ලංකාව වෙනස් වෙයිද ?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    *. දෙයියනේ කියලා දෙපැත්තේ තුන්පැත්තේ ඉන්න කැපුවත් ඒ ඒ ජාතියේ ලේ එන එවුන් මේකේ මරාගන්න එන්න එපා ඔන්න

    *. විශ්වවිද්‍යාලයක මේ සම්බන්ද ඉගෙනුමක් කරන මේ ක්ෂේශ්ත්‍රයක වැඩ කරන ප්‍රමාණක උගතුන් එන්න

    (මේවා වැඩිය උඩ එන්නේ නැති ත්‍රෙඩ් ඉතිං)

    අනාගතයේ අපි කිනම් මගක් ගත යුත්තේ යැයි සිතනවද ? විශේෂයෙන් බලශක්ති ක්ෂේශ්ත්‍රය තුල කුමන දිශානතියකට අප යා යුත්තේද ?

    අහබුවකින් හමු වූ වීඩියෝවක් නිසා කුහුලක් ඇති වී ටිකක් මේ පිළිබද සොයා බැලීමි.

    ඔක්කොටම කලින් කිරියේම දමා තිබු එදා පටන් අද දක්වාද මෙලෙසින් ගියොත් ලැබෙන්න නියමිත අනාගතයද වෙනස් මගක් ගෙන යන ක්‍රමය වෙනස් කලොත් අනාගතයද දැක්වෙන පහත වීඩියෝව පුළුවන් නම් මුළුමනින්ම බලන්න ඒක ඒ තරමට වටිනවා.

    මෙන්න ලින්ක් එක
    මේක නම් බලන්නම ඕන documentary එකක්



    මේකේ තියෙන්නේ මොනවද ?

    Boralugoda01
    Well-known member :
    අපි ආරම්භයේ ඉඳන් අද වෙනකම් මේ ලෝකෙට කරපු දේ සහ අපි කරපු වරද ආයෙම හරිගස්සන්නේ කොහොමද කියන එක නියමෙටම කියලා දෙන සින් එකක්..ඔන්න කෙටියෙන්ම කිව්වා

    ඕක අපි වගේ රටවල් වල උන් බලලා අම්මෝ දියුණු රටවල් වල ඉන්න උන් දියුණු වෙන්න ගිහින් කොච්චර නම් ලෝකේ විනාශ කරලද කියලා හිතෙයි ඒ කරලා උන්ට බනින ගමන් හෙට ඉදන් අපිත් උන් වගේ දියුණු වෙන්න ආයෙත් ඔය දියුණු රටවල උන් ඒ කාලේ කරපු දේවල්ම කරගෙන යාවී.

    නමුත් ඒ රටවල් වල අය මේ වීඩියෝ එක හැදුවේ ලෝකෙටම පෙන්නන්න විශේෂයෙන් දියුණු රටවල නායකයින්ට හෝ වැදගත් තීරණ ගන්නන්ට පෙන්නන්න මොකද ලොව දැනට යන දිශානතිය වෙනස් නොකොළොත් තවදුරටත් මිනිස් වර්ගයාගේ පැවැත්ම මෙලොව තුල තහවුරු නොවෙන නිසා.

    උන් අපි වගේ නෙවෙයි උන් ලෝකේ හොදම දේවල් පාවිච්චි කරා සමහර දේවල් අපි වගේ රටවල් වලින් උදුරාගෙන ඒ වගේම තමා උන් දැන් ඉදලා සුදානම් වෙනවා ලෝකේ විනාශ උනොත් මොකද කරන්නේ කියන දේවල් වලටත්

    සමහරක් ෆිල්ම් වලත් තියෙන්නේ නැවු හදන් අභ්‍යවකාශ යානා හදන් වෙන ග්‍රහලෝක වල ජනාවාස හදන් ට්‍රයි කරන්නේ අපිව ගෙනියන්න නෙවේ "හොදම දේ හොදම එවුන්ට"
    එලෝන් මස්ක්ලා අගහරු යන්න හදන්නේ නිකන්ම නෙවේ.

    ඒ වගේම තමා දියුණු රටවල් සියල්ලක් පාහේ පොසිල ඉන්ධන අතාරිමින් යන්නේ මැදපෙරදිගට කෙලවන්න බලන් නෙවේ ඒ අතර අපි අපේ පාර්ලිමේන්තුව මොකෝ කරන්නේ ?

