ලංඩනයේ අමාත්‍ය උපදේශකවරයාගේ (ආරක්ෂක) සේව&#3514

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    ලංඩනයේ අමාත්‍ය උපදේශකවරයාගේ (ආරක්ෂක) සේව&#3514

    මාධ්‍ය නිවේදනය

    "ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශකවරයා (ආරක්ෂක) සම්බන්ධයැයි පැවසෙන සිද්ධිය"
    ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුබද්ධව සේවය කරන අමාත්‍ය උපදේශකවරයා (ආරක්ෂක) ආක්‍රමණශීලී ආකාරයකින් හැසිරුණේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ සහ අන්තර්ජාල මාධ්‍යවල සංසරණය වෙමින් පවතින වීඩියෝ දර්ශන පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සිය දැඩි අවධානය යොමු කර ඇත.
    මේ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍ය උපදේශකවරයාගේ (ආරක්ෂක) සේවය අත්හිටුවන ලෙසට ලන්ඩන් නුවර සිටින ශ්‍රී ලංකා මහකොමසාරිස්තුමිය වෙත අද දින එනම් 2018 පෙබරවාරි 06 වැනි දින උපදෙස් යවා තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු ශ්‍රී ලංකා බලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කරනු ඇත.
    විදේශ කටයුතු අමාත්‍යාංශය
    කොළඹ


    2018 පෙබරවාරි 06 වැනිදා

    27657365_1600667766688824_2296931543817658181_n.jpg



    Source : Ministry of Foreign Affairs - SRI LANKA


    sri-lankan-army-officier-death-threat-to-tamils-in-london-1-1517912485.jpg





     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒ ගැන නං කියල වැඩක් නෑ බම්
    අපරාදේ, ඒ කොල්ලට තව ටිකක් ඉවසන්න තිබ්බා.. සාමන්යෙන් ඉස්සර නම් ඔහොම වෙනකොට කවුරුත් එලියට එන්නේ නැ. උන්ටම ඇති වෙලා යනවා.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    අපරාදේ, ඒ කොල්ලට තව ටිකක් ඉවසන්න තිබ්බා.. සාමන්යෙන් ඉස්සර නම් ඔහොම වෙනකොට කවුරුත් එලියට එන්නේ නැ. උන්ටම ඇති වෙලා යනවා.

    kollek nemai. Brigadier or Meager General wage rank 1k tiyana 1k wage ne.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අපිට උනත් ඉතින් කොච්චර උනත් පිට රටක ඉන්නකොට කවුරුහරි බැන්නොත් රටට මල පනිනවා. එහෙව් එකේ හමුදාවේ අයට ඉතින් වැඩියි එක. එත් ඉතින් තැන අමතක කරපු එක වැරදියි. :yes:
     

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    අපරාදේ, ඒ කොල්ලට තව ටිකක් ඉවසන්න තිබ්බා.. සාමන්යෙන් ඉස්සර නම් ඔහොම වෙනකොට කවුරුත් එලියට එන්නේ නැ. උන්ටම ඇති වෙලා යනවා.

    ow. nathinam oya job eka set wenne nane. aparade. porata iwasanna thibbe.




    ඔව් බං පොර බ්‍රිගේඩියර් කෙනෙක්
     

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    අපිට උනත් ඉතින් කොච්චර උනත් පිට රටක ඉන්නකොට කවුරුහරි බැන්නොත් රටට මල පනිනවා. එහෙව් එකේ හමුදාවේ අයට ඉතින් වැඩියි එක. එත් ඉතින් තැන අමතක කරපු එක වැරදියි. :yes:




