ලක්ෂ 41ක බුක් ෂොප් හොරකම

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,212
    7,000
    113
    🇬🇧
    මේ දාලා තියන නිව්ස් එකේ කුඩ්ඩා හොරකම් කරපු සල්ලි වලින් රත්තරන් බඩු අරගන පසු කාලෙක ආපහු ඒ රත්තරන් බඩු ඒ ජුවලරි වලටම විකුනලා. ඒ වෙලාවෙදි ජුවලරි කාරයො බලන්න ඇති මූ කලින් ගත්ත රිසිට් එක්කම බඩු ටික ගෙනල්ලා පොඩි ගානකට විකුණනකොට බය වෙන්න දෙයක් නෑ කියලා. දැන් පොලිසියෙන් ගිහින් ඒ රත්තරන් බඩු ජුවලරි වලින් අරගන ඒවා විකුණලා බුක් ෂොප් එකට සල්ලි දෙන්න හදනවා.
    මේකෙ පොඩි පටලැවිල්ලක් තියනවා කියලා හිතෙන්නෙ මට විතරද?
    එහෙම කරාම ජුවලරි වලින්නෙ කුඩ්ඩා හොරකම් කරපු එකට වන්දි ගෙවලා තියෙන්නෙ! :baffled:


    👇
    හෙටිටිවීදියේ රන් භාණ්ඩ අලෙවිසල් හා උකස් මධ්‍යස්ථාන වෙත අලෙවි කර හා උකස් කර තිබූ රන් පවුම් 21 ක් සොයාගෙන තිබිණි. මෙම රත්තරන් අධිකරණ මාර්ගයෙන් අලෙවි කර අගතියට පත් ග්‍රන්ථ ප්‍රකාශන සමාගමට අලාභය ගෙවන බවද පොලිසිය සඳහන් කරයි.



    මරදානේ ආනන්දෙ ගාව සුපිරි පොත් හළ දෙවරක් කොල්ල කෑ කුඩ්ඩා අත්අඩංගුවට​

    මරදානේ පිහිටි මෙරට ප්‍රසිද්ධතම ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයක් අවස්ථා දෙකකදී කොල්ලකා රුපියල් ලක්ෂ හතළිස් එකක මුදල් කොල්ලකෑ පුද්ගලයකු මරදාන පොලිසිය විසින් අත්අඩංගුවවට ගෙන තිබේ.

    මරදාන, බොරැල්ල මාර්ගයේ කොළඹ ආනන්ද විද්‍යාලය ආසන්නයේ පිහිටි මෙම ග්‍රන්ථ ප්‍රකාශන ආයතනය ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී බිඳ එහි තිබූ රුපියල් ලක්ෂ 35 ක මුදල් සොරාගෙන තිබුණි. එම සැකකරු විසින්ම පසුගිය පෙබරවාරි මාසයේදීද මෙම ආයතනයට පැන රුපියල් ලක්ෂ 06 ක් සොරාගෙන තිබිණි.

    මෙම කොල්ලකෑම් සිදුවූ කාල පරාසයේදී ග්‍රන්ථ ප්‍රකාශන ආයතනය අවට සන්නිවේදන කුලුනු හරහා සම්ප්‍රේෂණය වී ඇති දුරකතන ඇමතුම් පිළිබඳ වාර්තා පොලිසිය විසින් ලබාගෙන තිබුණු එම කොල්ලකෑමට සම්බන්ධ සැකකරු පොලිසිය විසින් හඳුනාගෙන තිබිණි. ඔහු කොල්ලකෑම් රැසකට සම්බන්ධ හෙරොයින් මත්ද්‍රව්‍ය පානයට තදින්ම ඇබ්බැහි වූ මරදාන මාලිගාකන්ද පාරේ පදිංචිව සිටි අයකු බවද පොලිසිය සඳහන් කරයි. සැකකරු මාලිගාකන්ද පාරේ පිහිටි නිවසේ සිට නැති බවත් ඔහු තොටළඟ මිහිජය පුර නිවාස සංකීරණයේ නිවසක සැඟවී සිටියදී පසුගියදා (07) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවත් මරදාන පොලිසිය සඳහන් කරයි.

    සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී සැකකරු විසින් කොල්ලකන ලද මුදල්වලින් කොළඹ හෙට්ටිවීදියේ රන් භාණ්ඩ අලෙවි සල්වලින් රත්තරන් භාණ්ඩ මිලදී ගැනීමක් හා හෙරොයින් මිලදී ගැනීමක් සිදුකර ඇතැයි අනාවරණය කරගෙන ඇත.මේ අනුව සැකකරු විසින් රුපියල් ලක්ෂ හතළිස් එකක මුදලින් රත්තරන් භාණ්ඩ ලබාගෙන මත්කුඩු පානයට මුදල් නොමැති වීමෙන් හෙටිටිවීදියේ රන් භාණ්ඩ අලෙවිසල් හා උකස් මධ්‍යස්ථාන වෙත අලෙවි කර හා උකස් කර තිබූ රන් පවුම් 21 ක් සොයාගෙන තිබිණි. මෙම රත්තරන් අධිකරණ මාර්ගයෙන් අලෙවි කර අගතියට පත් ග්‍රන්ථ ප්‍රකාශන සමාගමට අලාභය ගෙවන බවද පොලිසිය සඳහන් කරයි. සැකකරු කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. -
     

    $onny

    Well-known member
  • May 21, 2012
    2,411
    3,064
    113
    ahema thama ban pawning wala. Stolen item akak nam policiyen awa apaphu gannawa.
    Eta passe godak welawata ethana job aka karana awanugen a loss aka kapa gannawa.
    kela wenne a welawe ethana counter aka hitapu ekata.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,212
    7,000
    113
    🇬🇧
    ahema thama ban pawning wala. Stolen item akak nam policiyen awa apaphu gannawa.
    Eta passe godak welawata ethana job aka karana awanugen a loss aka kapa gannawa.
    kela wenne a welawe ethana counter aka hitapu ekata.
    මේ සිද්දිය තවත් සංකීර්ණ වෙනවා අරූ වෙන තැනකට බඩු විකුනන්න යනකොට මිලදී ගත්ත රිසිට් ටිකත් අරන් යනවනම්. රිසිට් එක්ක එනකොට මේ ගේන්නෙ හොර බඩු කියලා ජුවලරි කාරයොන්ට හිතෙන්නෙ නෑනෙ.
    කවුන්ටරේ එවුන්ගෙන් කපාගන්න එකනම් බලු වැඩේ. බඩු ගන්නෙ නැතුව නිකන් ඉන්න තමා වෙන්නෙ.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    8,899
    4,374
    113
    -In Darkness-
    මේ සිද්දිය තවත් සංකීර්ණ වෙනවා අරූ වෙන තැනකට බඩු විකුනන්න යනකොට මිලදී ගත්ත රිසිට් ටිකත් අරන් යනවනම්. රිසිට් එක්ක එනකොට මේ ගේන්නෙ හොර බඩු කියලා ජුවලරි කාරයොන්ට හිතෙන්නෙ නෑනෙ.
    කවුන්ටරේ එවුන්ගෙන් කපාගන්න එකනම් බලු වැඩේ. බඩු ගන්නෙ නැතුව නිකන් ඉන්න තමා වෙන්නෙ.
    ඕක ඉතින් වන්දිය අරුන්ට රත්ත්‍රන් විකුණලා ගෙව්වට කුඩ්ඩට ඔය සල්ලි ටික රත්තරන් බඩු අයට දෙන්න වෙනවා. එහෙම දෙන්න නැති නිසා ඌට Jail Time සෙට් වෙනවා. ලොස් එක එන්නේ ඉතින් රත්තරන් උදවියට තමා.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    10,381
    17,243
    113
    Colombo
    ahema thama ban pawning wala. Stolen item akak nam policiyen awa apaphu gannawa.
    Eta passe godak welawata ethana job aka karana awanugen a loss aka kapa gannawa.
    kela wenne a welawe ethana counter aka hitapu ekata.
    කවුන්ටරේ කෙනා ගෙවන්න ඕන කියලා සීන් එකක් නැහැ, බැංකු වල නං බැකුවෙන් ඒ පාඩුව දරා ගන්නවාලු (බැංකුවක වැඩ කරන කෙනෙක් ගෙන්මයි ඇහුවෙ)