ලබන 15 සිට තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි..🛑✅

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,492
    47,609
    113
    image


    තායිලන්තයට ඇතුළුවීමේදී ශ්‍රී ලාංකිකයින්ට මීට පෙර හිමිව තිබූ වීසා රහිතව ඇතුළුවීමේ පහසුකම අහෝසි කිරීමට තායිලන්ත තානාපති කාර්යාලය තීරණය කර තිබේ.

    ඒ අනුව සැප්තැම්බර් 15 වනදායින් පසුව තායිලන්තය බලා පිටත්වීමට බලාපොරොත්තු වන සියලුම ශ්‍රී ලාංකිකයන් ගමන ආරම්භ කිරීමට පෙර අනිවාර්යයෙන්ම වීසා බලපත්‍රයක් ලබාගත යුතුවේ.

    මෙම සියලු වීසා අයදුම්පත් තායිලන්තයේ නිල e-Visa පද්ධතිය හරහා අන්තර්ජාලය ඔස්සේ පමණක් යොමුකළ යුතු අතර, තානාපති කාර්යාලයට පැමිණ අයදුම්පත් භාරදීම සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇත.

    අවශ්‍ය සියලු ලේඛන නිවැරදිව සපයා ඇති සංචාරක වීසා අයදුම්පතක් ක්‍රියාවලියට භාජනය කිරීම සඳහා දින 3 - 7 දක්වා කාලයක් ගතවන අතර, සංක්‍රමණික නොවන වීසා සහ DTV වැනි අනෙකුත් වීසා කාණ්ඩ සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ හෝ මාලදිවයිනේ පදිංචි විදේශිකයන්ගේ අයදුම්පත් සඳහා ඊට වඩා වැඩි කාලයක් ගතවිය හැකි බවද සඳහන්.

    එමෙන්ම අවශ්‍යතාව අනුව අමතර ලේඛන ඉල්ලා සිටීමට හෝ අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවීමට තානාපති කාර්යාලයට පූර්ණ බලතල පවතී.

    එබැවින් තායිලන්තයේ සංචාරය කිරීමට සැලසුම් කරන සියලුදෙනා e-Visa සඳහා අයදුම් කිරීමට පියවර ගන්නා ලෙසත්, නවතම තොරතුරු දැනගැනීම සඳහා තානාපති කාර්යාලයේ නිල පණිවුඩ හුවමාරු මාධ්‍ය පමණක් භාවිතා කරන ලෙසත් තානාපති කාර්යාලය වැඩිදුරටත් ඉල්ලා සිටී.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,362
    9,147
    113
    Around the world
    ලංකාවේ මේ වගේ ගොබ්බ විදේශ ඇමතියෝ ඉන්න කොට මේ වගේ සහන තමයි ලැබෙන්නේ
     
    • Sad
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,445
    6,251
    113
    වේසිගෙ නිරාගමික ජෙපි වේසිගෙ පුතාල නිසා තමයි මෙහෙම උනේ. තායිලන්තේ දන්නව මුන් බෞද්ධ ධර්මය කෙළසන්න හදනව කියල. එකයි මේ කෙනෙහිලි කම්.