ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ගෑස් සමාගමක්

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    1628759318-gas-L.jpg


    ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධව නව සමාගමක් ආරම්භ කර ඒ හරහා LP ගෑස් නිෂ්පාදනය කර තරගකාරී මිල ගණන් යටතේ වෙළෙඳපොළට නිකුත් කිරීමට රජය සැරසෙයි.

    පසුගිය දා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ බව තීරණය වී ඇත.

    ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනට ශ්‍රී ලංකාවේ LP ගෑස් අවශ්‍යතාවයෙන් 5%ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර ලිට්‍රෝ ගෑස් සමාගමට සහ ලාෆ් ගෑස් සමාගමට එම නිෂ්පාදන සමව ලබාදෙයි.

    බලශක්ති අමාත්‍යාංශය විසින් නව තෙල් පිරිපහදුවක් සපුගස්කන්ද ප්‍රදේශයේම ඉදිකිරීමට මේ වනවිට මූලික කටයුතු ආරම්භ කර ඇති අතර එම තෙල් පිරිපහදුව ඉදිකිරීමෙන් අනතුරුව දේශීය ගෘහස්ථ ගෑස් අවශ්‍යතාවයෙන් 20% කට ආසන්න ප්‍රමාණයක් නිපදවීමේ හැකියාව පවතින බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

    http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=156293
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    මුන්ට නම් හොඳටම පිස්සු
    ඉසෙල්ලා තියන ටික තියන විදියට බෙදපන්කෝ


    බලශක්ති අමාත්‍යාංශය විසින් නව තෙල් පිරිපහදුවක් සපුගස්කන්ද ප්‍රදේශයේම ඉදිකිරීමට මේ වනවිට මූලික කටයුතු ආරම්භ කර ඇති අතර එම තෙල් පිරිපහදුව ඉදිකිරීමෙන් අනතුරුව දේශීය ගෘහස්ථ ගෑස් අවශ්‍යතාවයෙන් 20% කට ආසන්න ප්‍රමාණයක් නිපදවීමේ හැකියාව පවතින බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

    මේ කියන විදියට මාසෙකින් විතර ගෑස් බෙදන්න පටන් ගනී නේ
     
    • Haha
    Reactions: SLhuman and gcloud

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    තෙල් ටිකවත් හරියට දීගන්න බැරි එකේ ඕකෙන් වෙන්නේ තවත් බිලියන ගානක පාඩුවක් මහජනතාව මතට වැටෙන එක. රජය ක්‍රම මොන බිස්නස් එකද අලාබ නැත්තේ.

    විදුලිය, ජලය, ගුවන්සේවා, සතොස, තේල්, ලංගම, දුම්රිය... තව කොච්චරද. මේ ඔක්කොගේම අලාබය ජනතාව මතට. ඊළගට ගෑස් කොම්පැනියේ බරත් වැටෙයි.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    Nil kaha madiwata thawa cylinder ekak thiya ganna wena seen ekak yanne. Habai Petroleum eke un strike kalama okkoma iwarai.
    තිබ්බ එක දුන්න ෂෙල් කියලා එලියට. පස්සේ එකෙන් ෂෙයාර්ස් ගත්තා වැඩි ප්‍රමාණයක්. එක ගියා ඉන්ෂුවරන්ස් කොර්පොරේෂන් එකට
    දැන් අලුතින් එකක් අරිනවා.....
    අනේ මන්දා.. තව පාට ටැංකියක් තියාගන්න වෙන සීන් එකක් තමා....
    ඔයිට හොදයි, ඕන ටැංකියකට ඕන ගෑස් එකක් ගන්න පුළුවන් ක්‍රමයකෝ හැදුවොත්. එතකොට තියන එකක් කැමති ගානක් දීල ගන්න පුළුවන් නේ. වැඩේ මේ කපේට වෙන එකක් නම් නෑ.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Gas ගනං වැඩි කරන හැම වෙලාවෙම කියන බයිලා ඕක.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,302
    113
    34
    Kalutara
    ඔහොම ගෑස් ටැංකි දාන්න වෙනම කාමරයක් හදන්න වෙයි වගේ පාට පාට ටැංකි.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ceypetco ekath padu pita yanne
    thawa company dammoth ewa padu pita

    government thawa company oni naha tiyana tika profitable karala inna okkotama kalin