පහුගිය දවස්වල වාර්තාවුණේ ලංකාවේ රජය මේ අවුරුද්දේ මුල් මාස 4 ට විතරක් රුපියල් ට්‍රිලියනයක්, ඒ කියන්නේ ආසන්න වශයෙන් රුපියල් බිලියන 1000 ක මුදලක් අලුතෙන් ණය වෙලා කියන එක. ඒ ණය මුදලෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් විදෙස් ණය. ඒ කියන්නේ වැඩි පොලියක් ගෙවිය යුතු සහ කොන්දේසි වැඩි ණය. මේ වෙද්දි රජයේ සමස්ථ ණය බර රුපියල් බිලියන 14,300 කට වැඩියි. සාමාන්‍යයෙන් ලංකාවේ වසරක ආණ්ඩුවේ බදු ආදායම පවා රුපියල් බිලියන 1000කට අඩුයි. එහෙම තැනකදි මේ ණය කවදා ගෙවලා ඉවර කරන්න වෙයිද කියලා හිතන්න අමාරුයි. මේ පරගොඩ විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති දේවාලේහිඳ අජිත හාමුදුරුවෝ කියන විදිහට රටේ උපදින සෑම දරුවෙක්ම රුපියල් ලක්ෂ හයහමාරකට වඩා ණය කාරයෙක්. ඒක ඉතාම බරපතල තත්වයක්. ණය ගන්න ලංකා ආණ්ඩුව එකඟවුණු කොන්දේසි නිසා ඉදිරියට අපිට එම්.සි.සී ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරන්න බැරි තැනට, චීනය ලංකාවේ පළාතක් ඉල්ලුවත් නොදී බැරි තැනට පත්වෙනවා. මේ වෙද්දිත් චීන ජාතිකයන්, චීන වෘත්තිකයන් සහ චීන ව්‍යාපාරිකයන් වෙනුවෙන් අසාමාන්‍ය විදිහට ලංකාවේ ආගමන විගමන නීති ලිහිල් වෙලා තියනවා. සාමාන්‍යයෙන් භූතානය, පාකිස්ථානය, ඉරානය විතරක් නෙවෙයි චීනෙට යන්න පවා ලංකාවේ පුද්ගලයෙක්ට ඉතා බරපතල විදිහට වීසා කොන්දේසි ගණනාවකට එකඟ වෙන්නත් කාලයක් තිස්සේ බලාගෙන ඉන්නත් වෙනවා. ඒ වගේම භූතානයේ එහෙම නම් එක් දවසකට වීසා ගාස්තුව රුපියල් 20000 කට වැඩියි. ලංකාව තව තව ණය වෙවී, ණය වාරික ගෙව ගෙව රජයේ මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට උපරිම පහසුකම් නම් අඩු නැතිව දෙනවා. දැන් ලබන මාසයේ ඉඳන් නව පත්වීම් 50,000 කට වැඩි ප්‍රමාණයක් සහ කම්කරු පත්වීම් 100,000 කට ආසන්න ගණනක් දෙන්න යනවා. සංවර්ධන නිලධාරී පත්වීම් වලට සහ අනෙකුත් පත්වීම වලට දැනගන්න තියන තරමට ආයතනවල පුරප්පාඩු වත් නැහැ. එහෙම තැනකදි සංවර්ධන නිලධාරියෙක්ගේ අවම වැටුම රුපියල් 30,000ක් වුණත් මාසෙකට කෝටි 150 කට වැඩි මුදල් සහ වාර්ෂිකව රුපියල් කෝටි 1800ක් හෙවත් මිලියන 18,000ක් අවශ්‍ය වෙනවා. කම්කරුවන්ට අවම වැටුප 20,000 වුනත් මාසිකව අලුත් පත්වීම් සඳහා රුපියල් කෝටි 200 වැඩි මුදලක් සහ වාර්ෂිකව රුපියල් කෝටි 2400ක් හෙවත් මිලියන 24000 ක් අවශ්‍ය වෙනවා. එතකොට මේ අලුත් පත්වීම් වෙනුවෙන් වසරකට රුපියල් මිලියන 42,000 වැයකරන්න කෝ මේ රටට සල්ලි, වාර්ෂික රුපියල් බිලියන ගාණක් ණය ගෙවන ගමන් රට දුවන්නේ කොහොමද මෙහෙම. අනිවාර්යයෙන්ම ලඟදිම බදු සහ බඩු මිල වැඩි වෙනවා සහතිකයි. පට තදකරන් ඉමු!