    ඒක නන් සිරා
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ප‍ොන්න අණ්ඩුවක් ඉන්න ක‍ොට රට‍ේ එවුන් බල්ල‍ෝවග‍ේ ඉන්න ඕන‍ේ . තවත් ප‍ොන්න ආණ්ඩුවට *ක ද‍ෙන කාලකන්නි ඉන්නවා ...
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ප‍ොන්න අණ්ඩුවක් ඉන්න ක‍ොට රට‍ේ එවුන් බල්ල‍ෝවග‍ේ ඉන්න ඕන‍ේ . තවත් ප‍ොන්න ආණ්ඩුවට *ක ද‍ෙන කාලකන්නි ඉන්නවා ...
    පොන්නකමෙයි මොලේ පාවිච්චිකරන එකෙයි වෙනසක් තියනවා බ්‍රෝ. බල්ලෝ අපිව හැපුවට, අපි බල්ලෝ හපන්න යන්නේ නැ. රටේ එම්බසියේ වත්තේ ඉදන් එළියේ සිවිල් මිනිස්සුන්ගේ බෙලිකපනවා කියන එක පොන්න/පිරිමි කමට එහා ගිය දිප්ලෝමසි එකක ප්‍රශ්නයක්. උබ ඔය දාන කමෙන්ට් කියවන ඕනා එකෙකුට තේරෙනවා මෙතන වෙච්ච දේ. කොල්ලා ඉක්මන් උන වැඩියි. එක පිරිමිකමවත් පොන්නකමවත් නෙමෙයි. මේකට ඇක්ෂන් එකක් නොගත්තා නම් වෙන්නේ පොන්න කතා අහන්න තමා ලෝකෙන්.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඩිප්ලොමැටික් මිෂන් කියන එක නොතෙරෙන එවුන් ඔවාට යැව්වම වෙන ප්‍රස්න. දැන් ඉතින් මෝඩ ආතල් ගන්නවා කොටියට ගැහුවා, කොන්ද පන තියෙනවා වගේ ගොන් කතා කියලා. මේකෙන් පේන්නේ අපේ රටේ විදේශ සේවයේ බිඳ වැටීම. කොන්ද පන තියෙනවානම් ගේම් දෙන්න ඕනේ රටේ ගෞරවයත් රැකගෙන හීන් නූලෙන්, ඒකට මොලෙත් ඕනේ!

     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තුළ 70 වන නිදහස් උත්සවය සමරමින් සිටියදී එල්.ටී.ටී. හිතවාදීන් පිරිසක් මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපටදී විරෝධතාවය පළ කෙරිණි. “අපේ නායකයා ප්‍රභාකරන්, අපේ දේශය ඊළාම් දේශය“ යැයි හඩ නගමින් ශ්‍රී ලංකා හමුදාව යුධ අපරාධකරුවන් යැයි හඩ නගමින් ඔවුහු විරෝධතාවයේ යෙදිණි.


    එම අවස්ථාවේ එහි සිටි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්ත ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරියෙකු විසින්, කොටි හිතවාදීන් ඉදිරියේ සිය නිළ ඇදුමේ වූ සිංහ ධජය පෙන්වමින් සහ කිසියම් සංඥාවක් සිදුකරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.


    අදාළ සිදුවීම පිළිබදව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන්ගේ අවධානයකට ලක්ව ඇති බවයි. ඒ අනුව අදාළ නිලධාරියාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙසට ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් වරයාට දැනුම්දී ඇති අතර, මෙම සිද්ධිය පිළිබඳව යුද හමුදාවද ඇතුළුව විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
    27654738_10213427673679409_4549445354623428873_n.jpg

