ලක්ෂ 18 ක් හොර ඡන්ද දාන්ඩ පුළුවන්ද...?

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
ලක්ෂ 18 ක් හොර ඡන්ද දාන්ඩ පුළුවන්ද...?

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා ඇතුළු පිරිසක් පසු ගියදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවීම සඳහා විපක්ෂ නායක කාර්යාලයට ගියහ. ආගිය තොරතුරු කතා බහ කිරීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා මනෝ දෙසට හැරුණේය.

"ඇත්තටම මොකද මනෝ...ඡන්ද ප්‍රතිඵල කතා බහ ගැන හිතන්නේ"

"දකුණේ අය තමන් බලාපොරොත්තු වූ දෙය ඉෂ්ඨ කරපු එක ගැන ජනාධිපතිවරයාට සැලකුවා..උතුරේ අය තමන්ට කරපු දේවල් වලට ඒ විදිහට සැලකුවා"

"ඒක ඇත්ත..මමත් කියන්නේ ඕකම තමයි..හොර ඡන්දත් දැම්මම කියමුකෝ ඒත් ලක්ෂ 18 ක් දාන්න පුළුවන්ද..?ඒක ප්‍රායෝගික නෑනේ..මෙතන තියෙන්නේ...ජ.වි.පෙ එක දකුණේදී හරියට ගමට ඇඩ්‍රස් කරපු නැති එක..ඒකේ වගකීම ඒ අය බාර ගන්න ඕන.." රනිල් කීය.

"ඒත් දැන් පක්ෂයේ අය අතරම මේ සම්බන්ධයෙන් පැහැදිලි එකඟතාවයක් නැති එක අවාසියක් නොවෙයිද.."

පිරිසේ හුන් අයෙකු තවත් ප්‍රශ්නයක් ඇසීය.

"මම කියන්නේ..මේ සම්බන්ධයෙන් අපිට එකම ස්ථාවරයක ඉන්න පුළුවන් නම් හොඳයි..ඒත් එහෙම නැති එක ඇත්ත නම් ඒකත් පිළිගන්න එපායැ..අපි ආණ්ඩුවට මේකෙදි හොර ඡන්ද දැම්මා හරි ගණන් කරද්දී හොර කරා කියල හරි කියනවානම් ඒවා හරියට කරුණු සහිතව ඔප්පු කරන්න ඕන..එහෙම නැතිව කියන්නන් වාලේ ඕප දූප හැටියට කියන්න ගියහම අපටමයි අවාසි.."

රනිල් කීය.
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
2005 ජනාධිපතිවරණයෙන් පස්සේ මහින්ද රාජපක්‍ෂ මහත්තයා මම සහ අපේ පක්ෂයේ නායකයන් කිහිප දෙනෙක් සමඟ කළ ප‍්‍රකාශයක් ගැන කියන්න ඕන. 2004 මහ මැතිවරණයේදී හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ මනාප ඡන්දවලින් පළමු තැන ලැබුණේ ගලප්පත්තිට කියා ඔහු අපි සමඟ කිව්වා. අපි ඇහුවා එහෙම නම් කොහොමද ඔබ ආවේ කියලා.
මම පොඩි කොම්පියුටර් ජිල්මාට් එකක් දැම්මා
කියලා කිව්වා. ඒ මහින්ද රාජපක්‍ෂ කී වචන.
ඒ ආකාරයටම අද ප‍්‍රතිඵලය ගැනත් රටේ ජනතාවට ලොකු සැකයක් තිබෙනවා.
-Somawansa Amarasinghe
 
sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    JVP eka den eththa katha karana kastiyak wela thiyana tharama. Mun lejja nethiwa den JVP eka adahanawa....:rofl::rofl::D:D

    Saaadu Saaaaaaadu'''!!!!! JVP Saranan Gachchami kiyalawath den kiyapalla.............
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ලක්ෂ 18ක්ම හොර චන්ද දාන්නනම් ටිකක් අමාරුයි නේද? අනික තැපැල් චන්දවලදිත් මහින්ද ගොඩක් ඉදිරියෙන් හිටිය නිසා මේ ප්‍රතිපලය බොහෝ දුරට ජනතාවගේ සැබෑ කැමැත්ත නියෝජනය කරන බව මගේ හැඟීමයි.

    නමුත් උතුරු නැගෙනහිර පැතිවල අයට චන්දෙ දෙන්න අපහසුකම් තිබුනානම්, බෝම්බ නිසා මිනිසුන් චන්දෙ දාන්න එන්න බය වුණානම්, චන්ද පත්‍රිකා නොලැබුණු අය සිටියානම් මේ චන්දෙ සර්ව සාධාරනයයි පිළිගැනීම අමාරුයි. නමුත් ප්‍රතිපලවල ලොකු වෙනසක් වෙන තරමට අසාධාරන වුණා කියල මමනම් හිතන්නෙ නෑ.
     
    Wal Bada

    Well-known member
  • 2005 ජනාධිපතිවරණයෙන් පස්සේ මහින්ද රාජපක්‍ෂ මහත්තයා මම සහ අපේ පක්ෂයේ නායකයන් කිහිප දෙනෙක් සමඟ කළ ප‍්‍රකාශයක් ගැන කියන්න ඕන. 2004 මහ මැතිවරණයේදී හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ මනාප ඡන්දවලින් පළමු තැන ලැබුණේ ගලප්පත්තිට කියා ඔහු අපි සමඟ කිව්වා. අපි ඇහුවා එහෙම නම් කොහොමද ඔබ ආවේ කියලා.
    මම පොඩි කොම්පියුටර් ජිල්මාට් එකක් දැම්මා
    කියලා කිව්වා. ඒ මහින්ද රාජපක්‍ෂ කී වචන.
    ඒ ආකාරයටම අද ප‍්‍රතිඵලය ගැනත් රටේ ජනතාවට ලොකු සැකයක් තිබෙනවා.
    -Somawansa Amarasinghe
    ජනපතිතුමා ජනපතිවරණය ජයගෙන ඇත. ඒ 57% ක වැඩි ඡන්ද ප්‍රමාණයකිණි. සංඛ්‍යාත්මකව එය ඡන්ද මිලියන 1.8කි. අතීතයේ නම් පැරදුණු පක්ෂය සෑම විටම ගැසුවේ එකම තැටියකි. එනම් හොර ඡන්ද දැමූ බවයි. මෙවර වැඩි ඡන්ද පරමානය නිසා එවැන්නක් කීමට තබා සිතීමටවත් නොහැක. එමෙන්ම 2005 මැතිවරණයේ වාදනය කල "උතුරු-නැගෙනහිර ජනයා ඡන්දය ප්‍රකාශ කළා නම් එ.ජා.ප. දිනනවා" තැටියද මෙවර වාදනයෙන් ඉවත් කරන්නට සිදු වී ඇත. ඒ උතුරු - නැගෙනහිර ප්‍රකාශ නොකළ ඡන්ද මිලියන 0.7 - 0.8 ප්‍රමාණය සම්පූර්ණයෙන් ෆොන්සේකා මහතාට ලැබුණත් පරතරය ඡන්ද මිලියනයකට ආසන්න බැවිණි. තවද, අන්තර්ජාතික නිරීක්ෂකයන්, පැෆ්රල් වැනි සංවිධානද, වෙනෙකක් තබා විපක්ෂ නායකයාද මේ මැතිවරණය සාමකාමී හා නිදහස් එකක් බව පිළිගෙන ඇත. එබැවින් දැන් පරාජයේ ඇඹුල් මිදි වැළදීම වෙනුවට වෙනත් ක්‍රම සොයා ගත යුතුය. මංගල සමරවීර මහතා, වෙබ් අඩවි, ෆෝරම් හා බ්ලොග් අඩවි හරහා එළියට එන කටකතා වලින් උත්සාහ කරන්නේ මේ ඡන්දය දූෂිත බව පෙන්වීමටයි.

    මේ කට කතා වලට අනුව ආණ්ඩුව ඡන්ද මංකොල්ලය කර ඇති ආකාර කිහිපයක් ඇත.

    1. ඡන්ද ගණන් කරන විටදි එක් එක් අපේක්ෂකයාට පළ කළ ඡන්ද පත්‍රිකා එකට මිටි බඳිනු ලැබේ. ෆොන්සේකා මහතාගේ ඡන්ද මිටි බැන්දීමේදි, ඡන්ද පත්‍රිකා 100 ගොඩකින් ඉහළම හා පහළම ඡන්ද පත්‍රිකා ඉවත් කර ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රකාශිත ඡන්ද පත්‍රිකා යොදවා එය රාජපක්ෂ මහතාගේ ඡන්ද පත්‍රිකා මිටියක් ලෙස පෙන්වීම.
    2. මැතිවරණ කොමසාරිස් නිවාස අඩස්සියේ රඳවා, පරිගණක ගත ඡන්ද ප්‍රතිඵලය වෙනස් කිරීම.

    මේ කටකතා පතුරුවන්නනේ ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලිය ගැන අබමල් රේණුවක් වත් නොදන්නා මෝඩයන්ය. මංගල සමරවීර වැන්නන් ඒ දැන සිටියත්, අප ගොන්නුන් යයි සිතා එවැනි ප්‍රකාශ කරනවා විය හැක. පාඨක ප්‍රයෝජනය උදෙසා ඡන්ද ගණනය කරන අයුරු සැකෙවින් පහත දක්වමි.

    සෑම ඡන්ද පොළකටම ඡන්ද පොළ නියෝජිතයින් ඇත. මොවුන් පත් කරනු ලබන්නේ එක් එක් පක්ෂ වලිනි. ඡන්ද පොළට යැවීමට පෙර ඔවුන් ඉදිරියේ ඡන්ද පෙට්ටිය විරුත කරවා එය හිස් බව පෙන්වනු ලබයි. අනතුරුව පෙට්ටිය මුද්‍රා තබනු ලැබේ. මෙයට විවිධ පුද්ගලයන්ගේ විවිධ මුද්‍රා භාවිත වේ. එක් එක් ඡන්ද පොළට යනතුරුම මේ ඡන්ද පෙට්ටි මැතිවරණ කොමසාරිස් නියෝජිතයින් විසින් ආරක්ෂා කරනු ලබයි. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මේ පෙට්ටි ගණන් කිරීමෙ මධ්‍යස්ථාන වෙත ඉහත නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ගෙන එනු ලබයි. සියලුම පක්ෂ නියෝජිතයන් ඉදිරිපිටදී පෙට්ටියේ මුද්‍රා පරීක්ෂා කර පෙට්ටිය විවෘත කර නොමැති බවට සහතික කරවා ගත් පසු එය විවෘත කරයි. ඉන්පසුව පෙට්ටියේ ඇති ඡන්ද සියල්ලම ගණිනු ලැබේ. එය ඡන්ද ලේඛණයට අනුව ප්‍රකාශිත ඡන්ද ගණනට සමාන විය යුතුය. නැත්නම් එම ඡන්ද පොළ ශූන්‍ය කිරීමේ බලතල කොමසාරිස් වරයාට ඇත.

    ඉන්පසුව ඡන්ද ගැනීම සිදුවන අතර ඉහත පරිදි එක් එක් අපේක්ෂකයාගේ ඡන්ද පත්‍රිකා මිටි බැඳීම සිදු කරයි. මෙය සිදු වන්නේ එක් එක් පක්ෂයේ නියෝජිතයන් පිරිසකගේ නිරීක්ෂණය යටතේය. එක් පක්ෂයකින් එක් ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට නියෝජිතයන් 5 - 10 දක්වා යවා ඇති නිසා මේ මිටි බැඳීම සිදු වන්නේ අතිශයින්ම සුපරික්ෂාකාරීවය. මධ්‍යස්ථානයක ඡන්ද සියල්ලම ගැන අවසන් කළ පසු එහි ප්‍රතිඵලය පිටපත් තුනකින් සකසා, වැඩිම ඡන්ද ලබා ගත් අපේක්ෂකයන් දෙදෙනාගේ නියෝජිතයින් හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන භාර ප්‍රධාන නිළධාරියාගේ අත්සන් යොදනු ලබයි. එක් පිටපතක් මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත යවන අතර අනෙක් පිටපත් දෙක ප්‍රධාන පක්ෂ වල නියෝජිතයන්ට භාර දෙනු ලබයි.

    දැන් අපි මේ ගොන් කතා කියන අමන රෑනට ප්‍රශ්න කීපයක් අදිරිපත් කරමු. ඔවුන්ගේ කතාවේ ඇත්ත නැත්ත ඉන් හෙළි වනු ඇත.

    1. ඡන්ද පත්‍රිකා මිටි බැඳීමේදී සරත් ෆොන්සේකා මහතාගේ නියෝජිතයන් එහි සිටියාද? (ඔව් / නෑ)
    2. ඉහත ප්‍රකාශයට උත්තරය නෑ නම්, එවැනි පිරිසක් ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත පැමිනියාද? (ඔව් / නෑ)
    3. ඉහත 2 ප්‍රශ්නයට උත්තරය ඔව් නම් ඔවුන් පළවා හැරීම සිදු වූවාද (ඔව් / නෑ)
    4. ඔවුන් පළවා හැරියා නම් ඒ ගැන පැමිණිලි කර තිබේද? (ඔව් / නෑ)

    දැන් අපි කරුණු විමසා බලමු. ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට නියෝජිතයන් පත් කිරීම සරත් ෆොන්සේකා මහතා කර නැත්නම් ඔහුගේ නියෝජිතයන් ගණන් කරන විට නොසිටිනු ඇත. එසේ නම් ප්‍රශ්නය ඇත්තේ ඔවුන් පත් නොකිරීමේය. එසේ නොකළා නම් ෆොන්සේකා මහතා එහි වගකීම දරා ගත යුතුය. මෙවැනි වැදගත් දෙයක් අත පසු කළා නම් ඔහු ජනපති ධුරය වැනී වගකීම් සහිත ධූරයකට කොහෙත්ම සුදුසු නැත. එම නියෝජිතයන් පත කර තිබියදී ඔවුන් මධ්‍යස්ථාන වලට නොපැමිණියේ නම් වරද ඇත්තේ ඒ නියෝජිතයන් අත ය. ඔවුන්ට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත පැමිණීම වැළැක්වූයේ නම් හෝ ඔවුන්ට බාධා එල්ල වූයේ නම් ඔවුන් ඒ ගැන පැමිණිළි කළ යුතුය. සුළු පැමිණිලි කීපයක් හැරෙන්නට එවැනි පැමිණිලි කිසිත් ලැබී නැත. එනිසා ෆොන්සේකා මහතාගේ නියෝජිතයන් ඉදිරියේ ඡන්දය ගණින ලද බව පැහැදිලිය.

    ඡන්ද පත්‍රිකා මිටි බැඳීමේදි යම් වරදක් සිදු වූයේ නම් මේ නියෝජිතයන් ඒ දැකිය යුතුය. එක්කෝ ඔවුන් අන්ධ විය යුතුය. නැතිනම් මිටි බඳින්නා මැජික් ශූරයකු විය යුතුය. නැතිනම් නියෝජිතයන් 15-20 ඉදිරියේ ඉහත ක්‍රියාව කලේ කෙසේදැයි සිතා ගත නොහැක. එලෙස යම් අක්‍රමිකතාවක් සිදු වූයේ නම් උක්ත නියෝජිතයන් ප්‍රතිඵල ලේඛණයට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ යුතුය. එවැන්නක් ද සිදු වී නොමැත. එබැවින් ඡන්ද ගණන් කිරීම නිසි පරිදි සිදු වී ඇති බව සුපැහැදිලිය.

    අවසන් ප්‍රතිඵල ලේඛණය සකසන විට මැතිවරණ ලේකම් කාර්‍යාලයේදි "විජ්ජාවක්" හෝ "ජිල් මාට්" එකක් සිදු වී ඇතැයි යන තර්කය අපි සලකා බලමු. එසේ නම් ෆොන්සේකා මහතාහෙ ගණන් කිරීමේ මධ්‍යස්ථාන නියෝජිතයන් කළ යුත්තේ ආසන මට්ටමින් ඔවුනට ලභා දුන්, ඔවුන් විසින් අත්සන් තබා සහතික කළ, ප්‍රතිඵල ලේඛණ රැගෙන විත් එය ඔප්පු කර පෙන්වීමය.එවැන්නක් ද මේ වන තුරුත් සිදු වී නොමැත. ඇත්ටෙන්ම කටකතා කීම පහසුය. ඒවා ඔප්පු කිරීම මර කැඩෙන වැඩකි.

    ෆොන්සේකා ෆෑන්ස් ලා ඔවුන් පැරදී ඇති බව දැන්වත් වටහා ගත යුතුය. ජයගත් පසට බොරුවට බැණීමට වඩා තම දුර්වලතා හඳුනා ගෙන හැකි නම් මහ මැතිවරණය දිනීමට ඔවුන් ඉටා ගත යුතුය. පදනම් විරහිත බොළඳ තර්ක ගෙන ඒමෙන් ඔවුන් රටේ බුද්ධිමත් ජනයාගේ සිනහවට ලක් වීම සිදු වන අතර, ඔවුන්ගේ ප්‍රතිරූපය වැනසීයාමද සිදු වේ.
     
    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා ඇතුළු පිරිසක් පසු ගියදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවීම සඳහා විපක්ෂ නායක කාර්යාලයට ගියහ. ආගිය තොරතුරු කතා බහ කිරීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා මනෝ දෙසට හැරුණේය.

    "ඇත්තටම මොකද මනෝ...ඡන්ද ප්‍රතිඵල කතා බහ ගැන හිතන්නේ"

    "දකුණේ අය තමන් බලාපොරොත්තු වූ දෙය ඉෂ්ඨ කරපු එක ගැන ජනාධිපතිවරයාට සැලකුවා..උතුරේ අය තමන්ට කරපු දේවල් වලට ඒ විදිහට සැලකුවා"

    "ඒක ඇත්ත..මමත් කියන්නේ ඕකම තමයි..හොර ඡන්දත් දැම්මම කියමුකෝ ඒත් ලක්ෂ 18 ක් දාන්න පුළුවන්ද..?ඒක ප්‍රායෝගික නෑනේ..මෙතන තියෙන්නේ...ජ.වි.පෙ එක දකුණේදී හරියට ගමට ඇඩ්‍රස් කරපු නැති එක..ඒකේ වගකීම ඒ අය බාර ගන්න ඕන.." රනිල් කීය.

    "ඒත් දැන් පක්ෂයේ අය අතරම මේ සම්බන්ධයෙන් පැහැදිලි එකඟතාවයක් නැති එක අවාසියක් නොවෙයිද.."

    පිරිසේ හුන් අයෙකු තවත් ප්‍රශ්නයක් ඇසීය.

    "මම කියන්නේ..මේ සම්බන්ධයෙන් අපිට එකම ස්ථාවරයක ඉන්න පුළුවන් නම් හොඳයි..ඒත් එහෙම නැති එක ඇත්ත නම් ඒකත් පිළිගන්න එපායැ..අපි ආණ්ඩුවට මේකෙදි හොර ඡන්ද දැම්මා හරි ගණන් කරද්දී හොර කරා කියල හරි කියනවානම් ඒවා හරියට කරුණු සහිතව ඔප්පු කරන්න ඕන..එහෙම නැතිව කියන්නන් වාලේ ඕප දූප හැටියට කියන්න ගියහම අපටමයි අවාසි.."

    රනිල් කීය.

    :frown: Ane yako uba balan hitiya wagene kiyanne.

    ලක්ෂ 18 ක් හොර ඡන්ද දාන්ඩ පුළුවන්ද...?
    Horachanda kohomaunath 18ka gemak nam bila thiyenawa.
    Anduwe okkoma kamba horune:D

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    Athulayata Pisssu...Nikan Boru kelin nethuwa idin..Parajaya bara ganna beruwa thawa gal pelena boru kelinnna epa...Ubala wage evun thamai NGO karayo hari suddo hari kiwwoth genith denne....
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    ජනපතිතුමා ජනපතිවරණය ජයගෙන ඇත. ඒ 57% ක වැඩි ඡන්ද ප්‍රමාණයකිණි. සංඛ්‍යාත්මකව එය ඡන්ද මිලියන 1.8කි. අතීතයේ නම් පැරදුණු පක්ෂය සෑම විටම ගැසුවේ එකම තැටියකි. එනම් හොර ඡන්ද දැමූ බවයි. මෙවර වැඩි ඡන්ද පරමානය නිසා එවැන්නක් කීමට තබා සිතීමටවත් නොහැක. එමෙන්ම 2005 මැතිවරණයේ වාදනය කල "උතුරු-නැගෙනහිර ජනයා ඡන්දය ප්‍රකාශ කළා නම් එ.ජා.ප. දිනනවා" තැටියද මෙවර වාදනයෙන් ඉවත් කරන්නට සිදු වී ඇත. ඒ උතුරු - නැගෙනහිර ප්‍රකාශ නොකළ ඡන්ද මිලියන 0.7 - 0.8 ප්‍රමාණය සම්පූර්ණයෙන් ෆොන්සේකා මහතාට ලැබුණත් පරතරය ඡන්ද මිලියනයකට ආසන්න බැවිණි. තවද, අන්තර්ජාතික නිරීක්ෂකයන්, පැෆ්රල් වැනි සංවිධානද, වෙනෙකක් තබා විපක්ෂ නායකයාද මේ මැතිවරණය සාමකාමී හා නිදහස් එකක් බව පිළිගෙන ඇත. එබැවින් දැන් පරාජයේ ඇඹුල් මිදි වැළදීම වෙනුවට වෙනත් ක්‍රම සොයා ගත යුතුය. මංගල සමරවීර මහතා, වෙබ් අඩවි, ෆෝරම් හා බ්ලොග් අඩවි හරහා එළියට එන කටකතා වලින් උත්සාහ කරන්නේ මේ ඡන්දය දූෂිත බව පෙන්වීමටයි.

