ලංකාව තමයි ආසියාවේ අවමානය

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ලංකාව තමයි ආසියාවේ අවමානය

ජනරාල්ගේ පාර්ලිමේන්තු ගමන කිසිවෙකුටත් වළක්වන්න බෑ - ටිල්වින් සිල්වා දේශීය
jvppress0217_01.jpg
මේ රටේ පළමු වතාවට නායකත්වය සිරගත කර සිටින අවස්ථාවන මැතිවරණය ඉදිරිපත් වන බවත්, හමුදා කඳවුරක සිරකරගෙන සිටියත් ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමේන්තු ගමන කිසිවෙකුටත් වැළැක්විය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය 15 දා ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පැවැත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා මෙසේ ද පැවසීය.

"ජෙනරාල් ෆොන්සේකා සිරගතව සිටිනවා. නමුත් පසුගිය ජනාධිපතිවරණ සටනේ සිටි සමහර අය ඔහු සිරගත වෙද්දී මග හැරලා ගියා. අපි කලගුණ දන්න මිනිසුන් ලෙස මේ රටේ කලගුණ දන්න පක්‍ෂවලින් නායකයන්ගෙන් සමන්විතව ජෙනරාල් ෆොන්සේකාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නිර්මාණය කළේ. මෙවර මහ මැතිවරණයට අප ඉදිරිපත් වන්නේ සිරගතව සිටින ජෙනරාල් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන්. අද ඔහු හමුදා කඳවුරක සිරකර ගෙන සිටියත් මේ මැතිවරණය ජයගෙන ඔහු පාර්ලිමේන්තු යන ගමන වළක්‌වන්න ලැබෙන්නෙ නෑ.

මේ රටේ පළමු වරට තමයි නායකත්වය සිරගත කර සිටින අවස්‌ථාවක මැතිවරණයකට ඉදිරිපත්ව සිටින්නේ. අපි ජයග්‍රහණයේ කුසලානය අප්‍රේල් අට වැනිදාට මේ රටේ ජනතාව සතු කරනවා. රටට යුද ජයග්‍රහණය ලබාදුන් සරත් ෆොන්සේකා මහතා සිරගෙදරින් මුදාගෙනයි අපි මෙවර සිංහල අවුරුද්ද කන්නේ.

අද මේ රට ආසියාවේ ආඩම්බරය කරන්න යනවා. රටට යුද ජයග්‍රහණය ගෙනැවිත් දුන් විශිෂ්ට මිනිසා සිරකර බොරු නඩු දමා මේ රට ආසියාවේ ආඩම්බරය නොවෙයි ආසියාවේ අවමානය බවට පත්වන එකයි සිදුවන්නේ. පසුගිය කාලේ අපේ අම්මලගෙ අක්‌කලගෙ නංගිලගෙ අත්වල තිබ්බ වළලුල කන්වල තිබුණු කරාබු අද තියෙනවද? ඒවා ඔක්‌කොම උගස්‌ බඩු කඩේ. අප්‍රේල් 8 වැනිදට ජනතාව බුද්ධිමත් තීරණයක්‌ ගත යුත්තේ මේ රට ආසියාවේ අවමානය බවට පත්වීම වැළැක්‌වීමටයි."

මෙම අවස්ථාවේදී අනෝමා ෆොන්සේකා, චන්ද්‍රසේන විජේසිංහ, රයිටර් තිලකසේකර, අජිත් කුමාර, නලින් හේවගේ සහ ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ අපේක්‍ෂකයෝ ද අදහස්‌ දැක්‌වූහ. 2010 මාර්තු 17 වෙනි බදාදා, 06:00
 

ugm873

Member
Oct 25, 2008
1,583
41
0
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:රටට යුද ජයග්‍රහණය ලබාදුන් සරත් ෆොන්සේකා මහතා සිරගෙදරින් මුදාගෙනයි අපි මෙවර සිංහල අවුරුද්ද කන්නේ.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: