STF ලතිෆ් ගෙදර යයි
කවුරුත් දන්නවා ඇති අනුර සේනානායක කියල හිටපු පොලිස් නිලධාරීයා. එයා ගැන මාධ්‍ය සහ ආරක්ෂක ක්ෂේත්‍රය තුල වෙන කතාබහ තමයි 'ශ්‍රී ලංකා පොලිසියේ එතෙක් මෙතෙක් බිහිවූ ධනවත්ම පොලිස් නිලධාරියා අනුර සේනානායක' කියන එක. සාමාන්‍යයෙන් කතාවට කියන්නේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවම මිලට ගන්න තරම් ධනයක් අනුර සේනානායක රැස් කර ඇතැයි කියන එක.
මට මේ සිද්දිය මතක් උනේ මෙන්න මේ නිවුස් එක දැකලා.
ඒත් ඔහු විශ්‍රාම යනවා. මේ මනුස්සයා ඉන්නකං කරේ පුළුවන් තරං වැඩ කරන්න නොදී එලවා එළවා පලි ගන්න හදපු එක, කරපු වරද තමයි රාජකාරිය නිවැරදිව කිරීම. එහෙයියොන්ට දෙන සේවා දිගු මේ වගේ අවංක නිලධාරීන්ට ලැබෙන්නේ නෑ. කණගාටුයි නිදහස ලබා අවුරුදු 71 ක් ගතවෙන ශ්‍රී ලංකාව ගැන..

මට තේරෙන විදියට ශ්‍රී ලංකා පොලිසිය තුල වර්තමානයේ බිහිඋන දක්ෂතම සහ අවංකම නිලධාරියෙක් තමයි එම්. ආර්. ලතීෆ් කියන්නේ. ඒ වගේ කෙනෙක් දැන් ඉන්න පොලිස්පති කෝලම වෙනුවට ලංකාවේ පොලිස්පති උනා නං කියලා වැඩක් නෑ.
අවසන් ලොග් සටහනත් තබා STF ලතීෆ් ගෙදර යයි !
පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) ප්‍රධානී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාට සේවා දිගුවක් ලබාදීම සම්බන්ධයෙන් අද (03) දිනයේ ද කිසිදු ක්‍රියාමාර්ගයක් සිදුව තිබුණේ නැති බව වාර්තා වේ.
සේවා දීර්ඝ කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයා සතුව වන අතර ඒ සඳහා ඉල්ලීම් කළ යුතු වන්නේ පොලිස් දෙපාර්තමේන්තුව විසිනි. එහෙත් ලතීෆ් මහතා වෙනුවෙන් එවන් ඉල්ලීමක් නොකෙරුණු බවත් ඊට හේතුවත් "STF ලතීෆ්ට පොලිසිය ඇතුළෙන්ම කැපිල්ලක් !" මැයෙන් අපි ඊයේ දිනයේ අනාවරණය කළෙමු.
ඒ අනුව සිය අවසන් ලොග් සටහන ද තබා ඇති ඒ මහතා මින් අනතුරුව සේවා දිගුවක් ලබා දුන්න ද එය භාරනොගන්නා බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.
පොලිස් නිලධාරීන්ගේ නිල රාජකාරියෙහි අවසන් සේවාව වන්නේ අවසන් ලොග් සටහන තැබීමයි. හෙට දිනයේ ජාතික දින උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව ලතීෆ් මහතා සිය පොලිස් රාජකාරි දිවිය අවසන් කරමින් විශ්‍රාම යනු ඇති.
දෙවැනි, තෙවැනි වතාවටත් සේවා දිගු ලබාගැනීම සඳහා වළිකන ඇතැම් නියෝජ්‍ය පොලිස්පතිවරුන් ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා පසුපස දැවටෙමින් කේළාම් කිය කියා හැසිරෙන ආකාරය කොතරම් නම් ජුගුප්සාජනකද යන්න මනාව වැටහෙන්නේ සැබෑ දක්ෂයකු වන ලතීෆ් මහතාගේ නිහඬ සමුගැනීම දෙස බලනා විටය.