    මේ කට කතා වලට අනුව ආණ්ඩුව ඡන්ද මංකොල්ලය කර ඇති ආකාර කිහිපයක් ඇත.

    1. ඡන්ද ගණන් කරන විටදි එක් එක් අපේක්ෂකයාට පළ කළ ඡන්ද පත්‍රිකා එකට මිටි බඳිනු ලැබේ. ෆොන්සේකා මහතාගේ ඡන්ද මිටි බැන්දීමේදි, ඡන්ද පත්‍රිකා 100 ගොඩකින් ඉහළම හා පහළම ඡන්ද පත්‍රිකා ඉවත් කර ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රකාශිත ඡන්ද පත්‍රිකා යොදවා එය රාජපක්ෂ මහතාගේ ඡන්ද පත්‍රිකා මිටියක් ලෙස පෙන්වීම.
    2. මැතිවරණ කොමසාරිස් නිවාස අඩස්සියේ රඳවා, පරිගණක ගත ඡන්ද ප්‍රතිඵලය වෙනස් කිරීම.

    මේ කටකතා පතුරුවන්නනේ ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලිය ගැන අබමල් රේණුවක් වත් නොදන්නා මෝඩයන්ය. මංගල සමරවීර වැන්නන් ඒ දැන සිටියත්, අප ගොන්නුන් යයි සිතා එවැනි ප්‍රකාශ කරනවා විය හැක. පාඨක ප්‍රයෝජනය උදෙසා ඡන්ද ගණනය කරන අයුරු සැකෙවින් පහත දක්වමි.

    සෑම ඡන්ද පොළකටම ඡන්ද පොළ නියෝජිතයින් ඇත. මොවුන් පත් කරනු ලබන්නේ එක් එක් පක්ෂ වලිනි. ඡන්ද පොළට යැවීමට පෙර ඔවුන් ඉදිරියේ ඡන්ද පෙට්ටිය විරුත කරවා එය හිස් බව පෙන්වනු ලබයි. අනතුරුව පෙට්ටිය මුද්‍රා තබනු ලැබේ. මෙයට විවිධ පුද්ගලයන්ගේ විවිධ මුද්‍රා භාවිත වේ. එක් එක් ඡන්ද පොළට යනතුරුම මේ ඡන්ද පෙට්ටි මැතිවරණ කොමසාරිස් නියෝජිතයින් විසින් ආරක්ෂා කරනු ලබයි. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මේ පෙට්ටි ගණන් කිරීමෙ මධ්‍යස්ථාන වෙත ඉහත නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ගෙන එනු ලබයි. සියලුම පක්ෂ නියෝජිතයන් ඉදිරිපිටදී පෙට්ටියේ මුද්‍රා පරීක්ෂා කර පෙට්ටිය විවෘත කර නොමැති බවට සහතික කරවා ගත් පසු එය විවෘත කරයි. ඉන්පසුව පෙට්ටියේ ඇති ඡන්ද සියල්ලම ගණිනු ලැබේ. එය ඡන්ද ලේඛණයට අනුව ප්‍රකාශිත ඡන්ද ගණනට සමාන විය යුතුය. නැත්නම් එම ඡන්ද පොළ ශූන්‍ය කිරීමේ බලතල කොමසාරිස් වරයාට ඇත.

    ඉන්පසුව ඡන්ද ගැනීම සිදුවන අතර ඉහත පරිදි එක් එක් අපේක්ෂකයාගේ ඡන්ද පත්‍රිකා මිටි බැඳීම සිදු කරයි. මෙය සිදු වන්නේ එක් එක් පක්ෂයේ නියෝජිතයන් පිරිසකගේ නිරීක්ෂණය යටතේය. එක් පක්ෂයකින් එක් ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට නියෝජිතයන් 5 - 10 දක්වා යවා ඇති නිසා මේ මිටි බැඳීම සිදු වන්නේ අතිශයින්ම සුපරික්ෂාකාරීවය. මධ්‍යස්ථානයක ඡන්ද සියල්ලම ගැන අවසන් කළ පසු එහි ප්‍රතිඵලය පිටපත් තුනකින් සකසා, වැඩිම ඡන්ද ලබා ගත් අපේක්ෂකයන් දෙදෙනාගේ නියෝජිතයින් හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන භාර ප්‍රධාන නිළධාරියාගේ අත්සන් යොදනු ලබයි. එක් පිටපතක් මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත යවන අතර අනෙක් පිටපත් දෙක ප්‍රධාන පක්ෂ වල නියෝජිතයන්ට භාර දෙනු ලබයි.

    දැන් අපි මේ ගොන් කතා කියන අමන රෑනට ප්‍රශ්න කීපයක් අදිරිපත් කරමු. ඔවුන්ගේ කතාවේ ඇත්ත නැත්ත ඉන් හෙළි වනු ඇත.

    1. ඡන්ද පත්‍රිකා මිටි බැඳීමේදී සරත් ෆොන්සේකා මහතාගේ නියෝජිතයන් එහි සිටියාද? (ඔව් / නෑ)
    2. ඉහත ප්‍රකාශයට උත්තරය නෑ නම්, එවැනි පිරිසක් ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත පැමිනියාද? (ඔව් / නෑ)
    3. ඉහත 2 ප්‍රශ්නයට උත්තරය ඔව් නම් ඔවුන් පළවා හැරීම සිදු වූවාද (ඔව් / නෑ)
    4. ඔවුන් පළවා හැරියා නම් ඒ ගැන පැමිණිලි කර තිබේද? (ඔව් / නෑ)

