chrishanthi_nadeeshani

Junior member
  • Dec 21, 2012
    53
    12
    8
    keheliyan.jpg
    ජාතික රූපවාහිනියේ විකාශනය වන ටෙලි නාට්‍ය සඳහා කාලය වෙන් කිරීමට තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ‍කෙහෙළිය රඹුක්වැල්ල මහතා එළිපිටම රුපියල් ලක්ෂ 12 සිට රුපියල් ලක්ෂ 20 දක්වා මුදලක් අය කරමින් සිටින බව ජාතික රූපවාහිනියේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

    ටෙලි නාට්‍ය නිශ්පාදන වියදම් වලට අමතරව මෙසේ විකාශනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 12 සිට රුපියල් ලක්ෂ 20 දක්වා මුදලක් ගෙවන්නට සිදු වීම නිසා නිශ්පාදකවරු ජාතික රූපවාහිනිය වෙතින් ඉවත්ව යමින් සිටී. මෙම තත්වය පිළිබඳව රජයේ ඉහළ බලධාරීන් හට කොතෙක් පැමිණිලි කළ ද එය ‘බීරි අලින්ට වීණා ගැයීමක් සේ’ නිශ්පාදකවරුන් හඳුන්වති.

    විකාශනය කිරීම සඳහා කොන්ත්‍රාත්තු අත්සන් කොට ඇති ටෙලි නාට්‍ය සඳහා ද මෙම කප්පම අනිවාර්යයෙන්ම ගෙවිය යුතුය. ටෙලි නාට්‍ය විකාශනය කිරීමට සති කිහිපයකට පෙර කෙහෙළිය අමාත්‍යවරයාගේ සහෝදරයා විසින් අදාළ නිශ්පාදකවරයාට කතා කොට ඉහත කී මුදල වහා ගෙවන ලෙසට නියෝග කරනු ලැබේ. එසේ එම නියෝගය අනුව කටයුතු කිරීමට නිශ්පාදකවරයාට නොහැකි වුවහොත් කොන්ත්‍රාත්තු අත්සන් කොට තිබියදීත් අදාළ ටෙලි නාට්‍ය විකාශනය අත්හිටවනු ලැබේ.

    මෙම කප්පම් මුදල ඇමතිවරයා වෙත පුද්ගලිකව රැගෙන යා යුත්තේ නිශ්පාදකවරයා හෝ අධ්‍යක්ෂකවරයා නොව එම ටෙලිනාට්‍ය යේ ප්‍රධාන හෝ අවශේෂ චරිතයක් නිරූපනය කරන සුරූපී නිලියක් විසිනි. මෙසේ ජනමාධ්‍ය අමාත්‍යවරයාට ලිංගික අල්ලස් ලබාදීම තුලින් කප්පම් මුදල අඩුකර ගත් අවස්ථා ද නොඑසේ නම් එය වාරික කිහිපයකින් ගෙවීමට හැකියාව ලබා ගත් අවස්ථා ද ඇති බව ජාතික රූපවාහිනියේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
     

    Similar threads