ලක්ෂ 250 ක් ගසා කාලා onna wada
තමන්ට අල්ලස් ලබා දුන් බව කියන ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා ඊයේ (18) රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, මෙම පැමිණිලි කිරීමේදී තමන්ට ලබා දුන් බව කියන මුදල් ප්‍රමාණයක් රහස් පොලිසියට ඉදිරිපත් කර ඇත. මෙසේ රහස් පොලිස් භාරයට පත් කළ මුදල් අතර තිබී ඇත්තේ රුපියල් ලක්ෂ 42ක් පමණි. මෙහිදී රහස් පොලිසිය මුසම්මිල් මන්ත්‍රීවරයාගෙන් විමසා ඇත්තේ ඉතිරි ලක්ෂ 258 පිළිබඳවයි. මෙහිදී රහස් පොලිසිය විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට නොහැකිව රහස් පොලිස් නිලධාරීන් ඉදිරිපිට අසරණ වූ බව වැඩිදුරටත් වාර්තා වේ.
තමන්ට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ පාර්ශවයට සහය පළ කිරීම සඳහා රුපියල් ලක්ෂ 300 ක මුදලක් ලබා දුන් බව පවසමින් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විය. මෙම මාධ්‍ය සාකච්ඡාවේදී තමන්ට ලබා දුන් බව කියන ලක්ෂ 300 ක මුදල පෙන්වමින් මුසම්මිල් මන්ත්‍රීවරයා පැවසුවේ මෙම මුදල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් යොදවන බවයි.
මේ අතර ඊයේ නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු නීතිඥ පිරිසක් මුසම්මිල් මහතාට එරෙහිව අල්ලස් ලබාගැනීමේ චෝදනා එල්ල කරමින් ඊයේ අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. මේ අතර ඊයේ මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබුණේ මුසම්මිල් මන්ත්‍රීවරයා අල්ලස් කොමිසමට පාන්දර 1.30 ට පමණ පැමිණිලි කළ බවයි. නමුත් අල්ලස් හා දූෂණ කොමිසම පැවසුවේ මෙබඳු කිසිදු පැමිණිල්ලක් තමන් වෙත නොලැබුණු බවයි.
මේ අතර ඊයේ රහස් පොලිසියට පැමිණිලි කර ඇති මුසම්මිල් මන්ත්‍රීවරයා තමන්ට ලබා දුන් බව කියන මුදල් භාර දෙමින් රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, එම මුදල් අතර තිබී ඇත්තේ පක්ෂ 42 ක් පමණක් බැවින් ඉතිරි ලක්ෂ 258 පිළිබඳව රහස් පොලිසිය මේ වන විට පරීක්ෂණ පැවැත්වෙන බව පැවසේ.
කෙසේ වෙතත් ඉහළ බලපෑමකින් මෙම පරීක්ෂණය වෙනතකට යොමු කිරීමට වේ වන විට පිඹුරුපත් සැකසෙමින් තිබෙන බවත් වැඩිදුරටත් වාර්තා වේ.
LT