ලන්කා ඊ නිවිස් කාරියාලයට ගිනි තෑබීම සහ සි&#350

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ලන්කා ඊ නිවිස් කාරියාලයට ගිනි තෑබීම සහ සි&#350

    නාඳුනන මැර පිරිසක් මාලඹේ, දහම් මාවතේ පිහිටි ලංකාඊනිව්ස් වෙබ් කාර්යාලයේ දොරගුළු කඩා දමා ඒ තුළට ඇතුල් වී එහි තිබූ ලිපි පරිගණක යන්ත‍්‍ර ඇතුළු කාර්යාල උපකරණ මෙන්ම ලිපි ගොනුවලට ගිනි තබා තිබේ. අනතුරුව එම පිරිස කාර්යාල ගොඩනැගිල්ලටද ගිනි තබා ඇත.

    මෙම ගිනි තැබීම සිදුව ඇත්තේ අද (31* අලූයම 2.00ට පමණය. ප‍්‍රදේශවාසීන් පැමිණ ගින්න නිවීමට කටයුතු කරන විටත් මුළු කාර්යාල ගොඩනැගිල්ලම දැවී අළුවී තිබි ඇත. මෙම ගිනි තැබීමට
    මොහොතකට පෙර එම වෙබ් අඩවියේ ප‍්‍රවෘත්ති කර්තෘ බෙන්ට් රූපසිංහ මහතාට දුරකථනයෙන් කතා කොට ඇති කිසියම් පුද්ගලයෙකු මරණීය තර්ජන සිදුකර තිබේ.

    මේ සම්බන්ධයෙන් අප තලංගම පොලීසියෙන් කළ විමසීමකදී එහි නිලධාරියෙකු ප‍්‍රකාශ කර සිටියේ මෙවැනි ගනි තැබීමක් සම්බන්ධයෙන් තමන්ට කිසිදු නිල පැමිණිල්ලක් ලැබී නැති බවයි. ‘ලංකා ඊ නිව්ස්’ කාර්යාලය පවත්වාගෙන ගිය නිවස ඇමරිකාවේ පදිංචි ශ‍්‍රී ලාංකිකයෙකුට අයත් නිවසක් බවද ඔහු සඳහන් කළේය.
    ජනාධිපතිවරයා හා ආණ්ඩුවත් දැඩි ලෙස විවේචනය කරමින් වංචා, ¥ෂණ හෙළිදරව් කළ මෙම වෙබ් අඩවිය පසුගිය කාලය තුළ දැඩි මර්දනයට ලක්වෙමින් තිබිණ. එහි සේවය කළ නිදහස් මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතා මීට වසරකට ඉහතදී පැහැර ගෙන යනු ලැබූ අතර, මරණීය තර්ජන හේතුවෙන් එම වෙබ් අඩවියේ ප‍්‍රධාන කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට රට හැර දා යාමට පවා සිදු විය. ආණ්ඩුවේ බලපෑම් මත රාජගිරියේ පිහිටි එම වෙබ් අඩවි කාර්යාලය මාලඹේ ප‍්‍රදේශයට ගෙන යෑමට මීට මාස කිහිපයකට ඉහතදී කටයුතු කර තිබිණි.
    ජනාධිපතිවරයාගේ ඇමෙරිකන් සංචාරය හා ඔහුගේ රෝගී තත්ත්වයන් පිළිබඳව වාර්තා කිරීමත්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ ප‍්‍රධාන අනුගාමිකයින් දෙදෙනෙකු වන පාතාල සාමජිකයන් වූ ‘කටා රොෂාන්ගේ සහ මෝචා’ගේ ඝාතනයන් පිළිබඳව සවිස්තරාත්මකව හෙළදරව්වක් සිදු කිරීමත් මෙම ගිනි තැබීමත් අතර සම්බන්ධයක් පැවතිය හැකි බව මේ සම්බන්ධයෙන් අප වෙත දැනුම් දුන් මාධ්‍යවේදියෙකු ප‍්‍රකාශ කළේය. ( lanka news web 2011/01/31 )

    ඉහත පුවත දුටු මොහොතෙ මට ලන්කාවෙ ජනමාදිය මර්දණය පිලිබදව වු භීතිය යලි සිතට නෑගුනි මෙ පුවත මුලින්ම ලන්කා ඊ නිවුස් වෙබ් අඩවියෙ කියවන විට එහිපලවු ජනතා අදහස් දුටු මම මවිත විමි සින්හල කොටි නම් සන්විදානයක් කියා සිටියෙ ජාතිදොහීන්ට මෙය කදිම පාඩමක් බවයි තවත් අයෙකු කියා සිටියෙ තොපිට හොද වෑඩෙ කියායි තමන්ගෙ රටෙ තමන්ට නිවරදි තොරතුරු වාර්තා කරන ජන මාදිය ආයතනයක් පාලක පන්තිය විසින් සාහසික අයුරින් විනාශ කිරීම ඉතා හොද දෙයක් ලෙසින් සිතන සින්හලයාට පමක් මෙ රට උරෑමයෑයි සිතා සිටින ජාතිවාදි සින්හල සමාජයට මෙය සතුටට කරෑනක් උනත් අපට නම් මෙය සාහසික අපරාදයකි

    ජනතාවගෙ තොරතුරු දෑනගෑනීමෙ අයිතිය යනු ප්‍රජාතාන්තීක රට මුලික මිනිස් අයිතිවාසිකමකි එය රෑක ගෑනීම ජනතාව සතු අයිතිවාසිකමකි ලන්කා ඊ නිවිස් පුවත් වෙබඩවිය දිගින් දිගටම ඒ අයිතිය වෙනුවෙන් පෙනීසිටියෙය මේ බියගුලු නින්දිත ප්‍රහාරය අප තරයෙ හෙලා දෑකිය යුතුය රටක් යනු පවුලක තනී බූදලයක් නොවන අතර රාජපක්ශ වරෑන්ට පමනක් මෙ රට පාලනය කරන්නට ඉඩ දී නිහඩව බලා සිටිමෙ දෙශපාලන නපුන්සක භාවය තව කොතරම් කලක් නම් ඉවසන්නද

    ලන්කාව සහ ටියුනීසියාව බොහෙ සෙයින් සමාන බව කිමට පුලුවන නමුත් එලවලු වෙලෙන්දෙකු ගිනිතියා ගෙන මල නිසා ජනතාව පරට බෑස රටෙ ජනාදිපතිට රට හෑර යන්නට ටියුනීසියාවෙදී සිදු උනත් මුලු රටම ගිනිබත් කලත් ජානාදිපති ඈතුලු රාජපක්ශ රෙජිමයට ආවඩන නිවට නියාලු ජාතියක් ලෙස අප දිවිගෙවන නිසා අපෙ රටෙ කවදාවත් ටියුනිසියාවෙ සිදුවූ දෙය සිදු නොවන බව සහතිකය අපෙ රටෙ ජනමාදිය වෙදීන් යෑයි කියා ගන්නා උදවියගෙ නපුන්සක ජනමාදිය භාවිතාව කෙතරම්ද යත් ලන්කාදීප පුවත්පතෙ කිවිදා දෑක්ම තුල ලියා තුබුනෙ මෙවෑනි නපුන්ශක කතවකි

    පිදෙල්ට හොද දෙ මහින්දට නරකද මෙහිදී මෙ ප්‍රවීන පිට කසන මාදිය වෙදියා කියා සිටින්නෙ පිදෙල්ට කියුබාව රාහුල්ට බාර දිය හෑකිනම් මහින්දට ලන්කාව බෑසිල්ට බාර දිය නොහෑක්කෙ මන්ද යන්නයි රාහුල් විප්ලවය මොහොතෙ කල කාරිය භාරය දෙවෑනි වන්නෙ චෙ ගුවෙරා ඉටුකල කාරිය භාරයට පමණි එත් මෙ රට වෙනුවෙන් බෑසිල් ඉටුකලෙ මොනවාද මෙවෑනි කොන්ද පනනෑති මාදිය වෙදීන් ලගදීම ලන්කා ඊ නිවිස් කාරියාලයට පහර දීම සම්බදයෙන්ද මෙවෑනි ගොන් කතාවක් කියා ආන්ඩුවෙ මඩ සොදන්නට උත්සහ කිරීම සිදු විය හෑකිය

    මහින්ද අබෙසුන්දර විමසම තුලින් බොරෑ තොගයක් ගොතා ආණ්ඩුවෙ මඩ සොදන්නට උත්සහා කරනු නුසෑකය ලන්කාවෙ මාදිය වෙදින් කියා දෑන් ඉතිරිව සිටින්නෙ මෙවෑනි නිවට නියාලු කෑනහිලුන් පිරිසක් පමනි ලසන්ත ගාතනය කර අවසන්ය ප්‍රගීත්ට සිදුවුන දෙයක් නෑත පොද්දල කකුල කඩා ගෙන පිටරටය ත්වත් බොහො අය ආගිය අතක් නොමෑත රාවය හෑරෙන්නට කියවන්නට පුවත් පතක් නෑත තොරතුරෑ දෑනගන්නට තිබුනු ඊ නිවිස් කාර්යාලය ගිනිතබා අවසන්ය ලන්කා නිවුස් වෙබ් අඩවිය ලන්කාව තුල තහනම්ය අපි සෑවොම දෑන් ඉතින් කුමක් කරමුද

    දෑන් අපිට ඈත්ත දෑන ගන්නට ලයිවි ඈට් 8 බලන්නට පුලුවන්ය අහින්සක මිනිස්සුන්ගෙ රත්තරන් දෙවියන්ගෙ නාමයෙන් සොරා ගන්නා ගාමීනී දෙව ගෑතියා වෑඩි පුර සුවර්නවාහිනියෙ පෙන්වන්නෙ ඔහු සුවර්නමහල් රත්තරන් හෑරෙන්නට වෙනකිසිවක් භාර නොගන්නා බව කියන නිසාය අපි අද පටන් හාල් මලු බෙදා මිනිසුන්ගෙ රත්තරන් හොරා ගන්නා දෙව හොරෑන් පෙන්වා තම රත්තරන් වෑඩිපුර විකුනාගන්න සුවර්නවාහිනියෙ ඈත්ත්බලා සතුටු වෙමු දෙමලුන් ගෑන කතා කරන තවත් ආයතන ගිනිතාබා විනාශකර මෙ සින්හල අපගෙ රටයි අප ඉපදෙන මෑරෙන රටයි සිතා සතුටින් ජීවත්වෙමු

    ඉන්ගීසීන් මෙරට යටපත් කරගන්නා විට මෙ රට පාලනය කලො දෙමලුන්ය (නායක්කාර වන්ශිකයන් )ඉදින් මීට වසර 63 කට පෙර මෙරටට නිදහස පිරිනමන විට සුද්දන් මෙරට දෙමලුන්ටම බාර දුන්නෙ නම් සින්හල ජාතිකයන් ලෙස මීට වඩා අභිමානයකින් යුතුව අපට ජීවත් වන්නට හෑකියාවක් ලෑබෙන්නට තිබුනි ජාතික අභිමනය ගොඩනගන්නට සුවර්නවාහිනියට ඉඩ දී ඊනිවුස් කාරියාලයට ගිනි තෑබීමෙන් සතුටු වෙමින් අවසානයෙ අපි ජාතික අභිමානය සමග ගුද රමනයෙ යෙදෙමින් සතුටු ගගෙ පීනාලා නාමු ජය සතුට බුදු සරනයි