ලක්ෂ්මන් - අර්ල් ආණ්ඩුවට
පොළොන්නරු දිස්ත්‍රීක් එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකර මහතා සහ බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා ව්‍යවස්ථා සංශෝධනයේදී ආණ්ඩු පක්ෂයට සහය දැක්වීමට තීරණය කර තිබේ. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මන්ත්‍රීවරුන් මේ බව ප්‍රකාශ කළේය.
එහිදී ඔවුන් කියා සිටියේ ඊට පක්ෂ වීමෙන් එක්සත් ජාතික පක්ෂයටද, වාසියක් සැලසෙන බවයි.
එක්සත් ජාතික පක්ෂයේ මීළග පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී, තම මතය ඉදිරිපත් කරන බවද, මන්තී‍්‍රවරුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

