ලක් මෑනියන්ගේ හදවතට පිහියෙන් ඇන්න මහින්ද

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
ලක් මෑනියන්ගේ හදවතට පිහියෙන් ඇන්න මහින්ද

Umaoya.jpg

මහින්ද රාජපක්ෂ උමා ඔය ව්‍යාපෘතියෙන් ඌවට කළ විනාශය..!
June 20, 2017 උමාඔය වයාපෘතිය
උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතියේ භූගත උමං කැණීම හා වේලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු හේතුවෙන් බදුල්ල දිස්ති‍්‍රක්කයේ බණ්ඩාරවෙල, හාලි ඇළ, වැලිමඩ හා ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත් වන පවුල් 650 කගේ පමණ නිවාස විනාශ වී ජනතාව අවතැන් වීම හා ළිං සම්පූර්ණයෙන් ම සිදී ගොස් දැවැන්ත ජල අර්බුධ උද්ගතවීම සිදු ව තිබේ. මේ සියළු ව්‍යසනයන්ට මහින්ද රාජපක්ෂ මහතා හා මධ්‍යම පරිසර අධිකාරිය සෘජුව ම වගකිව යුතු ය. ඊට හේතුව වන්නේ දේශපාලන උවමනාවන් මත ප‍්‍රතිරූප ගොඩනගා ගැනීම සඳහා පමණක් කි‍්‍රයාත්මක කළ හම්බන්තොට ඊනියා සංවර්ධන ව්‍යාපෘති වලට අවශ්‍ය ජලය ලබා ගැනීමට උමා ඔයේ ජලය හම්බන්තොට ගෙන යාම සඳහා සැලැසුම් සකස් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දීම හා එ් සඳහා සකස් කළ ඉතා ම දුර්වල හා අසම්පූර්ණ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාව සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ දැඩි බලපෑම මත මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජාතික පාරිසරික පනත උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස අනුමැතිය ලබා දීම ය. දැනට සිදු වෙමින් පවතින සියළු ව්‍යසනයන්ට ප‍්‍රධාන හේතුව වන්නේ මේ වැරදි කි‍්‍රයාමාර්ගයන් ය.

මේ වැරදි කි‍්‍රයාමාර්ග වල ප‍්‍රතිඵලයක් ලෙස අද වන විට මකුල් ඇල්ල, හීල් ඔය, කුරුකුදේ, බැද්දෙ අරාව, ලියන්ගහවෙළ, වෙහෙරගල තැන්න, කුරුදු ගොල්ල, එගොඩගම, උඩපේරුව, මැදපේරුව, අම්පිටිය, පල්ලෙපේරුව, කරගහවෙළ, බොරලන්ද, රජකොටුව, පුහුල්පොළ, දික්කාපිටිය, ඉහළ කොටවර, පහළ කොටවර, අඹදණ්ඬේගම හා අභයපුර යන ගම්මාන වල පවුල් 650 ක් පමණ ළිං ජලය සම්පූර්ණයෙන් ම අහිමි වීමෙන් හා ගෙවල් ඉරිතලා කඩා වැටීමෙන් සංවර්ධන අනාථයින් බවට පත් ව සිටී.

බණ්ඩාරවෙළ, මකුල් ඇල්ල විද්‍යාලය මේ වන විට වසා දමා ඇත්තේ උමං කැනීම හේතුවෙන් භූමිය ඉරිතලා ගොඩනැගිලි වලට හානි සිදු වී ගිලාබැසීම් සිදු වී ඇති බැවිනි. දැනට මෙම පාසල විහාරස්ථානයක බණ මඩුවේ හා ප‍්‍රජා ශාලාවක පවත්වාගෙන යනු ලැබේ. බණ්ඩාරවෙළ, බැද්දෙ අරාව ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි මඩුවෙගෙදර ග‍්‍රාමයේ නිවාස 20 ක් පමණ සම්පූර්ණයෙන් ම විනාශ වී ඇත. මේ සියළු ජනතාව උන් හිටි තැන් අහිමි වී සංවර්ධන අනාථයන් බවට පත්ව සිටී. ඩයරබා වේල්ල හා සම්බන්ධ උමඟ කැණීම ආරම්භයත් සමඟ ම හාලිඇල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුරුකුදේ ගමේ වගා බිම් හා මාර්ග සම්පූර්ණයෙන් ම ගිලා බැස, නායේ යෑමට ලක් ව තිබේ. අද වන විට ප‍්‍රධාන භූගත උමඟ කැණීම් කළ අඹදණ්ඬේගම ප‍්‍රදේශය ද භූ පැලූම් ඇති වෙමින් ගිලා බසිමින් පවතී.

මේ දැවැන්ත විනාශයන් සියල්ලම සිදු වී ඇත්තේ ප‍්‍රධාන උමෙඟ් හා ජලාශ දෙක අතර ජලය ගෙන යන උමෙඟ් කැණීම් කටයුතු ආරම්භ වීමත් සමඟ ය. පුහුල්පොල ජලාශයේ සිට ඩයරබා ජලාශය දක්වා ජලය ගෙන යන උමෙඟ් මීටර 300 ක් පමණ මේ වන විට කැණීම් කර ඇති අතර ඩයරබා ජලාශයේ සිට වැල්ලවාය, අලිකොට ආර ප‍්‍රදේශයේ භූගත ව ස්ථාන ගත කරන විදුලි බලාගාරය දක්වා ජලය ගෙන යන ප‍්‍රධාන උමෙඟ් කිලෝ මීටර 3.9 ක් මේ වන විට කැණීම් කර තිබේ. මේ දැවැන්ත විනාශය සිදු වී ඇත්තේ සම්පූර්ණ උමං පද්ධතියේ 16% ක වැඩ නිම වනවාත් සමඟ ය. ව්‍යාපෘතියට අනුව කිලෝමීටර් 26 ක් දිග උමං 7 ක් කැනීමට නියමිත ව ඇත. එ් සියල්ල අවසන් වන විට ඌව පළාතේ සම්පූර්ණ කඳු පද්ධතිය ම ගිලා බැස නාය යෑම වළක්වා ගත නොහැකි වනු ඇත.

මේ සියලූ උමං කැණීම් සිදු කර ඇත්තේ විපරීත පාශාන සහිත ප‍්‍රදේශවල ය. එම අස්ථාවර පාශාන වල උමං කැණීමත් සමඟ ම පොළොව මතුපිටට භූ පැලූම් ඇති වී තිබේ. එම භූ පැලූම් ඔස්සේ උමං තුළට ජලය කාන්දු වීම හේතුවෙන් ළිං සිදී යාම සිදු වී ඇති අතර භූ පැලූම් හේතුවෙන් නිවාස ඉරිතලා කඩා වැටීම සිදු වී ඇත.

මේ තත්ත්වය අහඹු සිදුවීමක් හෝ බලාපොරොත්තු නොවූ තත්ත්වයක් නොවේ. මේ ව්‍යාපෘතිය පළමු සැලසුම් අදියරේ දීම අප විසින් මේ තත්ත්වය පිළිබඳ ව අවධාරණය කළෙමු. නමුත් එ් පිළිබඳ ව කිසිදු තැකීමකින් තොරව දේශපාලන ප‍්‍රතිරූප ගොඩනඟා ගැනීම හා කොමිස් මුදල් කුට්ටි වෙනුවෙන් මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම හේතුවෙන් මේ සියලූ ව්‍යසනයන් කිසිවක් පිළිබඳ ව අවධානයට ලක් නොවින. පළමුව ඇමෙරිකානු ඩොලර් මිලියන 250 කට ඇස්තමේන්තු කළ ව්‍යාපෘතිය අවසානයේ ඉරාන, ෆරාබ් සමාගමට භාර දුන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 553 කට ය. මේ අනුව ව්‍යාපෘතිය ඇස්තමේන්තු කළ මුදලට වඩා වැඩි මුදලක් කොමිස් මුදල් වශයෙන් පසුගිය රජයේ ප‍්‍රභලයන්ට ලැබී තිබේ. ඉරාන අපනයන සංවර්ධන බැංකුව වසර 20 කින් ගෙවා දැමීමට මෙම ණය මුදල ලබා දුන්නේ මෙම ව්‍යාපෘතිය පිළිබඳ ව කිසිදු තාක්ෂණික ඇගයීමකින් තොරව ය. මෙවැනි බැංකුවලින් පසුගිය රජය දැවැන්ත ණය මුදල් ලබා ගත්තේ ඕනෑ ම හානි කර ව්‍යාපෘතියකට ණය ලබා ගැනීමේ පහසුව හා විශාල කොමිස් මුදල් ප‍්‍රමාණයක් ලබා ගැනීමේ පහසුව ද නිසා ය.

උමා ඔයේ ජලය ලූණුගම්වෙහෙර ජලාශය වෙත ගෙන යාමේ පළමු සැලැසුම සකස් වූයේ 1991 වසරේ දී ය. එය සකස් කැරුණේ මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යංශය විසිනි. ඒ වාර්තාව මූල්‍ය ප‍්‍රතිපාදන ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ, ජල ද්‍රෝණි දෙකක් අතර ජලය ගෙන යෑමෙන් ජනතාව ගේ නිදහස් ජල අයිතිය උල්ලංඝනය වීමත්, ව්‍යාපෘතියේ පවතින තාක්ෂණික දුර්වලතාත් හේතුවෙන් ව්‍යාපෘති වාර්තාව ප‍්‍රතික්ෂේප කැරිණ. නමුත් මෙවන් දෑ පිළිබඳ ව කිසිදු තැකීමක් හෝ වගකීමක් නොගන්නා ඉරාන රජයේ මැදිහත් වීමෙන් ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ මූල්‍ය ප‍්‍රතිපාදන යටතේ මේ ව්‍යාපෘතිය නැවත වරක් ක‍්‍රියාත්මක කිරීමට පසුගිය රජය කි‍්‍රයාත්මක විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස රුපියල් ලක්ෂ 260 ක් වැනි විශාල මුදලක් මුල්ගල තැබීමේ කටයුතු වලට පමණක් වියදම් කරමින් 2008 අපේ‍්‍රල් මස 29 වන දින පෙ.ව. 10.00 ට උමාඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය වැල්ලවාය, අලිකොටආර දී ආරම්භ කෙරිණි. එවකට අග‍්‍රාමාත්‍ය ව සිටි රත්නසිරි වික‍්‍රමනායක හා ඉරාන ඉස්ලාමීය ජනරජයේ වාණිජ අමාත්‍ය මීර් රසාමි මහත්වරුන් ගේ ප‍්‍රධානත්වයෙන් මුල්ගල තැබීමේ කටයුතු සිදු කැරිණි.

උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය පිළිබඳ ව ශක්‍යතා අධ්‍යනයක් හෝ පාරිසරික අනුමැතියක් හෝ නොමැති ව හුදු දේශපාලන වුවමනාවන් මත පදනම් ව නීති විරෝධි ලෙස මුල් ගල තැබීම සිදු විය. එසේ වුවත් මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදෙන ඉරාන අපනයන සංවර්ධන බැංකුව, ව්‍යාපෘතියේ ශක්‍යතාව පිළිබඳ ව හෝ පාරිසරික බලපෑම් පිළිබඳ ව හෝ ජනතාව ගේ නිදහස් ජල අයිතිය පිළිබඳ ව හෝ අවධානය යොමු නොකර මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දීම ද විශේෂත්වයක් විය. ඔවුන් පරිසරයට හෝ ජන දිවියට සිදු වන විනාශයට කිසිදු වගකීමක් නොගැනීම පුදුමයට කරුණකි. ලෝක බැංකුව හෝ ආසියානු සංවර්ධන බැංකුව වැනි මූල්‍ය ආයතන ණය මුදල් ලබා දීමේ දී පරිසරයට සිදුවන හානි හා ජනදිවියට සිදුවන හානි උපරිමයෙන් වැළැක්වීමට හා අවම කිරීමට අවධානය යොමු කළ ද පසුගිය රජය දැවැන්ත ණය ආධාර ලබා ගත් ඉරාන හෝ චීනය මූල්‍ය ආයතන වල ස්වභාවය මීට හාත්පසින් ම වෙනස් ය. එම ණය ආධාර ලබාගත් කිසිදු ආයතනයක් පරිසරයට සිදුවන විනාශයේ වගකීම භාර ගැනීමට සූදානම් නැත. එ් බව හොඳින් ම තහවුරු වූයේ කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියෙන් සිදුවන කිසිදු පාරිසරික හානියක වගකීම භාර ගැනීමට චීනය සූදානම් නොවන බවත් එහි වගකීම ශ‍්‍රී ලංකා රජය භාරගත යුතු බවත් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීමත් සමඟ ය.

උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ කිසිදු සැලැසුමකින් තොරව මුල්ගල තැබීමෙන් අනතුරු ව 2008 ජුලි මස 20 වන දින උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට අදාළ පූර්ව ශක්‍යතා අධ්‍යයන වාර්තාව සකස් විණි. එය සිදු කැරුණේ ඵ්ය්ඉ ඨයදාිි ක්‍දබිමකඑසබට ෑබටසබැැරසබට ජදපච්බහ නම් ආයතනය මඟිනි. ඉන් අනතුරු ව 2010 නොවැම්බර් මස දී උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට අදාළ වෙළුම් තුනකින් සමන්විත පරිසර බලපෑම් ඇගැයීම් වර්තාව ව්‍යාපෘති යෝජක ආයතනය වන වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යංශය වෙනුවෙන් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය මඟින් සකස් කැරිණි. පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාව අනුමත කිරීමේ අනුයෝජිත ආයතනය ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ක‍්‍රියා කළ අතර, ඒ වාර්තාව 2010 දෙසැම්බර් මස 27 වන දා සිට රජයේ වැඩකරන දින 30 ක කාලයක් ලිඛිත මහජන අදහස් සඳහා විවෘත ව තැබිණ. ඒ කාලය තුළ ලිඛිත විරෝධතා විශාල ප‍්‍රමාණයක් මධ්‍යම පරිසර අධිකාරය වෙත පරිසර සංවිධාන, ගොවි සංවිධාන, ප‍්‍රජා සංවිධාන හා ව්‍යාපෘතිය හේතුවෙන් හානියට පත් වන විශාල පිරිසක් විසින් යොමු කෙරින. නමුත් ඒ කිසිදු කරුණක් පිළිබඳ ව අවධානය යොමු නොකර ඉතා ම දුර්වල මට්ටමක පැවති පරිසර බලපෑම් ඇගයීම් වාර්තාව සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් අපේ‍්‍රල් මස 12 වන දා කොන්දේසි සහිත අනුමැතිය ලබා දෙන ලදී. එම අනුමැතිය ලබා දීමටත් ප‍්‍රථමයෙන් ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබිණි. මේ ව්‍යාපෘතියේ දී පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාවට අනුමැතිය ලබා ගැනීම යනු හුදු ලේඛනයකට පමණක් සීමා වූ කටයුත්තක් විය. එවැනි වැරදි පූර්වාදර්ශ රාජ්‍ය ආයතනයක් විසින් ම ලබා දීම පාරිසරික නීති උල්ලංඝනයට සමාජය පෙළැඹවීමක් වැනි ය. ඉන් නොනැවතී මේ සියළු වැරදි වලට සංවර්ධන අනාථයින් බවට පත් වෙමින් වන්දි ගෙවීමට සිදු වී ඇත්තේ පහළ ප‍්‍රදේශයේ නිදහසේ ජීවත් වූ අහිංසක ජනතාවට ය.

මෙවන් වූ දැවැන්ත ව්‍යාපෘතියක් සඳහා සකස් කළ පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාව ඉතා ම දුර්වල වාර්තාවක් වීම ද මෙම දැවැන්ත විනාශයට හේතුවක් විය. පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාවක මූලික ප‍්‍රධාන අංගයක් වන ප‍්‍රමාණවත් විකල්ප අධ්‍යයනය ද මේ වාර්තාවට ඇතුළත් කර නොතිබිණි. ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාවක තිබිය යුතු මූලික ප‍්‍රධාන අංගයක් ලෙස විකල්ප අධ්‍යයනය සැලැකේ. මේ පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාවේ සිදු කර ඇත්තේ අතීතයේ සාකච්ඡුා කළ උමාඔයේ ජලය දකුණු කලාපයට හරවා යැවීම පිළිබඳ යෝජිත ව්‍යාපෘති වාර්තා කිහිපයක දත්ත පාදක කර වර්තමානයේ යෝජිත ව්‍යාපෘතිය සාධාරණීකරණය කිරීම පමණි. එය පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාවේ පවතින ප‍්‍රධාන අඩුපාඩුවකි. එ් මත ව්‍යාපෘතියෙන් සිදු වන සියළු බලපෑම් මඟහැරීම හා තාක්ෂණික ශක්‍යතාවය පිළිබඳ ව අවධානය යොමු කිරීම හිතාමතා ම මඟහැර ඇත.

මෙම ව්‍යාපෘතියේ කොන්ත‍්‍රාත්කරු ලෙස ක‍්‍රියාත්මක වන ඉරානයේ ෆරාබ් සමාගම මේ ව්‍යාපෘතිය වසර පහකින් නිම කිරීමට සූදානමින් සිටී. පළමු සැලැසුමට අනුව ඒ සඳහා වැය වන සම්පූර්ණ මුදල රුපියල් මිලියන 76,316 කි. ඉන් ලංකා රජය දරන වියදම රුපියල් මිලියන 24,600 කි. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 60,842 ක් වැය වේ. ඉන් 85% ක් ඉරාන අපනයන සංවර්ධන බැංකුව ලබා දෙන අතර ඉතිරි 15% ක මුදල ශ‍්‍රී ලංකා ආණ්ඩුව දැරිය යුතු වේ. මීට අමතර ව ඉඩම් අත්පත් කර ගැනීම, ජනතාව නැවත පදිංචි කිරීම, පරිසර සංරක්ෂණය, වාරිමාර්ග ප‍්‍රතිසංස්කරණය, ව්‍යාපෘති කළමනාකරණය හා උපදේශනය සඳහා වැයවන රුපියල් මිලියන 15,475 ක මුදල ලංකා රජයෙන් දැරිය යුතු ව ඇත. ව්‍යාපෘති කාලය තුළ මේ ව්‍යාපෘතිය යටතේ සිදු කෙරුණු ඉඩම් අත්පත් කරගැනීම් කටයුතු හා නැවත් පදිංචි කිරීම් කටයුතු ඉතාම අක‍්‍රමවත්වීමට ප‍්‍රධාන හෙුතුවක් වී ඇත්තේ රජයට මේ සා විශාල මුදලක් දැරීමට හැකියාව නොමැති වීමය. ණය ආධාර ලබා දුන් ඉරාන ආසියා සංවවර්ධන බැංකුවේ අරමුණ වූයේ ඉදිකිරීම් කටයුතු සඳහා ලබා දෙන ණය ආධාර මුදල නැවත ඉරාණයටම ලබා ගැනීමය. එ් සඳහා කොන්ත‍්‍රාත්කරු ලෙස ඉරාණයේ ෆාරාවේ සමාගම නම් කළ අතර ණය මුදල් වැඩි කොටසක් එම සමාගම හරහා ඉරාණයට නැවත ලබාගැනීමට සිදු විය. ඊට අමතරව වසර 20ක් ඇතුළත ණය මුදලද ගෙවා නිම කළයුතු විය.මේ අනුව ඉරාණය මෙම ව්‍යාපෘතිය සඳහා අති දැවන්ත මුදලක් ලංකාවෙන් නැවත හිමි වේ. නමුත් ඔවුන් ව්‍යාපෘතිය යටතේ අවතැන් වන ජනතාවට වන්දි ගෙවීමට හෝ පරිසරය ආරක්ෂා කිරීමට මුදල් ලබා දීමට එකඟ නොවූයේ එම මුදල් සෘජුව ම නැවත වරක් ඉරාණයට නොලැබෙන නිසා ය.

පිදුරුතලාගල කන්දෙන් ආරම්භ වන උමාඔයේ ජල ද්‍රෝණිය වර්ග කිලෝමීටර 720 ක් පමණ වේ. ඉන් 65% ක් ඌව පළාතටත් 35% ක් මධ්‍යම පළාතටත් අයත් ය. යෝජිත ව්‍යාපෘතියට ඉහළින් උමාඔයේ ජල පෝෂක ප‍්‍රදේශය වර්ග කිලෝමීටර 350 ක් පමණ වේ. යෝජිත ව්‍යාපෘතිය යටතේ උමාඔයේ ජලය වාර්ෂික ව කියුබික් මීටර මිලියන 145 ක් කිරිඳිඔයට හරවා යැවීමට නියමිත ව ඇත. යෝජිත වේලිවලට පහළින් උමාඔයේ ජලය ලබාගෙන සිදු කරන කුඩා, මධ්‍යම හා මහා පරිමාණ වාරි ව්‍යාපෘති හා ජල විදුලි ව්‍යාපෘති ගණනාවක් පවතී. රන්ටැඹේ ජලාශයට ජලය සැපැයීම හා බත්මැඩිල්ල ව්‍යාපාරයට ජලය සැපැයීම උමාඔයේ පහළ ප‍්‍රදේශයේ සිදුවන මහා පරිමාණ වාරි ව්‍යාපෘති වේ. මහවැලි ව්‍යාපාරය සැලැසුම් කිරීමේ දී උමාඔයේ ජලය රන්ටැඹේ ජලාශයට ලබාගෙන එමඟින් විශාල ප‍්‍රද්ශයකට වාරි ජලය සැපැයීම සිදු වේ. යෝජිත උමාඔය හැරැුවීම් ව්‍යාපෘතිය හේතුවෙන් මේ වාරි ව්‍යාපෘතීන්ට දැඩි ජල අර්බුධ ඇති වේ. තවදුරටත් මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කළහොත් සිදු වන්නේ උමා ඔයේ පහළ කෘෂිකාර්මික බිම් සියල්ල විනාශ වී ගොවි ජනතාව දැඩි ආර්ථික අර්බුධ වලට ගොදුරු වීම හා රටේ ජනතාවට පෝෂණය සපයන සහල් හා එළවලූ සැලකිය යුතු ප‍්‍රමාණයක් අහිමි වීම ය.

මහවැලි ව්‍යාපාරය යටතේ සංවර්ධනය කළ ප‍්‍රදේශ සඳහා වාරි ජලය සපයන ප‍්‍රධාන ජල ප‍්‍රභවයක් වන උමාඔය වෙනත් බහුකාර්යය ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමෙන් සිදු වන්නේ මහවැලි ව්‍යාපාරය යටතේ වාරි ජලය සපයන ප‍්‍රදේශවල ජනතාව ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. තව ද මහවැලි ව්‍යාපාරය සඳහා යෙදැවූ අති විශාල ප‍්‍රාග්ධනයේ ප‍්‍රතිලාභ ලබා දෙන වගා බිම්වල ඵලදායීතාව පහළ හෙළීම යෝජිත ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවනු ඇත. ඒ වගා බිම්වල ඵලදායීතාව ඇති කිරීමට අවශ්‍ය ප‍්‍රමාණවත් වාරි ජලය සැපැයීම සඳහා වෙනත් විකල්පවලට යොමු වීමට අමතර ප‍්‍රාග්ධනයක් යෙදැවීමට ද මේ ව්‍යාපෘතිය හේතුවෙන් ඉදිරියේ දී සිදුවනු ඇත.

උමාඔය ද්‍රෝණියට වර්ෂා ඍතුව එළැඹෙන කාලය හා දකුණු කලාපයේ වර්ෂා ඍතුව එළැඹෙන කාලය එකිනෙකට සමපාත වේ. එනම් ඊසාන දිග මෝසම් මඟින් මේ ප‍්‍රදේශ දෙකට ම වර්ෂාව ලැබේ. එබැවින් දකුණු කලාපයේ ජලය ගබඩා කර තබන ජලාශ හා වැව්, ඊසාන දිග මෝසම් වර්ෂාව පවතින කාලයට පිරී යන අතර ව්‍යාපෘතියේ යෝජිත පරිදි උමාඔයේ අතිරික්ත ජලය ගබඩා කිරීමට දකුණු කලාපයේ මේ ජලාශවලට හා වැව්වලට හැකියාවක් නො පවතී. එවන් තත්ත්වයක් ඇසුරේ මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම ඵලදායීතාවයෙන් තොර බව ඉතා පැහැදිලි කරුණකි. එ් අනුව පෙනී යන්නේ මේ ව්‍යාපෘතියේ මූලික සංකල්පය ම දෝෂ සහිත බව ය.
 

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්ද රට කෑවා බන්.උබට මහින්දගේ මූනට කෙළ ගහන්න හිතෙයි මේක බැලුවොත්.ඌ බැසිල්ව දාගෙන රටේ සම්පත් ඔක්කොම කොල්ල කෑවා.විල්පත්තුවත් හම්බයින්ට ලියලා දුන්නේ බැසිල්.සිරීපාදේ ලග ඉඩමකුත් හම්බයෙක්ට විකුණුවා ඌ.මේකේ ඉන්න මරාගේ බයියෝ දැන් ඒවා ඔක්කොම අමතක කරන්න හදනවා කුණු ප්‍රශ්නයක් ඇදගෙන.



    විල්පත්තුව විනාස කරපු කන්ද උඩරට විනාස කරපු,සුදු වෑන් වලින් මිනීමරපු,රතුපස්වල වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියපු රාජපක්ස රෙජිමයට ආයෙත් බලේ දෙනවා කියන්නේ ලංකාවේ මළගම තමා.




    :yes:
     
    • Like
    Reactions: podimama

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බයි පොන්නයෝ රෙප් කැපුවට බය වෙන්න එපා.මරා කරපු මේ වගේ විනාස පුළුවන්තරම් දාපන්.රෙප් වලට වඩා රට වටිනවා.මේ රට මරා හොර බල්ලගෙන් බේරගන්න ඕන.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,674
    13,424
    113
    ලක් මෑණියන්ට පිහියෙන් ඇන්නේ මහින්දද ?
    ඊට කලින් කවුරුත් ඇන්නේ නැද්ද
    ඉස්සෙලම එන්නේ බණ්ඩාරනායක
    ඊට පස්සේ අපු එවුනුත් අඩුවක් නැතිව අන්නා
    ප්‍රබාකරන් අවුරුදු 30 තිස්සේ ඇන්න
    ඊට පස්සේ අපේ මහින්ද ලොක්ක ඇවිත් බෙරගේගත්තේ නැත්තනම් තම අනිනවා
    අනේ ඉතින් අපිත් හිටුව කරදරේ ඉවරයි කියල
    කොහෙද මහින්ද ලොක්ක ලක් මෑණිව බේරගත්ත ගමන් දුෂණය කරනේ
    ඊට පස්සේ අබුකමට ගන්න තමයි ගියේ සදාකාලිකව
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    19488940_406192543115222_3989519886635750229_o.jpg


    තවත් යහපාලන කම්බ හොරෙක් ! මහපොල අරමුදලෙන් කෝටි 100 ක් ගිලපු බහිරවයා !
    දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ට අධ්යාපනයට සවියක්වන්නට බිහි කල මහපොල අරමුදලෙන් පවා වංචනිකව මුදල් හොරා කෑමට මලික් සමරවික්රම නම් හොර දෙටුවා රනිල් වික්රමසිංහ නම් මහ හොරාගේ උපදෙස් පිට කටයුතු කොට ඇත. මෙරට පැවැති සෑම රජයක්ම මෙම අරමුදල ශක්තිමත් කළා මිස එය මංකොල්ල කෑවේ නැත. වසරින් වසර උසස් අධ්යාපනය ලබන ශිෂ්ය ශිෂ්යාවන්හට මෙම අරමුදල මඟින් ලබාදෙන ශිෂ්යාධාර ප්රමාණය ඉහළ දැමුණි. එහෙත් මෙරට ජනතාව දූෂණයට එරෙහිව පත්කල යහපාලන රජය මහපොල ශිෂ්යත්ව අරමුදල මංකොල්ල කෑම ඇරඹුවේය.
    2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු සංවර්ධන උපාය මාර්ග හා ජාත්යන්තර වෙළඳ කටයුතු අමාත්යවරයා ලෙස මලික් සමරවික්රම මහතා පත්වීමත් සමඟම මහපොල ශිෂ්යත්ව භාර අරමුුදල සිය අමාත්යාංශය යටතට ගනු ලබන්නේ හුදෙක් පුද්ගලික අභිමතාර්තයක් මුදුන්පත් කරගැනීමේ අභිලාශයෙනි.
    ඒ අනුව මුදල් පනත් පවා උල්ලංඝණය කරමින් රනිල් වික්රමසිංහගේ ගජමිතුරු සමාජයේ ගජයෙකු වන වික්රම වීරසූරිය යන අය Nations Wealth Corporation Ltd සමාගමේ සභාපති ධූරයට පත් කරන මෙම අමාත්යවරයා රුපියල් මිලියන 1000ක මුදලක් කැබිනට් අනුමැතියකින් තොරව මහපොල ශිෂ්යත්ව භාර අරමුදලින් ලබාගෙන වික්රම වීරසූරිය මහතාට කොටස් හිමි පුද්ගලික ව්යාපාරයකට ලබාදී අතිවිශාල මංකොල්ලයක් සිදුකර ඇත.
    ඔන්න අල්ලනව නම් හොරු...

    මෙන්න සියළු ලිපි ලේඛණ සහිතවම
    http://www.yahapalanatop10.com/si/top-10/scholarship-fund-scam.html
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මරා ass lickers>>>>, !ponnayege ponna tred, !ponnayek ge adonawa, !unp wesawo rata kawa-->, erozan ඉජුක් ඉජුක්, erozan මාලබේ sakkiliya, sadun buwa ponilge lolla
     

    Similar threads