    මේ අතර එම හමුදා නිලධාරියාගේ තානාපති වරපත්‍ර අහෝසි කර වහාම බ්‍රිතාන්‍ය යෙන් පිටුවහල් කරන්නැයි ඉල්ලමින් “ද්‍රවිඩයන් සදහා වන සර්වපාක්ෂික කණ්ඩායම“ බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.“ආරක්ෂක පරිවාරක නිලධාරියා විරෝධතා කරුවන්ට මුහුණ ලා හිඳිමින් ගෙල හරහා කිහිප වතාවක් ඇඟිල්ල යවනු රූපගත කර තිබේ – එය අයකුගේ බෙල්ල කැපීමේ සලකුණකි – එය පැහැදිලිවම එහි සිටි දෙමළ ජනතාව බියගැන්වීමට ගත් උත්සාහයකි. “මේ රටේ අමුත්තකු ලෙස නිල සේවයක යෙදෙන අයකු විසින් මේ විදහා දක්වා ඇත්තේ අයෝග්‍ය, නොමනා සහ තර්ජනාත්මක හැසිරීමකි. මේ කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරියට වහාම කරුනු දක්වා බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු ගේ තානාපති වරපත්‍ර අහෝසි කර පිටමං කරන ලෙස උදක්ම ඉල්ලා සිටිමු..!” යනුවෙන් ජොආන් රයන් සහ ශොවාන් මැක්ඩොනා ගේ අත්සනින් පෙබරවාරි 5 දා බ්‍රිතාන්‍ය විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩල කටයුතු භාර අමාත්‍ය බොරිස් ජොන්සන්ට තද ලිපියක් ලියන දෙමළ ජනතාව සඳහා වන සර්ව පාක්ෂික මන්ත්‍රී කණ්ඩායමක් විසින් අවධාරණය කර තිබේ.
    උපක්‍රමශීලි ක්‍රියාමාර්ගයක්..

    විදේශ අමාත්‍යංශයේ මේ ක්‍රියාව පිළිබඳව අදහස් දක්වන විචාරකයන් සඳහන් කරන්නේ විදේශ අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ මෙම තීරණය අතීශයින්ම උපක්‍රමශීලි ක්‍රියාමාර්ගයක් බවයි.
    එංගලන්තයේ මන්ත්‍රීවරුන් සහ සර්ව පාක්ෂික කොටි මන්ත්‍රී කණ්ඩායම ඉල්ලන්නේ රාජ්‍යත්‍රාන්තිකභාවය අහෝසි කිරීම බවත් එවිට, අදාල හමුදා නිලධාරියාව එංගලන්තයේදීම අත්අඩංගුවට ගැනීමට හැකි බවත්ය. එහෙත් විදේශ අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා යුධ හමුදාවව මූලික වෙලා වැඩ තහනම් කොට පරීක්ෂණයක් කිරීම පිණිස ක්‍රියාමාර්ගයක් ගැනීම නිසා අදාල හමුදා නිලධාරියාව එංගලන්තයේදීම අත් අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවත්ය..
    අපේ රට වෙබ් අඩවියට වාර්තා වන අන්දමට මෙම උද්ඝෝෂණයට සහභාගී වූ මෙම උද්ඝෝෂකයන් සියලුම දෙනා සරණාගත වීසා වලින් එංගලන්තයට පැන ගොස් සිටින අයවලුන් බව සඳහන්.
    අවුරුදු 30ක යුද්ධය නිමාවට පත් කර දැනට අවුරුදු ගානක් වූවත් මොවුන් සියලුම දෙනා විවිධ ප්‍රශ්න මවා පාමින් තානාපති නිලධාරීන් ඇවිස්සීමට පටන් ගැනීමත් සමග නිහඬව සිටීමට නොහැකි වූ අවුරුදු ගණනක් සක්‍රීය සේවයේ යෙදී සිටි ආමි ඔෆිසර් තරහා ඉවසා දරා ගත නොහැකිව මෙම සංඥා කිරීම කල බවයි වාර්තා වන්නේ.
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අර බෙල්ල කපන සීන් එක නැතිව කින්ඩි හිනවක් දාලා අරුන් ලඟට ගිහින් උන්ගේ පොස්ටර් එහෙම කියවලා.. ආයේත් කින්ඩි හිනාවක් දාලා ආවනම් හරි බං..

    බෙල්ලේ සීන් එක තමා අවුල

    :(:(:(:(:(
     

    Similar threads