    දැනට අවුරුදු 5කටවත් කලින් ගන්න ඕනේ උන පොසිල ඉන්ධන තාම මන්නාරම් ද්‍රෝණියෙන් ගන්න දගලනවා ඊයෙයි අදයි පාර්ලිමේන්තුවේ කතා උන දේවල් පක්ෂ විපක්ෂ 2කෙම වැඩකට ඇති දෙයක් කතා වෙනවා දැක්කද ? එදා වේල ටුවර්ස් කතා නෙවෙයිද අවංකවම කතා කරොත්

    (බන්ධනාගාර ප්‍රශ්නය:
    කියනවා ඇහුනද ප්ලෑන් එකක් කවුරු හරි, කිව්වද මේ වගේ අදහසක්

    අපිට ඕනේ අඩුම තරමේ අධිආරක්ෂිත බන්දනාගාර 2ක් වත් ජනාකීර්ණ නොවන ප්‍රදේශවල නමුත් හයිවේ කිට්ටුව (අඩුම ගානේ සිරකරුවන්ගේ ශ්‍රමය වගාවකට හරි ගන්න බලන්) ත්‍රස්තවාදී සිරකරුවන් එකකත් සංවිධානාත්මක හා මත්ද්‍රව්‍ය සම්බන්ද සිරකරුවන් එකකත් රදවන්න ඕනේ කියලා
    අලි සබ්රි මහතා විතරක් කියනවා ඇහුනා පුනරුත්තාපන කදවුරු ඇති කල යුතුයි කියලා(අනිවාර්යෙන්) ඒ වගේම රිමාන්ඩ් බන්බන්දනාගාර විදිමත් සැලැස්මකට අනුව ජනාකීර්ණ නොවන ප්‍රදේශ වල නැවත ස්ථාපනය කල යුතුයි වගේ කතාවල්.
    පොලිසි උසාවි බන්දනාගාර වලට IT ගෙනත් ජාලගත කල යුතුයි වගේ දේවල් IRC ලිස්ට් වගේ දේවල් නිතර යාවත්කාලීන කල යුතුයි වගේ දේවල්.
    මේවා ගැන පස්සේ කතා කරමු


    බලශක්ති ඇමති කෙනෙක් ඉන්න නිසා ඔහුගේ කතාවකුත් උපුටලා දක්වන්නම්කෝ (මේ කතාවේ දේශපාලන කයිවාරුව අයින් කරොත් හරයක් තියෙනවා)



    බලශක්තිය ගැන තවත් හොදින් දන්නා කෙනෙක් තමා චම්පික මහතා මට හොයාගන්න බැරිඋනා ඔහු එකල ගල් අගුරු බලාගාර වල වටිනාකම කියපු වීඩියෝව (සාම්පුර් හා කෙරවලපිටිය) හොදම විසදුම නොවුනත් ඒ වෙලාවේ කරන්න පුළුවන් ලාබම දේ ඒක තමා { චම්පික, හර්ෂ ඩි සිල්වා, ෆොන්සේකා වගේ මහත්වරු සමග මේ ආණ්ඩුවේ හොද අය (සෑහෙන්න ඉන්නවා විශේෂයෙන් අලුත් අය) විතරක් ඉන්න ආණ්ඩු හැදෙන්නේ නැහැනේ අපේ අවාසනාවට - සැ. යු. - මේ අය සර්ව සම්පුර්ණ අය නොවෙයි නමුත් යමක් කල හැකි අය)

    මට කියන්න ඕනෙ උනේ මේ පොසිල ඉන්ධන ගැන නෙවෙයි, විශ්වවිද්‍යාල හා ක්ෂේශ්ත්‍රයේ ප්‍රමාණික උගතුන් ඕනේ වෙන්නේ මෙන්න මෙතන

    ඉදිරි දශක 5 තුල ඕනෑම රටක දිශානතිය තීරණය කරන්නේ බලශක්ති, ආහාර හා ජල, තාක්ෂණික යාවත්කාලීනයන් පරිපුර්ණ වීම යන කරුණු මතයි

