ලප හීනේ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඊයෙ රෑ නිව්ස් බලල නිදාගන්න ගියේ, රටට තුන්වෙනි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලැබීම ගැන සතුටු සිතිං. කොහෙ නිදාගන්න ද, ඈතින් ඇහෙනව අනුරගෙ කටහඬ,

    "දැං බලන්න මිට්ට්‍රරුනි, මේ තකහනියෙ චංදයක් කටේ තියාගෙන ඕං ඕපන් කරා එයාපෝට් එකක්. එයාපෝට් එකක් කිව්වට තියෙන්නෙ හද්ද ඩොටේ. එක රනවේ එකයි, ඒකත් බාගෙට. ඒකට එන්නත් පුළුවන් හුළංපෙති දෙකේ චුට්ටං ආසියන්තරා විතරයි.

    ඕක හැදුවෙ නාමල් බේබිලට යාළු රොත්ත පිරිවරාගෙන දෙමළ- හිංදි පිච්චර් බලන්න යන්න. ඒක තමයි සීට් හැත්තෑවෙ ආසියන්තරා විතරක් යන්න පුළුවන් වෙන්න හැදුවෙ.
    ජනතාවගෙ බදු සල්ලි පාවිච්චි කරන්නෙ මේ වගේ එක පවුලක සැප වෙනුවෙන්නම්, මොන වගේ රටකද අපි ජීවත් වෙන්නෙ ? අපි පවු නැද්ද .,

    චන්දෙ කටේ තියං, හරියට පාරවත් හදන්නෙ නැතුව ඕක ඕපන් කලේ මොකද දන්නවද? තනිකර මිනිස්සු රවට්ටල චන්දෙ ගන්න, චන්ද ගුණ්ඩු. ඊයා, නැද්ද හා..."

    ඇහැඇරිල වතුර එකක් බීල, මගේ කනටම එකක් ගහගෙන මතක් කරල දුන්න, මේ එයාපෝට් එක ඕපන් කලේ මයින්ද නෙවේ යකෝ කියල.

    Ruwan Wijemanne​

    72490482_2454253128164221_6656087676774514688_n.png