ලන්දේසින් ගෙන ගිය කෞතුක වස්තු නැවතත් ශ්‍රී ලංකාවට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    tx6C76M.jpeg

    ලෙව්කේ දිසාව විසින් තෑගි කරන ලද්දක් ලෙස සැලකෙන ලෝකඩ කාලතුවක්කුවක් ද ආපසු ලබා දෙනු ඇත


    සියවස් කිහිපයකට පෙරාතුව ඔවුන්ගේ බලපරාක්‍රමය අනෙකුත් අසල්වාසී රටවලට වඩා වැඩිකරගනු වස් යාත්‍රාවල නැගී පෙරදිග, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව බලා යාත්‍රා කළ යුරෝපීයයන්, එම මහද්වීපවල බොහෝ රටවල් ගණනාවක් යටත් කරගැනීමට සමත් වූයේ ඔවුන් ඒ වන විට ළඟා කරගෙන තිබූ යම් යම් තාක්ෂණික දැනුම ද උපයෝගී කරගෙන ය.

    එම රටවල් යටත් විජිතයන් බවට පත් කරගත් ඔවුහු ඒවායෙන් ඔවුන්ගේ මවුරටවලට ධනය රැගෙන ගියා පමණක් නොව, බොහෝ රටවල්වල සංස්කෘතිය හා දැඩිව බැඳී පැවති වටිනා භාණ්ඩ, පුස්තකයන් මෙන් ම ඇතැම් විට ශුද්ධ වස්තූන් ද රැගෙන ගිය හ.

    යටත් විජිතවාදය අවසන් වී සියවසකට ආසන්න කාලයක් ගත වී ඇතිමුත් තවමත් එකල යටත්විජිතවලට අයත් වස්තූන් යුරෝපීය රටවල කෞතුකාගාරයන්හි ප්‍රදර්ශන භාණ්ඩ වශයෙන් තබා තිබේ.

    භාණ්ඩ ලබාදෙන්නේ පළමු වරටයි.
    නෙදර්ලන්තයේ රිජික්ස් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර තිබෙන රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිමකරන ලද කොපුව සහිත කස්තානයක්, රනින් නිමකළ පිහියක්, මහ තුවක්කු දෙකක් සහ ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබුණායැ යි සැලකෙන කාලතුවක්කුවක් යන කෞතුක භාණ්ඩ හය මහනුවර රාජධානි සමයට අයත් වූ ඒවා බව හෙළිදරව් වී ඇති අතර, වර්ෂ 1765 දී ලන්දේසීන් විසින් මහනුවර රජ මාලිගාව වටලන ලද අවස්ථාවේ දී ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙනගොස් ඇති බවද තහවුරු වී තිබේ.

    Netherlands returning looted Lankan artefacts


    සිදු කළ පර්යේෂණ සොයාගැනීම්වලට අනුව මෙම කස්තාන දෙක රාජකීය වැඩපලෙහි නිර්මාණය කළ ඒවා ය. මනරම් ලෙස කැටයම් කළ පිහිය ද 18 වැනි ශත වර්ෂයේ කන්ද උඩරට ශිල්පීන්ගේ දක්ෂතාවන් මනාව පෙන්නුම් කරන අතර, එය උඩරට රාජකීය ඇඳුම් පැළඳුම්වල එක් අංගයක් ද වන බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.
    මහනුවර යුගයට අයත් මහ තුවක්කු දෙක ද මනා ලෙස කැටයම් කළ ඒවා බවත්, මේවා ශ්‍රී ලාංකේය තුවක්කු තාක්ෂණය පිළිබිඹු කරන අද්විතීය නිර්මාණ බවත්, කිලෝග්‍රෑම් 28ක් බැගින් යුක්ත වූ මෙම මහ තුවක්කු දෙක උඩරට රජුගේ බලඇණි විසින් භාවිතා කළ ජංගම බර අවි පිළිබඳ කදිම සාක්ෂි සපයන බවත් එහි සඳහන් ය.
    රිදී, රත්‍රන් සහ මැණික්වලින් අලංකාර කරන ලද, ලෙව්කේ දිසාවගේයැ යි සැලකෙන කාල තුවක්කුව ද සුවිශේෂී කෞතුක භාණ්ඩයක් වන අතර, ලියවැල්, කල්ප වෘක්ෂය, නාරිලතා වැනි උඩරට මෝස්තරවලින් අලංකෘත ඒවා ලෙව්කේ දිසාව විසින් තෑගි කරන ලද්දක් බවට සටහනකින් ද සමන්විත බව ද මාධ්‍ය නිවේදනයේ සඳහන් ය.

    ඉහත භාණ්ඩ නැවත ශ්‍රී ලංකාවට භාර දෙන බවට 2023 ජුලි මස 06 වැනි දින ගැසට් නිවේදනයක් මඟින් නෙදර්ලන්තය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.


    E1mgPV6.jpeg

    භාණ්ඩ නැවත ශ්‍රී ලංකාවට ලබා දීම පිළිබඳ ගිවිසුම් දෙකක් ශ්‍රී ලංකාවේ බුදධ ශාසන හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක සහ නෙදර්ලන්තයේ සංස්කෘතික හා මාධ්‍ය පිළිබඳ රාජ්‍ය ලේකම් ගුනායි උස්ලු අතර, අගෝස්තු 28 කොළඹ දී අත්සන් කෙරුණි.

    භාණ්ඩ නැවත ශ්‍රී ලංකාවට ලබා දීම පිළිබඳ ගිවිසුම් දෙකක් අත්සන් කෙරේ​

    ඒ අනුව එම භාණ්ඩ නැවත ශ්‍රී ලංකාවට ලබා දීම පිළිබඳ ගිවිසුම් දෙකක් ශ්‍රී ලංකාවේ බුදධ ශාසන හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක සහ නෙදර්ලන්තයේ සංස්කෘතික හා මාධ්‍ය පිළිබඳ රාජ්‍ය ලේකම් ගුනායි උස්ලු අතර, අගෝස්තු 28 කොළඹ දී අත්සන් කෙරුණි.
    ඒ සඳහා දෙරටේ තානාපතිවරුන් සහ එම විෂය ක්ෂේත්‍රයට අදාළ නිලධාරීහු පිරිසක් සම්බන්ධ වී සිටියහ. ගිවිසුම් ප්‍රකාරව ඉදිරියේ දී කෞතුක භාණ්ඩ රැගෙන එන දිනයක් තීරණය කෙරෙනු ඇත.

    ගිවිසුම් අත්සන් තැබීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ විදුර වික්‍රමනායක අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටි බටහිර ජාතීන් අතරින් අඩුම හානියක් සිදු කළේ ලන්දේසින් බව යි. එමෙන් ම කෞතුක භාණ්ඩ නැවත ලබාදීම සම්බන්ධයෙන් ඔහු නෙදර්ලන්ත රජයට ස්තූති කළේ ය.

    "මම විශේෂයෙන් ම යටත් විජිත සන්දර්භයක් සහිත සංස්කෘතික භාණ්ඩ නැවත ලබාදීම පිළිබඳ ලන්දේසි උපදේශක කමිටුවට (The Dutch Advisory Committee on Returning of Cultural Objects from Colonial context) ස්තූතිවන්ත වෙනවා. ඔබ මේ සඳහා කොළ එළියක් ඉක්මනින්ම ලබා දුන්නේ නැතිනම් තවමත් අපට ඒවා ගෙන්වා ගන්න හැකි වෙන්නේ නෑ," හෙතෙම කියා සිටියේය.

    එමෙන් ම අමාත්‍යවරයා පැවසුවේ මෙම අවස්ථාව අනෙකුත් රටවල්වල ද දෑස් විවරකිරීමක් බවයි.

    "මේ සිදුවීම තවත් රටවල්වල කෞතුක භාණ්ඩවල හිමිකාරීත්වය තිබෙන රටවල්වල දෑස් විවර කිරීමක්. ඒ රටවල් විසින් කාලයකට කලින් අරගෙන ගිය දේවල් නැවත ඒවා අයිති රටවල්වලට භාර දීමට කාලය ඇවිත්." බුදධ ශාසන හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක කියා සිටියේය.

    ගුනායි උස්ලු රාජ්‍ය ලේකම්වරිය ද එලෙස භාණ්ඩ නැවත හිමිකාරීත්වය ඇති රටවලට භාරදීමට හැකි වීම සතුටට කරුණක් බව පැවසුවා ය.

    "අපේ රටවල්වලට පොදු ඉතිහාසයක් තිබෙනවා. මේ භාණ්ඩ පිළිබඳ නෙදර්ලන්ත හා ශ්‍රී ලාංකික විශේෂඥ කණ්ඩායම් එකතු වී කළ පරීක්ෂණ වලින් අපට දැනුම, දැක්ම වගේ දේවල් හුවමාරු කරගන්න හැකි වුණා වගේ ම ඉතිහාසයත් බෙදාගන්න හැකිවුණා," ඇය වැඩි දුරටත් සදහන් කළාය.

    මෙවැනි කෞතුක භාණ්ඩ ප්‍රතිස්ථාපනය කිරීමේ කටයුතු වඩා පහසු කරනු පිණිස ශ්‍රී ලාංකික උපදේශක කමිටුවක් ද මේ වනවිට අමාත්‍ය මණ්ඩල තීරණයක් මත පත්කර තිබේ.

    BBC
     

    Sen-lu

    Well-known member
  • රිදී, රත්‍රන් සහ මැණික්වලින් අලංකාර කරන ලද, ලෙව්කේ දිසාවගේයැ යි සැලකෙන කාල තුවක්කුව ද සුවිශේෂී කෞතුක භාණ්ඩයක් වන අතර,
    🤑
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අම්මට සිරි දැන් හරි! ඔන්න දැන් අපි දියුණු වෙනවා දියුණුවිල්ලක් සුද්දන්ට හික් ගෑවෙන්න. ඔව්ව නැතුවනේ මේ අපිට දියුණු වෙන්න බැරි වෙලා තිබ්බේ රෙද්ද!
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,133
    113
    Dubai
    මෙහෙම කැටයම් වැඩ දාලා කඩු, පිහි, තුවක්කු හදපු ජාතියක් ශිෂ්ඨ කරන්න තමයි සුද්දා ආවේ :lol::lol::rofl::rofl:
    බලපන් ඒ කාලේ අපේ මිනිස්සුන්ගේ වැඩ? මෙහෙම ජාතියක්නේ අන්තිමේදී අද ත්‍රීවිල් ඩ්‍රැයිවල්ලා ටික් ටොක් ස්ටාර්ස්ලා වෙලා තියෙන්නේ.
    අනික හොඳම බඩු ටික උන් ගාව තියාගෙන ඇති ලොවෙත්