ලන්කාවේ අතීත බලකොටු

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,349
    100,212
    113
    ඔව් ඔයා කියන එක ඇත්ත වෙන්න පුලුවන්
    නමුත් defence කියන එක ගැන අනුරාධපුරේ කිසි අවධානයක් දුන්නෙ නැ කියල හිතෙන්නෙ නැද්ද
    මේක එක එකා ඇවිල්ල යටත් කරගෙන යනව ඒත් ශක්තිමත් හමුදාවක් හදන්න කිසි ඕන කමක් තියල නැනෙ
    ආක්‍රමණ කීපයක් විතරයි හරි ගිහින් තියෙන්නෙ. ගොඩක් ඒව එනකොටම නවත්තගෙන තියෙනව. අනික අනුරාධපුරේ වැටුනට රුහුණෙ බැකප් එකක් තිබිල තියෙනව. සුද්දො ඇරෙන්න රටම අල්ලපු ආක්‍රමණිකයෙක් ගැන සදහනක් නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,349
    100,212
    113
    loku reserch ekk karanna ona prashnayak
    ලංකාවෙ ඉතිහාසය රචනා වෙල තියෙන්නෙත් ඒක අධ්‍යයනය කරන්නෙත් තේරවාදි bias එකකින්
    ඒක නිසා සමහර කාරනා ගැන අවධානය අඩු වෙලා තියෙනව
    මම ඔයාට උඩ දැම්ම ලෙක්චර් එකේ ප්‍රොෆෙසර් බෝපේආරච්චි කියනව නේද මහාවිහාරය අභයගිරිය කියන දෙකෙන් වඩාත් ලොකු පන්සල
    අභයගිරිය කියල
    ඒත් මහාවංසය විතරක් කියනවන කෙනෙකුට එක කොමද වෙන්නෙ කියල එක පාරට හිතාගන්න බැරි වෙන්න පුලුවන්.
    මට හිතෙන්නෙ ඔය වෙළඳ කතන්දරායත් එහෙම එකක් වෙන්න පුලුවන්
    රජවරුන්ට තිබ්බට වඩා බලයක් ආරෝපණය කරන්න මහාවිහාරික හාමුදුරුවො ට්‍රයි කලා වෙන්න බැරිද.

    නෑ මම කියන්නෙ අනුරාධපුර කාලෙ විතරක් වෙච්ච ආක්‍රමණ ගැන.
    ඔය ආක්‍රමණය කරපු හැමෝම බලවත් රජවරුවගේ අය නෙමෙ
    සමහර අය නිකම්ම වෙලෙන්දෝ
    එහෙම ඇටෑක් එකකටවත් මූන දෙන්න පුලුවන් කමක් තිබිල නෑ
    ------ Post added on Dec 12, 2021 at 7:33 PM
    මහසෙන් රජතුමා ගැන උනත් ලොකු සදහනක් නෑනෙ. ඒ වගේ අඩු විස්තරයක් තියෙන තව රජ කෙනෙක් තමා පළවෙනි විජයභාහු රජතුමා. හැබැයි ඒවත් ජනප්‍රවාද විදියට තියෙනව. කොහොමත් බයස් ඇති මහාවන්ශයෙ. ඒත් ඒක රිෆරන්ස් එකක් විදියට මාර වැදගත්. බොරුවක් කියන්නෙත් ඇත්තෙම තව වර්ශන් එකක් නෙ.

    ලන්කාවෙ මෙහෙම දෙයක් තිබිල තියෙනව. මොකා මොන රටෙන් ආවත් අන්තිමට සින්හල වෙලා තමා නවතින්නෙ. ඒක ඇත්තටම අපි වගේ හැම ජාතියකම මිනිස්සු එන රටකට මාර වැදගත් දෙයක්. ඔක්කොම එකට එකතු කරල තියාගන්න.

    ලන්කාවෙ රජවරු ගොඩක් වෙලාවට ෆෙඩරල් කියල දැන් කියන මොඩල් එකෙන් තමා රට පාලනය කරල තියෙන්නෙ. ප්‍රාදේශීයව තමා බලය එකතු කරගන්නෙ. ගේම් ඔෆ් ත්‍රෝන් එකේ තිබ්බ කන්සෙප්ට් එකේ ලක්ෂණ තිබිල තියෙන්නෙ. රට නෝමල් වෙලාවට රජවරු ආගමික වැඩ වලට තමා මුල් තැන දීල තියෙන්නෙ. ආක්‍රමණයක් ආවොත් විතරයි යුද්ධ ගැන වද වෙලා තියෙන්නෙ. ඒක බුද්ධාගම නිසා වෙච්ච දෙයක් වෙන්න පුලුවන්.

    කොහොම උනත් ලන්කාවෙ පාලනය ඇතුලෙ තාම දුටුගැමුණු රජතුමාගෙ ප්ලෑනින් වැඩ කරනව. සින්හල බෞද්ධ කෙනෙක් අනිවාර්‍යෙන්ම ජනාධිපති වෙන්න ඕනි කියන එක වගේ කන්සෙප්ට් දුටුගැමුණු රජතුමාගෙන් තමා පැවතගෙන එන්නෙ. ඒක ඇත්තටම කාවන්තිස්ස රජතුමාගෙ ප්ලෑන් එකක්ද කියන එක ගැනත් සාධාරණ සැකයක් තියෙනව. ඒක අපේ මිනිස්සුන්ගෙ ලේවලට කාවැද්ච්ච කන්සෙප්ට් එකක්.
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93

    මට හිතෙන්නෙ ඕකෙ අනෙක් පැත්ත. අනුරාධපුරේ හිටපු මිනිස්සු සහ හාමුදුරුවන්ට රජුට වඩා බලයක් තිබ්බා.
    ඒනිසා රජවරුත් බෞද්ධ විම අනිවාර්යෙන් ඕන වුනා. එහෙම නැත්නම් පාලනය කරන්න බෑනෙ.
    රට ආක්‍රමණය කරපු දෙමල්ලු පවා බෞද්ධාආගමට වැඩිය එරෙහි වුනේ නැහැ. (එහෙම වුන අවස්තා තියෙන්නැති)
    ඒත් ආක්‍රමණය කරපු අයගේ මූලික අරමුණ ලංකාවෙ වරායේ තියෙන ආදායම ගන්න එක මිසක් ආගම පතුරවන්න වත්
    සුද්දන්ගෙ වගේ අධිරාජ්‍යයවාදී ප්‍රොජෙක්ට් එකක් (තමාගෙ මවුරටේ කර්මාන්ත වලට අවශ්‍යය අමුද්‍රව්‍යය සපයා ගන්න)
    වත් නෙමේ. මම නම් හිතන්නෙ මේ ආක්‍රමණ අනුරාධපුරෙ ඉන්න මිනිස්සුත් එච්චර ගණන් ගන්නෙ නැතුව ඇති.
    මොකා බදු ගැහුවත් මොකද අපි කලින් ජීවත් වුන විදිහටම ඉන්නවනෙ වගෙ ආකල්පයක්.
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842

    ඔව් අදටත් ඒ ගතියෙ හෙවනැලි තියනවා.ඇත්තටම අපි වැඩිය දේශ පාලකයෝ පස්සේ යන්නේ නෑ (යන ඉතා සුළු කොටසක් ඉන්නවා) වතුර නැතිනම් තියෙන තැනකට ගිහිල්ල ගේනවා.තමන් ඉන්නතැන් ලේසියෙන් මාරු කරන්නේ නෑ.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,279
    8,644
    113
    ත්‍රෙඩ් එකට නිකමට ඔලුව දැම්මේ.
    ඇත්තටම කිරියේ මෙවගේ කතිකාවතක් සාක්ශිත් එක්ක පැහැදිලි කරන්න දැනුමක් තියෙන පිරිසක් ඉන්න එක ගැන සතුටුයි.❤❤❤
    Great thread!:yes::yes:,changed my perceptions about this forum:lol:
    ඔව්. මටත් හිතුන කිරියෙ ගොඩක් දෑනුම තියෙන අය ඉන්නව කියලා. අපරාදෙ මන් මේ ප්‍රශ්න කලින් අහුවෙ නෑත්තෙ.

    තව ප්‍රශ්න කීපයක් තියෙනවා. එවත් ඉස්සරහට අහනවා.
    රට ආක්‍රමණය කරපු දෙමල්ලු පවා බෞද්ධාආගමට වැඩිය එරෙහි වුනේ නැහැ. (එහෙම වුන අවස්තා තියෙන්නැති)
    ඒත් ආක්‍රමණය කරපු අයගේ මූලික අරමුණ ලංකාවෙ වරායේ තියෙන ආදායම ගන්න එක මිසක් ආගම පතුරවන්න වත්
    සුද්දන්ගෙ වගේ අධිරාජ්‍යයවාදී ප්‍රොජෙක්ට් එකක් (තමාගෙ මවුරටේ කර්මාන්ත වලට අවශ්‍යය අමුද්‍රව්‍යය සපයා ගන්න)
    වත් නෙමේ.
    ඔව්. ලන්කාව හෑමදාම වගේ යටත් කරගෙන තියෙන්නේ, ලෝක සිතියමේ පිහිටීම නිසා. නෑත්නම්, අවශ්‍ය දෙවල්(කුලුබඩු, මුතු, අලි, තේ, පොල්, රබර්)සපයගන්න. ඒ නිසා, බෞද්ධ ආගමට ලොකු තර්ජනයක් එන්න නෑතිව ඈති.
    කොහොම උනත් ලන්කාවෙ පාලනය ඇතුලෙ තාම දුටුගැමුණු රජතුමාගෙ ප්ලෑනින් වැඩ කරනව. සින්හල බෞද්ධ කෙනෙක් අනිවාර්‍යෙන්ම ජනාධිපති වෙන්න ඕනි කියන එක වගේ කන්සෙප්ට් දුටුගැමුණු රජතුමාගෙන් තමා පැවතගෙන එන්නෙ. ඒක ඇත්තටම කාවන්තිස්ස රජතුමාගෙ ප්ලෑන් එකක්ද කියන එක ගැනත් සාධාරණ සැකයක් තියෙනව. ඒක අපේ මිනිස්සුන්ගෙ ලේවලට කාවැද්ච්ච කන්සෙප්ට් එකක්.

    මන් හිතන්නෙ, මේ concept එක එන්නෙ, බෞධ ආගමෙන්.

    මොකද;
    රජ වෙන්න ඔනෙ -> දන්ත ධාතූන් වහන්සෙ ආරක්ශා කරන කෙනෙක්
    එ කියන්නෙ බෞධයෙක්
    ඔක්කොම වගේ බෞධයො සින්හල(දමිල බෞධයො ගෙන සාධක තිබ්බට, ලොකු බලයක් තිබිලා නෑහෑ)

    ඒ නිසා ලන්කාවෙ, බෞධ නම් සින්හලයෙක් කියන concept එක කාවදිල තියෙනවා. . ඒ නිසා, ලන්කාවෙ ඒ කාලෙ හිටපු මිනිස්සු රජකම දීලම තියෙන්නෙ, සින්හලයෙක්ට.

    කොහොමත් මට මෙ ත්‍රේඩ් එක කියවද්දි හිතුන දෙයක් තමයි, ලන්කාවෙ රජවරු, එකල රාජ්‍ය පාලනය කියන්නෙ;

    • සතුරු උවදුරු වලට මුහුන දෙන්න ලොකු ආරක්ශිත නගර ගොඩනගපු එකක් නගපු එකක් නෙමෙයි.
    • යුද කටයුතු ගෑන ගොඩක් අවදානය දීපු එකක් නෙමෙයි.

    අනුරාධපුරය කියන්නෙ, බෞධ ආගමික + වෙලන්ද + කෘශිකාර්මික නගරයක් මිසක්, වෙන රටවල වගේ රජධානි සන්කල්පයෙන් හෑදුන එකක් නෙමෙයි.
    ------ Post added on Dec 12, 2021 at 9:26 PM
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    අනුරාධපුර යුගයේ රට තිබ්බේ සම්පූර්ණ බෞද්ධ දර්ශනය යටතේ. යුද්ධ කියන දේට මිනිස්සු ලැහැස්ති නැහැ. රජවරු තමුන්ගැන ලොකුවට බැංකුවේ නැහැ. ගොඩක් ගොඩනැගිලි මැටි වලින් හදලා හුණු පිරියම් කරලා තිබ්බේ. කටු ගල් පාවිච්චි වුනේ ගොඩක් අඩුවෙන්. කලාව බෞද්ධ ආරාම වලට තමා ලොකුවට පාවිච්චි වුනේ. ලංකාවේ කාලගුණය එක්ක ගොඩක් දේවල් ඉතුරු වෙන්නේ නැහැ බන්.
    අනුරාධපුර යුගයේ ප්‍රධාන නගරය වුනේ ඇතුළු නුවර. නුවර වැවට පහලින් තියන හරිය. අපි දැනට යන්නේ මහමෙව්නාව ට ඒක අවට තමා ප්‍රධාන පන්සල් තුන් හැදෙන්නේ. මැද ශ්‍රීමහා බෝධිය. ඇතුල් නුවර කැනීම් කරලා තියෙන්නේ බොහොම අඩුවෙන්. අනික ඒක අධි සංරක්ෂිත ප්‍රදේශයක්. සාමාන්‍ය කෙනෙක් ට යන්න බැහැ. මගේ හීනයක් තමා ඕක බලන්න යන එක දවසක්.
    රටේ නායකයා අනිවාර්යෙන්ම බෞද්ධ කියන දේ තිබුනේ සිංහළු අතර විතරයි. හැබයි බෞද්ධ නොවන ඕනේ කෙනෙකුට රට පාලනය කරන්න පුළුවන් කම තිබ්බා. හැබයි බෞද්ධ දර්ශනය එක්ක සෙල්ලං වලට යන හැමෝටම විරුද්ධව රටේ මිනිස්සු විරුද්ධ වුනා. ඒක හින්දා මැරෙන්න පරිස්සම් වෙන්න වුනා. අනික එළාර ඇරෙන්න අනුරාධපුර යුගයේ අන්තිම වෙනකම් කිසිම ආක්‍රමණිකයෙක් අවුරුදු දහයකට වඩා රට පාලනය කරන්නේ නැහැ. එළාර චෝල නොවේ කියලා කියනවා. ඒක එක හේතුවක් අනික එළාර හොඳ වෙලෙන්දෙක්.
    අනුරාධපුර කියන්නේ ප්‍රධාන වශයෙන් වෙළද නගරයක්. ඒක විදිහකට කිව්වොත් අනුරාධපුර තමා මුහුදු සේද මාවතේ බටහිර නැගෙනහිර යාකලේ. කොන්ස්තන්තිනෝපලය බිඳ වැටීමත් එක්ක ලංකාවේ ආර්ථික තත්වය පිරිහෙනවා. අර තිබ්බ ප්‍රධාන වෙළද මධ්‍යස්ථානය කියන දේ ඉන්දියාව අල්ල ගන්නවා. අනිත් දේ චීනය ජාත්‍යන්තර වෙළඳාමෙන් අහක් වීම. ඒක හින්දා නැගෙන හිර ආසියාව මුස්ලිම්වරුන්ට විවෘත්‍ර වෙනවා.
    සිංහල මිනිස්සු වෙනස් බන්. කවදාවත් සිංහල රජ වරු ස්ථිර හමුදාවක් නඩත්තු කලේ නැහැ. ගොඩක් වෙලාවට හැම සාමාන්‍ය කෙනෙක්ම අනිවාර්ය හමුදා පුහුණුවක් ලබන්න ඕනේ. හදිසි වෙලාවක හමුදාව විදිහට එන්න. අනික රජවරු පවා සාමාන්‍ය කෙනෙක් (ගොවිගම) විදිහට සැලකුවේ. ගොඩක් වෙලාවට යුද්ධයකදි සිංහල රජ වරු මුලින්ම කරලා තියෙන්නේ පසු බහින එක. මොකද අර හමුදාව එක පාර කැදවන්න බැහැ.
    දුටුගැමුණු තමා මේ රට පලවෙනි පාරට එක්සේසත් කරන්නේ. ඒ වෙනකොට ගැමුණු රජු ට ඔය ඔක්කොම ප්‍රධාන රජ පෙළපත එක්ක නෑදෑ නම් තිබ්බා. තාත්තාගේ පැත්තේ න් අනුරාධපුර රුහුණු දීඝවාපී අම්මා නාග කැලණි. අනික පලවෙනි පාරට වෘත්තීමය හමුදාවක් හදනවා කාවන්තිස්ස. හැබයි අවුරුදු පනහකින් ආපහු රට යටත් වෙනවා. ඒ අර හමුදාව ආපහු ගොවිතැනට ගිහින් හිටපු හින්දා.
    ලංකාවේ බලකොටු කවදාවත් තිබිලා නැහැ බන් කෝට්ටේ වෙනකම්. තිබ්බේ බලකොටු නගර දිය අගල් දෙකක් අඩි විස්සක් විතර පස්වලින් හදපු බැම්මක් වගේ ඔය කියන තැන්වල තිබිලා තියෙන්නේ. නඩත්තුවක් නැතිව යන කොට අර බැම්මෙන්ම දිය අගල් ටික ගොඩ වෙලා යන්න ඇති. සීගිරිය කවදාවත් බලකොටු නගරයක් වූනේ නැහැ. ඒක රාජකීය උද්‍යානයක්. කිසිම ආරක්ෂක ඉදිකිරීමක් නැහැ සීගිරියේ.
    මහා විහාර අභයගිරි ගැටුම ගැන කියනවා නම් ඒක තේරවාදී මහායාන වලට වඩා කාටද වැඩි රාජ්‍ය බලය හිමි වෙන්නේ වගේ ගැටුමක් තිබ්බේ. ලංකාවේ ඇතුලේ නියම මහායානය තිබ්බා කියන්න සාක්ෂි නැහැ. අභයගිරිය ගොඩක් වෙලාවට මහා විහාරයට වඩා ශ්‍රාස්ත්‍රීය වෙන්න ඇති. මහාවංසය කියන්නේ රටේ ඉතිහාසය නෙමේ. මහාවිහාරයේ ඉතිහාසය. දුටුගැමුණු ගැන පරිච්ඡේදයක් තියෙන්න හේතුව නැතිවෙලා තිබ්බ බලය නැවත මහා විහාරයට හම්බ වීමත් දුටුගැමුණු කියන චරිතේ මිනිස්සු අතර පුදුමාකාර විදියට පුරාවෘත්තයක් වෙලා තිබීමත් මම හිතන්නේ. අනික අභයගිරිය ඒ කලේ නොතිබ්බ එක හින්දා ගොඩක් ලිපි ලේඛන මහා විහාරයට තියෙන්න ඇති.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,279
    8,644
    113
    සීගිරිය කවදාවත් බලකොටු නගරයක් වූනේ නැහැ. ඒක රාජකීය උද්‍යානයක්. කිසිම ආරක්ෂක ඉදිකිරීමක් නැහැ සීගිරියේ.
    සීගිරියෙ දිය අගල් අදටත් තියෙනව නෙහ්.
     
    • Like
    Reactions: NRTG

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අපි දූපතක් නිසා ඕක වෙන්නේ. දූපත ඇතුලේ ලොකු පාබල හමුදා කීපයක් නෑ නේ ඒනිසා මුලදී ලංකාවේ එහෙම ලොකු බලකොටු හදාගෙන කරන්න තරම් යුද්ධ තිබ්බේ නෑ. යුද්ධ ආවම පොඩි පොඩි බලකොටු හැදුනා වගේම අපි ගොඩක් දුර්ග පාවිච්චි කරා, යාපහුව, දඹදෙනිය වගේම කෝට්ටේත් හොද දුර්ග තමයි. උඩත් කියල තිබ්බ වගේ කන්ද උඩරට කියන්නේ පාවා නොදුන්නා නම් අල්ලගන්න බැරි දුර්ගයක්.
     
    • Like
    Reactions: NRTG and SK29

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    1 ශ්‍රාස්ත්‍රීය යන්නෙහි තේරුම මොකක්ද? (ඔබ අදහස් කල දේ)
    2 දර්මය(සොබාදහමේ ජීවයේ පැවැත්ම) නිවැරදිව දන්නේ නම් කර්මය නිවැරදිව පැහැදිලි කල හැකියි.සක්කාය දිට්ටිය යනු කර්මය නොදන්නා කම කිවුවොත් කර්මයේ නියාය අවබෝද වූ පසු සක්කාය දිටිට්ය දුරුවිය යුතුයි.
    ශ්‍රස්ත්‍රීය කිව්වෙ ඉතිහාසය හදාරන, උගන්වන කවයන්වල ප්‍රසිද්ධ මතයක්ද ඕක කියන එක.

    දෙවනි එකටනම් මම එකඟ නැහැ. ත්‍රෙඩ් එක අවුට් ඔෆ් ටොපික් යන නිසා පලවෙනි එකට විතරක් පිලිතුරක් ලැබුනම ඇති (y)
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ශ්‍රස්ත්‍රීය කිව්වෙ ඉතිහාසය හදාරන, උගන්වන කවයන්වල ප්‍රසිද්ධ මතයක්ද ඕක කියන එක.

    දෙවනි එකටනම් මම එකඟ නැහැ. ත්‍රෙඩ් එක අවුට් ඔෆ් ටොපික් යන නිසා පලවෙනි එකට විතරක් පිලිතුරක් ලැබුනම ඇති (y)
    1 .ශාස්ත්‍රයක් යනු යම් නිශ්චිත පදනමක් ඇති දෙයක් යන්නයි. උදා හරණයට ගණිත ශාත්‍රය ගන්න.එකේ + - x / කියල මුලික පදනමක් තියනවා. එකතුකරන්න - සංකේතේ යෙදුවොත් වැරදියි. ඉතිහාස අද්‍යනය කරන්න එහෙම පදනම් ක්‍රම වේදයක් නෑ.කවුරු හරි ලියපු,කියපු දෙයක් දැනගන්නවා කියන්නේ කොහොමත් ශාස්ත්‍රීය නැති බව තේරෙනවනේ. එක නිසා තමා ඉතිහාසේ ගැන දැනගන්න කරුණු ඔප්පු කරන්න පුරා විද්‍යාව කියල ශාස්ත්‍රයක් තියෙන්නේ.මේකෙත් අඩුපාඩු ගොඩක් තියනවා.

    2.ඒත් එක්කම අභයගිරිය පරිහානියක් එක්ක "ධර්මය දැනගැනීමේ නිවැරදි මාවත වැහුනෙ" කොහොමද කියන එක පැහැදිලි උනෙත් නැහැ.
    ධර්මය කියල කියන්නේ මොකක්ද කියන එකවත් සමාජෙට නොදුන් නිසා දැන් ආගමක් විදියට බයට අදහනවා.බය තමයි මුළු සමාජය පුරාම පාලනයට වැදගත් කාරණය.මහාවිහාරයෙන් ලැබිච්ච දයාදේ ආගමික බය.
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    ඔව් ඒකාන්තව කියන්න බැහැ. එකඟයි.

    නමුත් බුදුදහම පශ්චාත්කාලීන දියුණුවකට ලක්කල හැකියි කියන එක මම විශ්වාස කරන්නෙ නැහැ. විශාල අධ්‍යනන කේන්ද්‍රයන් තුලින් ධර්මාවබෝධයට කෙසේවෙතත් ලෝකවර්ධනයට නම් හේතුවෙනවා කියලා අත්දැකීමෙන්ම දන්නවා. එවැනි අධ්‍යාපනික කේන්ද්‍රයන් ගැන බෞද්ධයන් ආඩම්බරයෙන් කතා කලාට මම බෞද්ධයෙක් විදිහට ඒවා ගැන කතා කරන්නෙ බුදුදහමෙ හර පද්දතියෙන් බැහැරව ගියපු අවස්ථා විදිහට. මහාවිහාරය වේවා අභයගිරිය වේවා සියල්ලටම ඒක අදාලයි. මේ නිසාමයි මම මුල් ප්‍රශ්න ඇහුවෙ. ස්තූතියි හුවමාරුවට.
     
    ඔබට මා කියූ දෙය වැටහිලා නෑ.විශ්වාසය මතයි කරුණු බාවිත කරන්නේ.කොහොම නමුත් මගේ කම්මැලිකම පොඩ්ඩකට හරි දුරු උනා.ඔබටත් ස්තුතියි.