංවර්ධන බැඳුම්කර මගින් තවත් ඩොලර් මිලියන 1365 ක ණයක් ලබා ගත්තේය.


    2015 වසරේදී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මඟින් රුපියල් බිලියන 2150 ක ණයක් ද 2016 දී රුපියල් බිලියන 1500 ක ණයක්ද ලබා ගත්තේය. ඒ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ඩොලර් බිලියන 1500 ක ණය මුදලක් ද ලබාගෙන ඇත. ඉන්දියාව සමඟ ඇතිකරගත් මුදල් හුවමාරු වැඩසටහන යටතේ 2015 වසරේදී ඩොලර් මිලියන 400 ක්ද පසුව ඩොලර් මිලියන 1100 ක්ද ලබා ගත්තේය. 2017 ජුනි මාසයේදී ඩොලර් මිලියන 515 ක සංවර්ධන බැඳුම්කර නිකුත් කළේය. 2017 වසර තුළ ඩොලර් බිලියන 1500 ක සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.


    මේ වසරේදී රජය විදේශ ණය වලට අදාළව තවත් තීරණයක් ගෙන ඇත. ඒ රජයට සංවර්ධන බැඳුම්කර මඟින් ලබාගත හැකි ණය ප‍්‍රමාණය පිළිබඳ මෙතෙක් පැවති සීමාව වූ ඩොලර් මිලියන 1500, ඩොලර් මිලියන 3000 දක්වා ඉහළ දැමීමයි.


    ඉහත සංඛ්‍යාලේඛන අනුව පෙනී යන්නේ රජය විසින් පසුගිය වසර දෙකහමාරක කාලය තුළ ලබාගෙන ඇති මුළු විදේශ ණය ප‍්‍රමාණය ඩොලර් මිලියන 8000 කට ආසන්න වන බවයි. එසේ වුවද නව රජය විසින් මේ දක්වා කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කර නැත.


    රජය විසින් මෙම කෙටිකාලය තුළ ලබා ගෙන ඇති ඩොලර් මිලියන 8000 කට ආසන්න ණය ප‍්‍රමාණය මඟින් ආර්ථික සංවර්ධන ව්‍යාපෘති කොපමණ ප‍්‍රමාණයක් ආරම්භ කළ හැකිද? මත්තල ගුවන් තොටුපළට වැය වූයේ ඩොලර් බිලියන 190 කි. හම්බන්තොට වරායට ඩොලර් මිලියන 426 කි. කොළඹ මාතර අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 630 කි. කටුනායක අධිවේගයට ඩොලර් මිලියන 248 කි. රටේ අවාසනාව වන්නේ මෑත කාලයේදී කෙටිකලක් තුළ ලබාගත් ඉහළම ණය ප‍්‍රමාණය කිසිදු සංවර්ධන ව්‍යාපෘකියකට නොයොදවා රජයේ වියදම් සඳහා පමණක් යොදාගෙන තිබීමයි.
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Who says Hambanthota doesnt have a commercial value. It is so far the best location for a port in sri lanka.. Only thing is you need a sheltered anchorage for services. Mattala Air port + Hambantota Harbour can provide the country alone..
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    මෙන්න ඉන්දුනීසියාවත් චීන කොලණියක් වෙනෝ...අයියෝ සිංහලයෝ...:sorry::sorry::sorry:


    7zNWYB1.png