දෛවය 2014
අලුත් අවුරුද්ද ඔබට කොහොමද?
ඉන්දියන් එක්සලන්සි සම්මානලාභී, ජනාධිපති ජ්‍යෝතිෂ්‍ය උපදේශක, ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී
සුමනදාස අබේගුණවර්ධන මහතා
මේෂ ලග්නය
මේෂ ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති කුජ රෝගස්ථානයේත් - ආත්මකාරක රවි, සඳු හා බුධ සමගින් සංයෝගව භාග්‍යස්ථානයේත් - උච්ඡු ශනි / රාහු සමඟ සංයෝගව විවාහක ස්ථානයේත්, බ්‍රහස්පති වික්රමස්ථානයේත් - කලාකාමි සිකුරු කර්මස්ථානයේත් - කේතු ලග්නභාවයේත් ගෝචරව පවතින මොහොතක ගුරු හා බුධ පරිවර්තනය වෙමින් සමඵල උදාකරන වික්‍රම පරිවර්තන යෝගය ද ශනි හා සිකුරු පරිවර්තනය වෙමින් ශූභ ඵල උදා කරන කලත්‍ර පරිවර්තන යෝගය ද උදාව පවතින මොහොතකයි පින්වත් ඔබට 2014 නව වර්ෂය උදා වන්නේ.
අධ්‍යාපනය
ප්‍රාථමික අධ්‍යාපන කටයුතු වල නිරත වන දූ පුතුන්ට මෙම වර්ෂය ඉතා යහපත් වේ. හොඳ මානසික උද්යෝගයෙන් යුතුව අධ්‍යාපන කටයුතු වල නිරත වීමට භාග්‍ය උදාවනු ඇත. උසස් අධ්‍යාපන හා තරඟ විභාග කටයුතුවලට යොමුවන අයගේ පැතුම් ද මල් පල ගන්වනු ඇත. වෘත්තීය අංශයේ උසස් අධ්‍යාපනයේ නියැලෙන්නන්ට හා අපේක්ෂාවෙන් පසුවන්නන්ට ද මෙම වර්ෂය භාග්‍යවත් වනු ඇත.
ආදායම හා රැකියාව
සංචාරක ක්ෂේත්රයේ රැකියා හා ව්‍යාපාර කරන්නන්ට තම ආර්ථිකය ප්‍රවර්ධනය කර ගැනීමට මෙම වර්ෂය මහෝපකාරි වනු ඇත. කලාකාමී කටයුතු වලින් ද රෙදිපිලි හා විසිතුරු භාණ්ඩ අලෙවිකරුවන්ගේ ද ආර්ථික තත්ත්වය ඉහළ යනු ඇත. කුඩා පරිමාණයේ ව්‍යාපාර හා සුළු රැකියා වල නිරත වන්නන් හටද තම තත්ත්වය දියුණු කරගැනීමට මෙම වර්ෂය මහෝපකාරී වනු ඇත. රැකියාවන් බලාපොරාත්තු වන්නන්ට රැකියා අවස්ථා හිමිවනු ඇති අතර නව ව්‍යාපාරික අවස්ථාවන්ට යොමුවීම් අපේක්ෂාවෙන් පසුවන්නන්ගේද අපේක්ෂා මෙම වර්ෂය තුලදී මුදුන්පත් වනු ඇත.
ගෘහ පැවැත්ම
වසරේ මුල් භාගය තුළ පවුලේ සහෝදර සහෝදරියන් සමග සමගියෙන් කටයුතු කිරීමට අවස්ථාව උදාවන අතර සහෝදරයන්ගේ කටයුතු වෙනුවෙන් තම කාලය කැප කිරීමටද සිදුවනු ඇත. විවාහ ජීවිත ගත කරන්නන්ගේ දිවියට කිසියම් ආකාරයක ගැටළු මතුවීමට ඉඩ ප්‍රස්ථාව ඇතත් වසර අවසන් වීමට පෙර අන්‍යෝන්‍ය අවබෝධය තුළින් ගැටළු නිරාකරණය කරගෙන සමගියෙන් කටයුතු කිරීමට භාග්‍ය උදාවනු ඇත. විවාහ අපේක්ෂාවෙන් පසුවන්න්ටද තම බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ කරගැනීමට මෙම වර්ෂ්‍ය අවසානය දක්වා සිටීමට සිදුවිය හැකි අතර අලූතින් සම්බන්ධතා ඇතිකර ගැනීමේදී ඉතා සැළිකිලිමත්වීම තම යහපතට හේතුවනු ඇත.
සෞඛ්‍ය
වර්ෂය ආරම්භය සමග ලග්නාධිපති කුජ රෝගස්ථානයේ ගමන් කිරීම හේතුවෙන් මෙම වර්ෂය තුළදී ඔබට බොහෝ රෝගබාධවලට ලක්වන්නට සිදුවිය හැකි බැවින් තම සෞඛ්‍ය තත්ත්වය හා ආරක්ෂාව පිළිබඳ ඉතාමත් සැලකිලිමත්ව කටයුතු කිරීම යහපත් වනු ඇත. දාහ ගති ඇති උෂ්ණ රෝග, වකුගඩු, උදරාශ්‍රිත රෝගාබාධවලට හා කාන්තාවන්ගේ ගර්භාෂගත දුර්වලතා හා ව්‍යාකූලතා මතුවිය හැකි බැවින් ඒ පිළිබඳව සැළකිලිමත්ව කටයුතු කරන්න.
ශුභ දවස් : ඉරිදා, අඟරුවාදා, සෙනසුරාදා
ශුභ වර්ණ : රතු සහ නිල්
ශූභ මැණික් : රතු කොරල්, රතු මැණික්
ජය අංක : 1, 2, 4, 5, 7, 9
වෘෂභ ලග්නය
වෘෂභ ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති භාග්‍යස්ථානයේත්, යෝග කාරක ශනි උච්ච බල සහිතව රාහු සමගින් හය වැන්නේත් සහෝදර කාරක කුජ පස්වැන්නේත්, ආත්මකාරක රවි චිත්තකාරක සඳු හා බුධ සමගින් සංයෝගව අටවැන්නේත් - ධන කාරක ගුරු ධනස්ථානයේත්, ඥණකාරක කේතු වැය ස්ථානයේත්, ගෝචර වෙමින් පවතින මොහොතක දෙවෙනි සහ අටවෙනි භාව අධිපතීන් පරිවර්ථනය වෙමින් අසුභ ‘‘ධන’’ පරිවර්ථන යෝගයක්ද, හය සහ නමවෙනි භාව අධිපතීන් පරිවර්ථනය වෙමින් අසුභ ඵල උදාකරන ‘‘රිපු’’ පරිවර්තන යෝගයද උදාකරමිනුයි 2014 ශ්‍රී සුබ නව වර්ෂය ඔබට උදාවන්නේ.
අධ්‍යාපනය
ප්‍රාථමික අධ්‍යාපනය ලබන දූ පුතුන්ට මෙම වර්ෂය තරමක් අයහපත් විය හැක. විනෝදයට හා සෙල්ලමට වැඩිපුර කාලය යොමු කරන බවක් පෙන්විය හැකිය. උසස් අධ්‍යාපන කටයුතුවලට නිරතවන අයට ඉතා යහපත්ය. වෘත්තීය පුහුණු හා තරඟ විභාග ආදි කටයුතුවල නිරත වන අයට තම අපේක්ෂා මුදුන්පත් කරගත හැකිවනු ඇත. විදේශ අධ්‍යාපන කටයුතුවල නියැලෙන්නට අපේක්ෂා කරන අයට තම අපේක්ෂා මුදුන්පත් කරගැනීමට මෙම වර්ෂයේදී හැකියාව ලැබෙනු ඇත.
ආදායම හා රැකියාව
වෘෂභ ලග්නයින්ට බලවත් සුභයෙකු වන ශනි උච්ච බල සහිතව සතුරු ස්ථානයේ ගමන් කරන බැවින් ඔබගේ අදායාම් තත්ත්වය ඉහළ යන බවක් පෙන්නුම් කළද වියදම් පාර්ශවය අධික වන බවක්ද පෙන්වයි. රැුකියා ආයතනය පිළිබඳ කිසියම් ආකාරයක කලකිරීමකට ලක්වන ස්වභාවය මෙම වර්ෂය තුළ දක්නට ලැබිය හැකි අතර රැකියා අපේක්ෂාවන් පසුවන්නන්ගේ බලාපොරොත්තු තවදුරටත් ප්‍රමාද වන බවත් පෙන්වයි. වියදම් පාර්ශවය අධික වුවත් ලැබීම් පාර්ශවයද ඉහළ යනු ඇත. අනවශ්‍ය වියදම්වලට නොයන්නේ නම් මෙම වර්ෂය තුළදී ඔබට උදාවන ආර්ථික අපහසුතා බොහොමයක් වළක්වාගැනීමට හැකියාව ලැබෙනු ඇත.
ගෘහ පැවැත්ම
යුග ජීවිත ගතකරන අයට මෙම වර්ෂය යහපත් වනු ඇත. පවුලේ සමගිය වර්ධනය කරගැනීමට අවස්ථාව උදාවුවත් දෙදෙනා අතර අන්‍යෝන්‍ය විශ්වාසය පළුදු වී යාමටද අවකාශ ඇති වන්නටද පුළුවන. යුග ජීවිත ගතකරන අය අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කිරීම යහපත් වනු ඇත. නව සබඳතා ගොඩනගා ගැනීමට අපේක්ෂාවෙන් පසුවන අයට මෙම වර්ෂය මහෝපකාරී වනු ඇත. ප්‍රථමික අධ්‍යාපන කටයුතුවල නිරත වන දූ පුතුන් අනවශ්‍ය මිත්‍ර සබඳතා ගොඩනගා ගැනීමෙන් වැළකී සිටීමට සැළකිලිමත් විය යුතුය.
සෞඛ්‍ය
වසරේ ආරම්භයත් සමග ශනි රාහු රෝගස්ථානයේ ගෝචර වන බැවින් අදෘශ්‍යමාන බලවේගවලින් හටගන්නා විවිධ උපද්‍රවවලට ලක්විය හැකිය. මනා සෞඛ්‍යය තත්ත්වයකින් පසුවීමට අවස්ථාව තිබුණත් සුළු සුළු රෝගාබාධයයන්ට ලක්විය හැකිය. සෙම් හා උගුර ආශ්රිත රෝගාබාධවලට බහුලව ලක්විය හැකිය
ශුභ දවස් : ඉරිදා, බදාදා, සිකුරාදා
ශුභ වර්ණ : සුදු, ක්‍රීම්, අයිවරි
ශූභ මැණික් : දියමන්ති, සුදු මැණික්
ජය අංක : 6
මිථුන ලග්නය
මිථුන ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති රවි හා සඳු සමගින් සංයෝගව කලත්රස්ථානයේත් ධන කාරක ගුරු ලග්නස්ථානයේත් සිකුරු අටවැන්නේත් සහෝදර කාරක කුජ ගෘහස්ථානයේත් උච්ච ශනි - රාහු සමගින් පුත්රස්ථානයේත් ඥණකාරක කේතු අයස්ථානයේත් ගෝචර වෙමින් පවතින මොහොතක ලග්න හා හත්වැනි භාව අධිපතීන් පරිවර්තනය වෙමින් ශූභ ඵල උදා කරවන‘‘ලග්න’’ පරිවර්තන යෝගයත් පහ සහ අට අධිපතීන් පරිවර්ථනය වෙමින් අශූභ ඵල උදා කරන ‘‘සුත’’ පරිවර්ථන යෝගයත් උදා කරවමින් 2014 ශ්‍රී සුබ නව වර්ෂය ඔබට උදාවන්නේ.