    දැන් අපි කරුණු විමසා බලමු. ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට නියෝජිතයන් පත් කිරීම සරත් ෆොන්සේකා මහතා කර නැත්නම් ඔහුගේ නියෝජිතයන් ගණන් කරන විට නොසිටිනු ඇත. එසේ නම් ප්‍රශ්නය ඇත්තේ ඔවුන් පත් නොකිරීමේය. එසේ නොකළා නම් ෆොන්සේකා මහතා එහි වගකීම දරා ගත යුතුය. මෙවැනි වැදගත් දෙයක් අත පසු කළා නම් ඔහු ජනපති ධුරය වැනී වගකීම් සහිත ධූරයකට කොහෙත්ම සුදුසු නැත. එම නියෝජිතයන් පත කර තිබියදී ඔවුන් මධ්‍යස්ථාන වලට නොපැමිණියේ නම් වරද ඇත්තේ ඒ නියෝජිතයන් අත ය. ඔවුන්ට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත පැමිණීම වැළැක්වූයේ නම් හෝ ඔවුන්ට බාධා එල්ල වූයේ නම් ඔවුන් ඒ ගැන පැමිණිළි කළ යුතුය. සුළු පැමිණිලි කීපයක් හැරෙන්නට එවැනි පැමිණිලි කිසිත් ලැබී නැත. එනිසා ෆොන්සේකා මහතාගේ නියෝජිතයන් ඉදිරියේ ඡන්දය ගණින ලද බව පැහැදිලිය.

    ඡන්ද පත්‍රිකා මිටි බැඳීමේදි යම් වරදක් සිදු වූයේ නම් මේ නියෝජිතයන් ඒ දැකිය යුතුය. එක්කෝ ඔවුන් අන්ධ විය යුතුය. නැතිනම් මිටි බඳින්නා මැජික් ශූරයකු විය යුතුය. නැතිනම් නියෝජිතයන් 15-20 ඉදිරියේ ඉහත ක්‍රියාව කලේ කෙසේදැයි සිතා ගත නොහැක. එලෙස යම් අක්‍රමිකතාවක් සිදු වූයේ නම් උක්ත නියෝජිතයන් ප්‍රතිඵල ලේඛණයට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ යුතුය. එවැන්නක් ද සිදු වී නොමැත. එබැවින් ඡන්ද ගණන් කිරීම නිසි පරිදි සිදු වී ඇති බව සුපැහැදිලිය.

    අවසන් ප්‍රතිඵල ලේඛණය සකසන විට මැතිවරණ ලේකම් කාර්‍යාලයේදි "විජ්ජාවක්" හෝ "ජිල් මාට්" එකක් සිදු වී ඇතැයි යන තර්කය අපි සලකා බලමු. එසේ නම් ෆොන්සේකා මහතාහෙ ගණන් කිරීමේ මධ්‍යස්ථාන නියෝජිතයන් කළ යුත්තේ ආසන මට්ටමින් ඔවුනට ලභා දුන්, ඔවුන් විසින් අත්සන් තබා සහතික කළ, ප්‍රතිඵල ලේඛණ රැගෙන විත් එය ඔප්පු කර පෙන්වීමය.එවැන්නක් ද මේ වන තුරුත් සිදු වී නොමැත. ඇත්ටෙන්ම කටකතා කීම පහසුය. ඒවා ඔප්පු කිරීම මර කැඩෙන වැඩකි.

    ෆොන්සේකා ෆෑන්ස් ලා ඔවුන් පැරදී ඇති බව දැන්වත් වටහා ගත යුතුය. ජයගත් පසට බොරුවට බැණීමට වඩා තම දුර්වලතා හඳුනා ගෙන හැකි නම් මහ මැතිවරණය දිනීමට ඔවුන් ඉටා ගත යුතුය. පදනම් විරහිත බොළඳ තර්ක ගෙන ඒමෙන් ඔවුන් රටේ බුද්ධිමත් ජනයාගේ සිනහවට ලක් වීම සිදු වන අතර, ඔවුන්ගේ ප්‍රතිරූපය වැනසීයාමද සිදු වේ.

    2005 ජනාධිපතිවරණයෙන් පස්සේ මහින්ද රාජපක්‍ෂ මහත්තයා මම සහ අපේ පක්ෂයේ නායකයන් කිහිප දෙනෙක් සමඟ කළ ප‍්‍රකාශයක් ගැන කියන්න ඕන. 2004 මහ මැතිවරණයේදී හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ මනාප ඡන්දවලින් පළමු තැන ලැබුණේ ගලප්පත්තිට කියා ඔහු අපි සමඟ කිව්වා. අපි ඇහුවා එහෙම නම් කොහොමද ඔබ ආවේ කියලා.
    මම පොඩි කොම්පියුටර් ජිල්මාට් එකක් දැම්මා
    කියලා කිව්වා. ඒ මහින්ද රාජපක්‍ෂ කී වචන.
    ඒ ආකාරයටම අද ප‍්‍රතිඵලය ගැනත් රටේ ජනතාවට ලොකු සැකයක් තිබෙනවා.
    -Somawansa Amarasinghe
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    මැතිවරණ කොමසාරිස්වරයා මේ පවසන්නේ කුමක්ද? දේශීය 2010 ජනවාරි 27 වෙනි බදාදා, 19:07
    dayananda_disanayaka.jpg
    ශ්‍රී ලංකාවේ 6 වන ජනාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසීම මේවන විට මහත් ආන්දෝලනාත්මක ලෙස අවසන්වී තිබේ. එහි අවසන් ප්‍රතිඵලය මැතිවරණ කොමසාරිස්වරයා විසින් රාජගිරියේ පිහිටි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී අද පස්වරුවේදී ප්‍රකාශයට පත් කෙරිණි. ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර කොමසාරිස්වරයා දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකළ අතර එහිදී ඉතා ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් ප්‍රකාශයට පත්විණි.

