ලග්න..පළාපල (ජුලි 05)

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ලග්න..පළාපල (ජුලි 05)

    මේෂ

    ගැටලුවකින් නිදහස් වීමේ ප්‍රීතිය ලැබේ. ඕනෑම අලුත් කටයුත්තක් ඇරඹීමට අද දවස සුදුසුය. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. අද දවස තුළ පිරිසිදු කිරීමේ කටයුතු වලට ඔබව නිතැතින්ම යොමුවේ. චංචල සිතුවිලි ඇතිවන බව පෙනේ. භාවනාවක යෙදීමෙන් දවස වඩාත් සාර්ථක කරගත හැකිය. සිරුර වෙහෙස වන ආකාරයේ ව්‍යායාමයක යෙදීමෙනුත් දවස වඩාත් සාර්ථක කරගත හැකිය. අතිරේක ආදායම් මාර්ග සාර්ථක කරගත හැකි දවසකි. අලුත් ව්‍යාපාර පිළිබඳව අවධානය යොමුකිරිමට සුදුසු දවසකි.

    ජය අංක -04

    වෘෂභ

    මධ්‍යස්ථ ප්‍රතිඵල ලැබෙන දවසකි. දවස වඩාත් සාර්ථක කරගැනීමට නම් අනවශ්‍ය වියදම් හා අනවශ්‍ය ගමන් බිමන් පාලනය කරගත යුතුය. විදෙස් ගත ඥාතීන්ගෙන් විශේෂ ඵල ප්‍රයෝජන ලැබේ. ජීවිතයට ගරු කිරීමටත්, භක්තිවන්තවීමටත් අධිෂ්ඨාන කරගත යුතුය. පිය පක්ෂයෙන් ලැබෙන දේපල පිළිබඳව සතුටුදායක ආරංචි ලැබිය හැකිය. ඒ නිසා ඒ වෙනුවෙන් සුදුසු යමක් කිරීමට අද දවස සුදුසුය.

    ජය අංක -06

    මිථුන

    අද ඉතාම වාසනාවන්ත දවසකි. කහ පැහැති ඇඳුම් ඇඳීමෙන් වාසනාවේ ග්‍රහ කිරණ වැඩිපුර ඔබ වෙත යොමුවිය හැකිය. අතිරේක ආදායම් මාර්ග සාර්ථක කරගත හැකිය. ලේඛන කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. ඔබේ සමාජශීලී බව වැඩිවන දවසකි. සමාජය ඔබව ප්‍රිය කරන දවසකි. ඔබේ රැකියාවෙන් ලැබෙන ආදායම් පිළිබඳව සතුටුදායක ආරංචි මාර්ග ලැබිය හැකි දවසකි. උසස් අධ්‍යාපන කටයුතු වල ප්‍රගතියක් පෙන්නුම් කෙරෙන දවසකි. විදෙස් ගමන්, වන්දනා ගමන් ආදිය සාර්ථක කරගත හැකිය.

    ජය අංක -02

    කටක

    මේ සතියේ පවතින හොඳම දවස අද දවසයි. ඒ නිසා අද දවසින් උපරිම ප්‍රයෝජන ලබාගන්න. අද දවස තුළ මව් පාර්ශවයෙන් විශේෂ උපකාර පෙන්නුම් කරයි. රැකියා ස්ථානයේ අමුතු රාජකාරි පැවරීමට පුළුවන. ඔබගේ රැකියා ස්ථානයේ ප්‍රධානීන් ඔබ වෙත පැමිණ ඔබගේ රාජකාරි පිළිබඳ අදහස් විමසිය හැකිය. සුළු වශයෙන් හෝ සෞඛ්‍යමය පීඩා ඇතිවිය හැකිය. ආයාසයකින් තොරව ලබන යම් යම් ලැබීම් සඳහාත් ඉඩ කඩ පවතී.

    ජය අංක -01

    සිංහ

    මධ්‍යස්ථ ප්‍රතිඵල ලැබෙන දවසකි. විශේෂිත ගමනක් යෙදෙන බව පෙනේ. ඒ නිසා කල් ඇතිවම එවැනි ගමන් සඳහා සූදානම් වීම සුදුසුය. දාර්ශනික සිතුවිලි ඇතිවිය හැකි දවසකි. හුදෙකලාවීමට සිදුවන දවසකි. උසස් අධ්‍යාපනයට අදාළ පර්යේෂණ කටයුතු ආදිය සාර්ථක කරගත හැකිය. අමනාපව සිටින ඥාතීන් මිතුරු කරගත හැකි දවසකි. ඒ නිසා ඒ සඳහා සුදුසු යමක් සිදුකිරීමට අද දවස යොදාගන්න. සාර්ථක මංගල යෝග යෙදෙන දවසකි. හවුල් ව්‍යාපාර කටයුතු වල විශේෂ ප්‍රගතියක් පෙන්නුම් කෙරෙන දවසකි.

    ජය අංක -04

    කන්‍යා

    අද දවස තුළ කැපීපෙනෙන සිදුවීමක් සිදුවන බව පෙනේ. අද දවස වඩාත් සාර්ථක කරගැනීමට මෙතෙක් කල් කරගෙන ආ කටයුතුම දිගින් දිගටම කරගෙන යා යුතු වේ. අලුතින් අරඹන කටයුතු වලට අද දවස එතරම් සුදුසු නැත. ඔබගේ මියගිය ඥාතියකු සිහිපත් කර සුළු හෝ පුණ්‍ය කර්මයක යෙදීමෙන් අද දවස වඩාත් වාසනාවන්ත කරගත හැකිය. ආයාසයකින් තොරව ලබන යම් යම් ලැබීම් පෙන්නුම් කෙරෙන දවසකි. අද දවස තුළ අවධානම්කාරී කටයුතු වලට කිසිසේත්ම නොයා යුතුය. සෞඛ්‍ය පීඩා හා රහස් සතුරු කුමන්ත්‍රණ ක්‍රියාත්මක විය හැකිය. හොඳ මෙහෙකරුවන් ලැබීමට අවස්ථාව උදාවන දවසකි.

    ජය අංක -08

    තුලා

    යම් යම් සාර්ථක ප්‍රතිඵල ලැබෙන බව පෙනේ. හවුල් ව්‍යාපාර කටයුතු සාර්ථක කරගැනීමේ භාග්‍යය උදාවේ. චංචල සිතුවිලි ඇතිවිය හැකි දවසකි. ඇස්වහ කටවහ දෝෂ වලට වෙනදාට වඩා ලක්විය හැකිය. ප්‍රේම සබඳතා වලට ඇති බාධක ඉවත්ව යයි. දරුවන් සම්බන්ධ කටයුතු සාර්ථක කරගත හැකිය. දරුඵල ප්‍රමාදව සිටින අයට සතුටුදායක ආරංචි ලැබිය හැකි දවසකි. ඔබගේ අධ්‍යාපන කටයුතු වල විශේෂ ප්‍රගතියක් පෙන්නුම් කෙරෙන දවසකි.

    ජය අංක -06

    වෘෂ්චික

    යම් යම් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බව පෙනේ. විශේෂයෙන් බැංකු වලින් ණය ලබාගැනීම වැනි කටයුතු සාර්ථක කරගත හැකිය. අද දවස වඩාත් සාර්ථක කරගැනීමට නම් නිවසේ සුරතලට ඇතිකරන සතුන්ට වෙනදාට වඩා ආදරයෙන් සලකන්න. දේපල, ඉඩ කඩම් සම්බන්ධ කටයුතු සාර්ථක කරගත හැකි දවසකි. මව් පාර්ශවයේ වැඩිහිටියන්ගෙන් විශේෂ ලැභ ප්‍රයෝජන ලබාගත හැකි දවසකි.

    ජය අංක -04

    ධනු

    අද දවස සාර්ථක දවසක් කරගැනීමට නම් මිතුරු සබඳතා පවත්වාගෙන යාමේදී වෙනදාට වඩා බෙහෙවින් සැලකිලිමත් විය යුතුය. ප්‍රේම සබඳතා වලටත් යම් යම් බාධක ඇතිවිය හැකිය. ඒ බාධක ස්වභාවික ලෙස සලකා ධෛර්යවන්තව ජීවිතයට මුහුණ දිය යුතු වේ. ඔබගේ අධ්‍යාපන කටයුතු වල විශේෂ ප්‍රගතියක් පෙන්නුම් කෙරෙන දවසකි. උදරාබාධ වැනි දේ සුළු වශයෙන් හෝ ඇතිවිය හැකිය. බඩගින්න පිළිබඳ වෙනස්කම් ඇතිවිය හැකිය. ඔබගේ හැකියාවන් රැකියාවන් බවට පත්කළ හැකි දවසකි. විදෙස් ගමන් පිළිබඳ බලාපොරොත්තු ඉෂ්ට කරගත හැකි දවසකි.

    ජය අංක -06

    මකර

    අද දවස වඩාත් සාර්ථක කරගැනීමට නම් කෝපකාරී සිතුවිලි පාලනය කරගත යුතුය. ඥාතීන් සමග කරන කටයුතු වලදී වෙනදාට වඩා බෙහෙවින් සැලකිලිමත්විය යුතුය. ත්‍යාග ලැබීම්, භෝජන සංග්‍රහ ලැබීම් ආදිය පෙන්නුම් කෙරෙන දවසකි. ඒ නිසා ඔබගේ හිතවතුන්, හිතවතියන් හමුවීමට යාමට අද දවස යොදාගැනීම සුදුසුය. දේශන පැවැත්වීම්, කතා පැවැත්වීම් ආදිය සාර්ථක කරගත හැකි දවසකි. තැන්පත් ධනය වර්ධනය කරගැනීම පිළිබඳ කටයුතු ද සාර්ථක කරගත හැකිය.

    ජය අංක -06

    කුම්භ

    අද ඉතාම වාසනාවන්ත දවසකි. ඒ නිසා මේ සතියේ කිරීමට ඇති කටයුතු වලින් බොහොමයක් අද දවස තුළ කිරීමට යොදාගන්න. ඔබගේ ළාබාල සහෝදර සහෝදරියන් සමග සබඳතාව තහවුරු කරගත හැකි දවසකි. කෙටි ගමන් බිමන් වලින් විශේෂ ලාභ ලබාගත හැකි දවසකි. කිසිවකු ඔබව වර්ණනා කිරීමේ ඉඩකඩ පවතී. මූල්‍යමය ලාභ ලැබීමට සිදුවන්නේ වෙනදාට වඩා වෙහෙසවීමෙනි. අද දවස තුළ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකිය. අද දවස වඩාත් සාර්ථක කරගත හැක්කේ උපදේශකයෙකුගේ උපදෙසක් තුළිනි.

    ජය අංක -03

    මීන

    අද දවස තුළ කිසියම් කැපීපෙනෙන සිදුවීමක් සිදුවිය හැකිය. ඔබට අගෞරව වන ආකාරයෙන් කිසිවකු ආමන්ත්‍රණය කළ හැකිය. මූල්‍යමය වශයෙන් වුව ද සුළු සුළු අහිතකර තත්ත්ව ඇතිවිය හැකිය. කටහඬ භාවිත කර රැකියා කරන අයට අද දවස ඉතාම සුබදායකය. කහ පැහැයට හුරු ඇඳුම් ඇඳීමෙන් සුබ ඵල වැඩිකර ගැනීමට අවස්ථාව උදාවේ. පුණ්‍ය කටයුතු වල යෙදීමෙන් වාසනාව උදාකර ගත හැකිය. විදෙස්ගත ඥාතීන්ගෙන් විශේෂ ලැබීම් පෙන්නුම් කෙරෙන දවසකි. ඒ වෙනුවෙන් සුදුසු යමක් සිදුකරන්න.

    ජය අංක -02
     
    Last edited: