ලන්කාවේ ගුවන් යානා නිපදවූ වෑඩ්ඩෙක්...

samee_1987

Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    ලන්කාවේ ගුවන් යානා නිපදවූ වෑඩ්ඩෙක්...

    1924 අගෝස්තු 24 වන දින උපත ලැබූ දේශමාන්‍ය විද්‍යාජෝති පිලිප් රෙවත විජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ සිටි ප්‍රකට විද්‍යාඥයෙකි. ඔහු විසින් මුල්වරට1955 දී අත් ට්‍රැක්ටරය සැලසුම් කරන ලද්දේ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ගොවීන්ගේ ප්‍රයොජනය සඳහායි. අවාසනාවට මෙන් එය ශ්‍රීී ලංකාවේ වාණිජව නිෂ්පාදනය කිරීමට කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් එංගලන්තයේ දී එය වාණිජ මට්ටමින් නිපදවා ලොව පුරා බෙදා හරිනු ලැබීය.

    ජපානය ප්‍රමුඛ වෙනත් රටවල එම රෝද දෙකේ ට්‍රැක්ටරය විවිධ මාදිලිවලින් සහ වෙළෙඳ නම්වලින් ඉන්පසුව නිපදවීම සිදුවිය. මේ සියලු සමාගම් එවකට බෝපිටියට පැමිණ ආචාර්ය රේ. ගෙන් මූලික දැනුම ලබා ගත්තේය.

    එයට අමතරව ආචාර්ය රේ. දක්ෂ ගුවන් නියමුවෙක් විය. මෙහිදී වඩාත් වැදගත් කරුණ වූයේ ඔහු සැහැල්ලු ගුවන් යානා හා හෙලිකොප්ටර් ඔහුගේ නිවෙසේ දී සිය අතින්ම නිපදවීමයි.

    ඒවායින් ඔහු දිවයින පුරා පියාසර කළ අතර, එහිදී සිදුවූ රසබර සිද්ධීන් රැසකි. එක් අවස්ථාවක රත්මලාන ගුවන් තොටුපළින් පියාසර කිරීම ඇරඹූ සැහැල්ලු ගුවන් යානය, දිවයිනේ වෙනත් ගුවන් තොටුපළකට ගොඩබස්වා නොමැති බවට වාර්තා වූ බැවින් සිවිල් ගුවන් සේවා අධිකාරිය පරීක්ෂණයක් කෙළේය.

    එය විහාරමහාදේවී උයනට ගොඩබස්වා තිබුණි. හේතුව ලෙස පැහැදිලි කැරුණේ ගුවන් නියමුවාට වැසිකිලි යාමට අවශ්‍ය වූ බැවින් ආචාර්ය රේ. විසින් එය ගොඩබස්සවන ලද බවයි. ඔහුගේ තර්කය වූයේ ඕනෑම ස්ථානයකින් ගුවන්ගත වීමටත්, ගොඩබැස්සවීමටත් හැකි සැහැල්ලු ගුවන් යානා නිපදවීම සිදු විය යුතු බවයි.

    වරෙක ඔහු ශ්‍රී ලංකාවේ සැහැල්ලු ගුවන්යානා නිපදවීමට රජයේ අවසරය ඉල්ලා සිටියේය. එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි දන්වා එය අත්හිටුවනු ලැබීය. ආචාර්ය රේ. ඒ පිළිබඳව කනගාටු විය. එබැවින් මෙරට ගුවන් යානා නිපදවීම සම්බන්ධයෙන් තිබූ වටිනා අවස්ථාවක් මඟ හැරී ගියේය.

    ආචාර්ය රේ.ගේ “සූටික්කා, කූරා” වැනි නම් වලින් යුතු වූ සැහැල්ලු ගුවන් යානා ඒ කාලයේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවලට යොදා ගනු ලැබීය. එකී ගුවන්යානා ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ගෙන දුන්නේය.

    නාරාහේන්පිට තිබී හමුවූ ලිහිණියා ගුවන් යානය රේ විජේවර්ධන මහතාගේ ගරාජයේ 1990 වර්ෂයේ නිෂ්පාදනය කරන ආකාරය
    AR10.jpg


    AR11.jpg


    නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව රේ විජේවර්ධන ලිහිණියා ගුවන් යානය සමග
    Innovation3.jpg


    නාරාහේන්පිට ගබඩාවක තිබී අද (13) දිනයේ හමුවූ ලිහිණියා ගුවන් යානය
    plane-www.nethfm.com-04.jpg


    plane-www.nethfm.com-05.jpg


    plane-www.nethfm.com-07.jpg


    ජේම්ස් බොන්ඩ් චිත්‍රපට වලට පවා ලබාදුන් සූටික්කා ගුවන් යානය
    AR1.jpg


    AR12.jpg


    AR17.jpg


    රේ විජේවර්ධන මහතා විසින් නිෂ්පාදනය කරන ලද වෙනත් ගුවන්යානා

    AR4.jpg


    AR5.jpg


    AR9.jpg


    AR13.jpg


    උපුටා ගෑනීමකි....
     
    • Like
    Reactions: Rex921

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    Godak adambarai ban mewa dakkama.
    Eth hithata pattama dukak enne e kale idala rate desha palanaya aran thiyana godak thirana diha dakkama
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    so this is what they showed on tv last night.. Yoshitha's right? :lol:
    come on UNP.. we expect better professional mud than this. :lol:
     
    Oct 30, 2014
    306
    9
    0
    නියම නිපැයුම් කරුවෙක්. මෙතුමාගේ නිපැයුම්වලට ඒ දවස්වල රාජ්‍ය අනුග්‍රහයක් දුන්නානම් අද ලංකාවට තාක්ෂණික පැත්තෙන් මිට වැඩිය දියුණුවක් ලබන්න තිබ්බ. ඔය හම්බෙච්ච ප්ලේන් එක ප්‍රදර්ශනය කරන්න ඕනේ ලංකාවේ විශ්විද්යලවලවත්. පුලුවන්නම් අර හෙලිකොප්ටරෙත් හොයාගෙන තරුණ කට්ටියට දේශීය නිපැයුමක අගය හිතට වැදෙන්න පෙන්නන්න ඕනේ.