    පහත දැක්වෙන්නේ ඉන් කිහිපයකි.

    17 වන ආණ්ඩු ක්‍රමව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරී ඇති බලතල මත නිකුත් කළ මාධ්‍ය සදහා උපමාන කෙරෙහි රාජ්‍ය මාධ්‍ය දෙක සැලකිල්ලක් දැක්වූවේ නැහැ. පසුව මම බලධාරියෙක් පත් කළා නමුත් ඒ අනුවත් කටයුතු කළේ නැහැ. මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවී සිදුකළ සාකච්ඡාත් පළක් වුණේ නැහැ පසුව මම ඔහුව අයින් කළා.

    ඇතැම් අවස්ථාවලදී නොයෙකුත් රජයේ ආයතන මැතිවරණයකදී කළයුතු නොකළයුතු දේ හදුනා නොගෙන කටයුතු කළා.

    ඇතැම් අය මට චෝදනා කළා මට අයිතිව තිබෙන්නේ ඡන්ද පෙට්ටියක් රැගකන්න එකත් ඒවා ගණන් කරන එකත් විතරයි කියලා. නමුත් දැන් තිබෙන තත්වය යටතේ ඡන්ද පෙට්ටියවත් රැක ගන්න බැහැ. මේ තත්වය තුළ මම කටයුතු කළේ ඉතා අපහසුවෙන් සහ සිත් වේදනාවකින.

    මම ඕනෑ කමින් ඉල්ලා සිටිනවා මේ තත්වය මට පාලනය කරගන්න බැරි තත්වයකට දැන් පත්වෙලා තියනවා. ඒ වගේම මගේ වයස ඉක්මවා මම වසර 8ක් සිට තිබෙන නිසා මාව නිදහස් කරන්න.

    මේ ආතතිය තත්වයක් යටතේ මට කටයුතු කරන්න බැහැ. ඒක මට අහිතකරයි. මට කුමක් හෝ සිදු වුණාම විද දරාගන්න සිදුවන්නේ මටමයි.

    ප්‍රාදේශීය නායකයන් අපිට බොහොම කරදර කළා. පුත්තලම, අනුරාධපුර, මාතලේ දිස්ත්‍රික්වල ගණන් කිරීමේ මධ්‍යස්ථානවල පවා අපට කරදරකලා. මෙය හොද ප්‍රවනතාවක් නොවෙයි. මේවා දිස්ත්‍රික් මට්ටමේ තේරීම්භාර නිලධාරීන්ට සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට පාලනය කළ නොහැකි තත්වයක් උදා වුණා. ඔවුන්ටත් අසභ්‍ය වචනයෙන් බැණ වැදිලා එලවපු අවස්ථාවන් උදා වුණා.

    අප කටයුතු කරන කොට යම්යම් අය අපට චෝදනා කළා පාක්ෂග්‍රාහීව කටයුතු කරනවා කියලා ‍අපට චෝදනා නගනවා. මේ තත්වය විද දරා ගන්න මට නම් පුළුවන්කමක් නැහැ. මාගේ විද දරාගැනීමේ ශක්තිය දැන් දුර්වල වෙලා තියෙන්නේ. ඒක ප්‍රධාන කාරණයක්.

    මැතිවරණ කොමසාරිස්වරයාගේ මෙම ප්‍රකාශයන් හරහා පෙනීයන්නේ ඔහු ඉතා දැඩි පීඩණයක් යටතේ තමාගේ හෘද ශාක්ෂියට එකඟ නොවන ප්‍රතිඵලයක් නිකුත් කර ඇති බව නොවේද? ඒ සම්බන්ධයෙන් අපට දැනට පැවසිය හැක්කේ සත්‍යය කිසිදා යටපත් කළ නොහැක්කක් බව පමණි.

    රොෂාන් ප්‍රනාන්දු
     
    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0

    ආණ්ඩුව ඡන්ද මංකොල්ලය කර ඇති ආකාර කිහිපයක් ඇත.

    1. ඡන්ද ගණන් කරන විටදි එක් එක් අපේක්ෂකයාට පළ කළ ඡන්ද පත්‍රිකා එකට මිටි බඳිනු ලැබේ. ෆොන්සේකා මහතාගේ ඡන්ද මිටි බැන්දීමේදි, ඡන්ද පත්‍රිකා 100 ගොඩකින් ඉහළම හා පහළම ඡන්ද පත්‍රිකා ඉවත් කර ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රකාශිත ඡන්ද පත්‍රිකා යොදවා එය රාජපක්ෂ මහතාගේ ඡන්ද පත්‍රිකා මිටියක් ලෙස පෙන්වීම.

    2. මැතිවරණ කොමසාරිස් නිවාස අඩස්සියේ රඳවා, පරිගණක ගත ඡන්ද ප්‍රතිඵලය වෙනස් කිරීම.

    3. මැතිවරණ නාම යොජනා දුන් දිනයේ සිටම රාජ්‍ය දේපල, රාජ්‍ය මාධ්‍යය තනිකරම නීති විරෝදී ලෙස භාවිතා කිරීම.

    4. And more...

    සෑම ඡන්ද පොළකටම ඡන්ද පොළ නියෝජිතයින් ඇත. මොවුන් පත් කරනු ලබන්නේ එක් එක් පක්ෂ වලිනි. ඡන්ද පොළට යැවීමට පෙර ඔවුන් ඉදිරියේ ඡන්ද පෙට්ටිය විරුත කරවා එය හිස් බව පෙන්වනු ලබයි. අනතුරුව පෙට්ටිය මුද්‍රා තබනු ලැබේ. මෙයට විවිධ පුද්ගලයන්ගේ විවිධ මුද්‍රා භාවිත වේ. එක් එක් ඡන්ද පොළට යනතුරුම මේ ඡන්ද පෙට්ටි මැතිවරණ කොමසාරිස් නියෝජිතයින් විසින් ආරක්ෂා කරනු ලබයි. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මේ පෙට්ටි ගණන් කිරීමෙ මධ්‍යස්ථාන වෙත ඉහත නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ගෙන එනු ලබයි. සියලුම පක්ෂ නියෝජිතයන් ඉදිරිපිටදී පෙට්ටියේ මුද්‍රා පරීක්ෂා කර පෙට්ටිය විවෘත කර නොමැති බවට සහතික කරවා ගත් පසු එය විවෘත කරයි. ඉන්පසුව පෙට්ටියේ ඇති ඡන්ද සියල්ලම ගණිනු ලැබේ. එය ඡන්ද ලේඛණයට අනුව ප්‍රකාශිත ඡන්ද ගණනට සමාන විය යුතුය. නැත්නම් එම ඡන්ද පොළ ශූන්‍ය කිරීමේ බලතල කොමසාරිස් වරයාට ඇත.

    ඉන්පසුව ඡන්ද ගැනීම සිදුවන අතර ඉහත පරිදි එක් එක් අපේක්ෂකයාගේ ඡන්ද පත්‍රිකා මිටි බැඳීම සිදු කරයි. මෙය සිදු වන්නේ එක් එක් පක්ෂයේ නියෝජිතයන් පිරිසකගේ නිරීක්ෂණය යටතේය. එක් පක්ෂයකින් එක් ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට නියෝජිතයන් 5 - 10 දක්වා යවා ඇති නිසා මේ මිටි බැඳීම සිදු වන්නේ අතිශයින්ම සුපරික්ෂාකාරීවය. මධ්‍යස්ථානයක ඡන්ද සියල්ලම ගැන අවසන් කළ පසු එහි ප්‍රතිඵලය පිටපත් තුනකින් සකසා, වැඩිම ඡන්ද ලබා ගත් අපේක්ෂකයන් දෙදෙනාගේ නියෝජිතයින් හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන භාර ප්‍රධාන නිළධාරියාගේ අත්සන් යොදනු ලබයි. එක් පිටපතක් මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත යවන අතර අනෙක් පිටපත් දෙක ප්‍රධාන පක්ෂ වල නියෝජිතයන්ට භාර දෙනු ලබයි.

    දැන් අපි මේ ගොන් කතා කියන අමන රෑනට ප්‍රශ්න කීපයක් අදිරිපත් කරමු. ඔවුන්ගේ කතාවේ ඇත්ත නැත්ත ඉන් හෙළි වනු ඇත.

    1. ඡන්ද පත්‍රිකා මිටි බැඳීමේදී සරත් ෆොන්සේකා මහතාගේ නියෝජිතයන් එහි සිටියාද? (ඔව් / නෑ)-
    ඔව්

    2. ඉහත ප්‍රකාශයට උත්තරය නෑ නම්, එවැනි පිරිසක් ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත පැමිනියාද? (ඔව් / නෑ) -ඔව්

    3. ඉහත 2 ප්‍රශ්නයට උත්තරය ඔව් නම් ඔවුන් පළවා හැරීම සිදු වූවාද (ඔව් / නෑ) -ඔව්

    4. ඔවුන් පළවා හැරියා නම් ඒ ගැන පැමිණිලි කර තිබේද? (ඔව් / නෑ) -පැමිණිලි භාර ගැනීමට නොහැකි බවත්, දැන් ක්‍රියාත්මක වන්නේ මහින්දගේ නීතිය බවත් ප්‍රකාශ කරඇති අතර තම හිසට තම අතමය සෙවනැල්ල කියා තමන්ගෙ ආරක්ෂාව තමන් විසින්ම සලසා ගත යුතු බව වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

    මහින්ද රටේ බුද්ධිමත් ජනයාගේ සිනහවට ලක්වී ඇති අතර, ඔවුගේ ප්‍රතිරූපය වැනසීයාමද සිදු වේ.

    :no::no::no:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    ඇතැම් අය මට චෝදනා කළා මට අයිතිව තිබෙන්නේ ඡන්ද පෙට්ටියක් රැගකන්න එකත් ඒවා ගණන් කරන එකත් විතරයි කියලා. නමුත් දැන් තිබෙන තත්වය යටතේ ඡන්ද පෙට්ටියවත් රැක ගන්න බැහැ. මේ තත්වය තුළ මම කටයුතු කළේ ඉතා අපහසුවෙන් සහ සිත් වේදනාවකින.

    මම ඕනෑ කමින් ඉල්ලා සිටිනවා මේ තත්වය මට පාලනය කරගන්න බැරි තත්වයකට දැන් පත්වෙලා තියනවා. ඒ වගේම මගේ වයස ඉක්මවා මම වසර 8ක් සිට තිබෙන නිසා මාව නිදහස් කරන්න.

    මේ ආතතිය තත්වයක් යටතේ මට කටයුතු කරන්න බැහැ. ඒක මට අහිතකරයි. මට කුමක් හෝ සිදු වුණාම විද දරාගන්න සිදුවන්නේ මටමයි.
    මේ තත්වය විද දරා ගන්න මට නම් පුළුවන්කමක් නැහැ. මාගේ විද දරාගැනීමේ ශක්තිය දැන් දුර්වල වෙලා තියෙන්නේ. ඒක ප්‍රධාන කාරණයක්.