අධ්‍යාපනය
ශාස්ත්‍රීය අංශවලින් උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන අයට මෙම වර්ෂය ඉතා යහපත් වනු ඇත. ප්‍රාථමික අධ්‍යාපනයේ නියැලී සිටින දූ පුතුන්ගේ උද්යෝගය මදක් අඩුවිය හැකිය. එනම් තරඟ විභාගවලින් ජය ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇත. වෘත්තකීය පුහුණු පාඨමාලා හදාරන අයට විපුල ඵල නෙලා ගැනීමට අවස්ථාව උදාවනු ැත. විදේශීය උස් අධ්‍යාපනය සඳහා යොමුවීමට අපේක්ෂා කරන අයට තම අපේක්ෂා මුදුන්පත් කර ගැනීමට අවස්ථාව හිමිවනු ඇත.
ආදායම හා රැකියාව
රැකීරක්ෂාවලින් උසස්වීම් බලාපොරොත්තු වන අයට තම අපේක්ෂා මුදුන්පත් කරගැනීමට මෙම වර්ෂයේ මැද භාගයෙන් පසුව අවස්ථාව උදාවනු ඇත. ස්ථාන මාරුවීම්වලටද ඉඩ ප්‍රස්ථාව පවතී. ව්‍යාපාර ක්ෂේත්රයේ නියැලී සිටින අයට තරමක අපහසුතාවලට ලක්වීමට සිදුවුවත් ගුරුගේ මහ දශාව අන්තර් දශාව ගත කරන අයට ජූනි මස 19 න් පසුව ව්‍යාපාර දියුණුව සහ ක්ෂණික ධන ලාභවලට උරුමකම් කීමට අවස්ථාව උදාවනු ඇත.
ගෘහ පැවැත්ම
කුජ ගෘහස්ථානයේ ගෝචර වන බැවින් සිත්තැවුලෙන් කටයුතු කිරීමට සිදුවිය හැකි බැවින් ඉතාමත් ඉවසිලිවන්තව කටයුතු කිරීම මෙම වර්ෂය ඔබට යහපත් වනු ඇත. සතුරන්ගේ සහ ඊර්ෂ්‍යා සහගත පුද්ගලයන්ගේ නිරන්තර පීඩා ඇතිවන්නට ඉඩ ප්‍රස්ථාව ඇති බැවින් තමා සමග සිටින මිතුරන්ගේ ද්‍රෝහී ක්‍රියා හේතුවෙන් විවිධාකාරයේ මානසික පීඩාවලට ලක්වීමට හැකි බැවින් මිතුරන් ඇසුරු කිරීමේදී ඥණාන්විත වීම ඔබට යහපත් වනු ඇත. යුග දිවි ගත කරන අයට අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතුව කටයුතු කිරීමට අවස්ථාව හිමිවන අතර නව සබඳතා ගොඩනගා ගැනීමට අපේක්ෂාවෙන් සිටින අයට උසස් අයගේ ඇසුර හිමිවේ.
සෞඛ්‍ය
පෝෂණ ඌනතා හේතුවෙන් හටගන්නා විවිධ රෝගාබාධ, අස්ථි දුර්වලතාවයන්ට විශේෂයෙන්ම ලක්වීමේ අවදානමක් පවමතින බැවින් ඒ පිළිබඳව සැලකිලිමත්වීම යහපත්ය. සෙනසුරු මහ දශා අන්තර් දශා ගතකරන අයව විවිධ උපද්‍රවවලට ලක්විය හැකි මුත් වසර අවසානයත් සමග පවතින රෝගාබාධ සුව අතට හැරෙමින් පවතී.
ශුභ දවස් : බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
ශුභ වර්ණ : කොළ, කහ
ශූභ මැණික් : පච්ච
ජය අංක : 3, 5

Last edited:

TFS