    ගන්න පොසිල ඉන්ධනයක් ඉක්මනින් අරන් නාවික හා ගුවන් ක්ෂේශ්ත්‍රය ප්‍රමුක කරගත් සේවා සැපයීමක් (මේ දෙක සම්පුර්ණයෙන් ඉලෙක්ට්‍රික් වෙන්න තව දශක 5ක් වත් යයි මට හිතෙන්නේ)

    හම්බන්තොට, මත්තල [නව තෙල් පිරිපහදුවයි(මේක නම් ට්‍රින්කෝ උනත් කමක් නැහැ) ටැංකි සංකීර්ණයයි මෙහේ හැදෙන්න ඕනේ]
    කටුනායක හා ත්‍රිකුණාමලය (තියෙන තෙල් ටැංකි ටික ගන්නම ඕනේ - ආණ්ඩුවයි විපක්ෂෙයි එකට ඉන්දියාවෙන් ඉල්ලුවා නම් ගන්න පුළුවන් වෙයි)
    යන ස්ථාන වල තියෙන වරායන් ගුවන් තොටුපළවල් සම්බන්ද කරගෙන කරගන කරන එකත්

    මේ ලිපිය ලියුව කාරණය වන ඉතා අනර්ග ග්‍රෆින් තියෙන අපේ රටෙත් මේ පහත දැක්වෙන නිෂ්පාදනයන් කරන්න නව බැටරියක් හොයා ගන්න අඩිතාලමක් දාගන්න පුළුවන් උනොත් මේ රට ඉස්සරහට තල්ලු කරගන්න පුළුවන් වෙයි
    (විපක්ෂ මත ධාරීන් පරල වෙන්න එපා මේ ආණ්ඩුව යටතේ මේවා වෙනවට මොකෝ අනිවාර්යෙන් ඕවා මොනවා කරත් අවුරුදු 20ක් එක ආණ්ඩුවක් දුවන්නේ නැහැ මේ ලංකාවේ විපක්ෂේ ආණ්ඩුව ගත්ත දාට පාලනේ ලේසි වෙයි රටටත් එහි වැසියාටත් හොද කලක් යයි)

    එහෙනම් මේ ටික බලන්න මේ සම්බන්ද උගතුන්ගේ කරුණු වලට ඉඩ ඇත







    ලංකා දිනේවා !!!!!!!!!!!!


     
    • Like
    Reactions: Lahiru120

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    ලන්කාවෙ උන්ගෙ IQ එක යන්නෙ ඇෆ්‍රිකන් ලෙවල් එකට කාර්මාන්ත ඇති කරලා ආර්ථික අතින් දියුනු කරන්න බැ
     
    • Like
    Reactions: Lahiru120

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ලන්කාවෙ උන්ගෙ IQ එක යන්නෙ ඇෆ්‍රිකන් ලෙවල් එකට කාර්මාන්ත ඇති කරලා ආර්ථික අතින් දියුනු කරන්න බැ

    එහෙම කියන්න එපා ලංකාවේ ඕනේ තරම් උගත් අය ඉන්නවා

    හැබැයි නව නිෂ්පාදන එලියට එනවා නම් අඩුයි තමා කතා කල යුතු මාතෘකාවක්

    මන් කිව්වේ මේ ත්‍රෙඩ් වැඩිය උඩ එන ඒවා නෙවෙයි
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    ග්‍රාෆීන් හදන්න කැබිනට් එකෙන් අවසර දුන්නේ නෑ.හදන්න අවශ්‍ය හැමදේම හොයාගෙන ඉවරයි.අමුද්‍රව්‍ය තියනවා කැබිනට් එකෙන් අවසරේ දුන්නේ නෑ..
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ග්‍රාෆීන් හදන්න කැබිනට් එකෙන් අවසර දුන්නේ නෑ.හදන්න අවශ්‍ය හැමදේම හොයාගෙන ඉවරයි.අමුද්‍රව්‍ය තියනවා කැබිනට් එකෙන් අවසරේ දුන්නේ නෑ..

    ඔබ මේ ගැන තහවුරු කල හැකි තොරතුරක් දන්නවා නම් ග්‍රෆින් හදන්න සහබාගි උන අයත් එක්ක මාධ්‍ය ඉදිරියට යන්න සමාජ මාද්‍ය හරි කමක් නැහැ