ලබ්බට තැබූ අත පුහුලටත්
සුගිය වකවානුවේ ශ්‍රී ලංකාවට අවමන් කරමින් ව්‍යාජ යුධ අපරාධ චෝදනා එල්ල කරමින් ව්‍යාජ වීඩියෝ පට කිහිපයක්ම නිර්මාණය කල බ්‍රිතාන්‍ය චැනල්4 නාලිකාව නවතම වීඩියෝ පටයක් හරහා ඉන්දියාවට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල කර ඇතැයි වාර්ථා වේ. “Kashmir’s torture trail” නමින් විකාශනය කර ඇති පැයක කාලයක් පුරා දිවෙන මෙම වීඩියෝව හරහා ජම්මු කාෂ්මීර් අරගලයේදී ඉන්දියාව සිදු කල යුධ අපරාධ සහ කෲර හිංසා පැමිණවීම් පිළිබඳ චෝදනා කර තිබේ.මීට සමගාමීව බ්‍රිතාන්‍ය ගාර්ඩියන් පුවත්පතද යුධ අපරාධ සම්බන්ධයෙන් සහ කෲර වධ හිංසා පැමිණවීමට ඉන්දියන් හමුදා වගකිවයුතු බවට චෝදනා නගා තිබේ.
බෙදුම්වාදීන් සමග ඉන්දීය හමුදා පසුගිය දශක පහක් පමන තිස්සේ සටන් වදින අතර 1980 න් පසු පකිස්තානු හිතවාදී කාෂ්මීර් තරුණයන් දහස් ගනනක් කෲර ලෙස ඝාතනය කිරීමට ඉන්දියාව වරදකරුවන් යැයි චැනල් ෆෝ චෝදනා කරයි.සමහර වාර්ථා අනුව තරුණයන් 50,000 ක් පමණ මෙලෙස ඝාතනය කර ඇතැයි පැවසේ.මෑතකදී ලෝක අවධානය සිරියාව සහ යුරෝපා ආර්ථික අවපාතය යන කරුණු කෙරෙහි යොමු වී ඇති බැවින් කාෂ්මීර ව්‍යසනය යටපත් වී ඇතැයි චැනල් ෆෝ චෝදනා කරයි.
භටයන් 10,000 කින් යුතු වූ මුස්ලිම් ජන්බාස් බලකායේ අණදෙන නිළධාරියෙකු ලෙස කටයුතු කල ඛදීර් ඩාර් විසින් මෙම“Kashmir’s torture trail “ වීඩියෝව හරහා ඉන්දීය අතඩංගුවට පත් වූ සතුරු සොල්දාදුවන්ට කෲර ලෙස වධ හිංසා පැමිණවූ බවට විස්තර සපයා ඇතැයි වාර්ථා වේ. ඔහු මේ වන විට ‘ජනතා අයිතීන් පිලිබඳ ව්‍යාපාරය’(People’s Right Movement)නැමති සංවිධානයේ සභාපතීත්වය දරයි.
ශ්‍රී ලංකාවට අවමන් කරමින් එල්ල වූ ව්‍යාජ යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් ප්රමුඛ කාර්යක් ඉටු කලේද මෙම චැනල් 4නාලිකාවයි. චැනල් ෆෝ එල්ල කල යුධ අපරාධ චෝදනා පිලිබඳ විමර්ශනයක් අරම්භ කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාව බලපෑම් කල අතර පසුගිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී මෙය තීරක කාරණයක් විය.එහිදී ඉන්දියාවද ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වෙමින් බටහිරයන් ගෙනා යෝජනාවට පක්ෂව ක්‍රියා කල අතර ශ්‍රී ලංකාව එහිදී පරාජයට පත් විය.

Last edited: