ලංකාව පුරා වසරකට උපත් පාලන කොපු (කොන්ඩම්) ම&#
ලංකාව පුරා වසරකට උපත් පාලන කොපු (කොන්ඩම්) මිලියන 10ක් පමණ භාවිතා වන බව එච්.අයි.වී ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේය. මින් මිලියන 2ක් පමණ රජයේ ලිංගාශ්‍රිත රෝග සායනවලින් හා රාජ්‍ය නොවන සංවිධාන වලින් නොමිලේ ලබා දී ඇති අතර ඉතිරි මිලියන 8 ෆාමසිවලින් සහ වෙළෙඳසැල්වලින් මිලදී ගෙන ඇතැයි හෙතෙම පැවැසීය.
බොහෝ දෙනෙකු උපත්පාලන කොපු භාවිතා කරනුයේ අනවශ්‍ය ගැබ් ගැනීම් වැළැක්වීම සඳහා මිස ඒඩ්ස් රෝගයෙන් වැළකීම සඳහා නොවන බවද වෛද්‍ය ලියනගේ මහතා පැවැසීය.
පසුගිය වසර 20ක කාලය තුළ කොන්ඩම් භාවිතය ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති අතර වැඩිම ගැණුම් කරුවන් පිරිසක් සිටින්නේ කොළඹ ප්‍රදේශයේ බවද හෙතෙම පැවැසීය.
පසුගිය වසර තුළදී කොළඹ ලිංගාශ්‍රිත රෝග මර්දන සායන තුළදී පමණක් නොමිලේ ලබා දුන් කොන්ඩම් සංඛ්‍යාව 50000ක් පමණ වන අතර රාජ්‍ය නොවන සංවිධාන මගින් බෙදා දී තිබෙන ප්‍රමාණය ඊට වඩා බෙහෙවින්ම වැඩි බවද වෛද්‍ය ලියනගේ සඳහන් කරයි.
ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් ගෙන් සියයට 90ක්ම කොන්ඩම් භාවිතා කළද පිරිමි සමලිංගිකයින් කොන්ඩම් භාවිතා කරනුයේ සියයට 40ක ප්‍රතිශතයක් පමණක් බවද හෙතෙම පැවැසීය.
කොන්ඩම් මිලදී ගැනීමට අවශ්‍ය වුවද බොහෝ පුද්ගලයින් තුළ පවතින ලැජ්ජාව සහ බිය හේතුවෙන් එය මිලදී ගැනීමට නොහැකි වී ඇති අතර එම තත්ත්වය වෙනස් කිරීම සඳහා වෙළෙඳසැල්වලදී ඒවා මිලදී ගැනීමට පහසු හා හඳුනා ගැනීමට ලෙහෙසි ක්රමෝපායන් හඳුන්වා දීමට කටයුතු කරමින් පවතින බවද ලිංගාශ්‍රිත රෝග මර්දන වැඩසටහන සඳහන් කරයි.